FeaturesLászló Krasznahorkai ලෝක සාහිත්‍යයේ හංගේරියානු ළකුණ

László Krasznahorkai ලෝක සාහිත්‍යයේ හංගේරියානු ළකුණ

-

spot_img

László Krasznahorkai යනු 2025 වසරේ සාහිත්‍යය සඳහා වන නොබෙල් ත්‍යාගය දිනාගත් හංගේරියානු ලේඛකයා ය. ඛේදවාචකය හමුවේ වුව කලාවේ බලය නැවත තහවුරු කිරීමට සමත් ඔහුගේ ලිවීම් උදෙසා මෙය පිරිනැමුන අතර ඔහු හැඳින්වෙන්නේ වඩාත්ම දූර්දර්ශී අදහස් සහිත ගෞරවනීය ලේඛකයෙක් ලෙසින්. 

László Krasznahorkai

ඔහු උපත ලබන්නේ 1954 ජනවාරි 5 වැනිදා හංගේරියාවේ ගියුලා හිදී. සෙජෙඩ් හි ජොසෙෆ් ඇටිලා විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු ඉන්පසුව බුඩාපෙස්ට් හි ඊට්වෝස් ලොරාන්ඩ් විශ්ව විද්‍යාලයෙන් හංගේරියානු භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ අධ්‍යයන කටයුතු සිදුකළා. ඔහුගේ සාහිත්‍යය ජීවිතය සඳහා අඩිතාලම එයයි. 1985 ඔහුගේ ප්‍රථම නවකතාව Satantango ප්‍රකාශයට පත් වුණා. පූර්ව කොමියුනිස්ට් සමයේ අබලන් වූ සාමූහික ගොවිපලක ජීවිතය පිළිබඳව කතාව රැගත් නවකතාව විචාරක පැසසුමට ලක් වූ අතර අධ්‍යක්ෂ බෙලා ටාර් විසින් එම කතාව ඇසුරෙන් චිත්‍රපටයක් නිමවූවා. ඉන්පසුව බෙලා ටාර් Krasznahorkai ගේ කෘති කිහිපයක්ම සිනමාවට රැගෙන ආවා. The Melancholy of Resistance (1989), War and War (1999) සහ Seiobo There Below (2008) කෘති යුද්ධයේ බිහිසුණුබව සහ ඒ තුළින් සිදුවන සමාජ පරිහානිය වැනි තේමාවන් ගවේෂණය කළා.

László Krasznahorkai

දිගු, සංකීර්ණ වාක්‍ය සහ විස්තර කිරීම්වලින් යුතු Krasznahorkai ගේ ලේඛන විලාශය හේතුවෙන් ඇතැමුන් ඔහුව ෆ්‍රාන්ස් කෆ්කා, බර්න්හාර්ඩ් වැනි සාහිත්‍ය ලෝකයේ දැවැන්තයන් සමඟ සංසන්දනය කළා. ඔහු ලද ඇගයීම් බොහොමයි. ලෝක සාහිත්‍යය උදෙසා ලබා දුන් සුවිශේෂී දායකත්වය වෙනුවෙන් 2015 වසරේ ඔහුට Man Booker සම්මානය හිමිවුණා. ඔහුගේ Seiobo There Below නවකතාව 2014 දී හොඳම පරිවර්තනය සඳහාත්, 2019 වසරේ දී Baron Wenckheim ගේ Homecoming කෘතිය පරිවර්තන සාහිත්‍ය සඳහා ජාතික පොත් සම්මානයත් ලබා ගත්තා. The Last Wolf – 1989, Chasing Homer – 2002 ඔහුගේ කෘති අතරින් කිහිපයක්.

 

Krsznahorkai හුදකලා ජීවන රටාවක් ගෙවන ලේඛකයෙක් බව පැවසෙනවා. ඔහු කලාතුරකින් සම්මුඛ සාකච්ඡා ලබා දෙන, ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් වළකින ලේඛකයෙක්. ඔහුගේ මෙම නිහඬ පෞරුෂය ද අපූර්ව එකක්. නොබෙල් ත්‍යාගය හිමිවීමෙන් පසු අදහස් දැක්වූ Krasznahorkai පවසා සිටියේ “පොත් කියවීම ඉතා දුෂ්කර කාලවලදී පවා දිවි ගලවා ගැනීමට බලය ලබා දෙන” බවයි.

László Krasznahorkai

ඔහුගේ ලිවීම් මිනිසුන් මුහුණපාන අර්බුද සහ ඒ හේතුවෙන් පැවැත්ම උදෙසා ඇතිව තිබෙන දුෂ්කරතා පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙනවා. ඒවායේ ඇති අරුත්බර බව László Krasznahorkai සමකාලීන සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතමයෙකු බවට පත් කළා. ලේඛකයකුගේ කාර්යභාරය විය යුත්තේ සත්‍යය සහ යහපත සමාජගත කිරීම නොවේද..?

Latest news

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...
- Advertisement -spot_img

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

අපි හැමෝම ඇතුලෙ තාම පොඩි ළමයෙක් ජීවත් වෙනව

අපි හැමෝම ඇතුලෙ පොඩි ළමයෙක් ජීවත් වෙනව - Chinna Chinna Aasai පුංචි කාලෙ අපි හිතනව ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you