More
    FeaturesLászló Krasznahorkai ලෝක සාහිත්‍යයේ හංගේරියානු ළකුණ

    László Krasznahorkai ලෝක සාහිත්‍යයේ හංගේරියානු ළකුණ

    -

    spot_img

    László Krasznahorkai යනු 2025 වසරේ සාහිත්‍යය සඳහා වන නොබෙල් ත්‍යාගය දිනාගත් හංගේරියානු ලේඛකයා ය. ඛේදවාචකය හමුවේ වුව කලාවේ බලය නැවත තහවුරු කිරීමට සමත් ඔහුගේ ලිවීම් උදෙසා මෙය පිරිනැමුන අතර ඔහු හැඳින්වෙන්නේ වඩාත්ම දූර්දර්ශී අදහස් සහිත ගෞරවනීය ලේඛකයෙක් ලෙසින්. 

    László Krasznahorkai

    ඔහු උපත ලබන්නේ 1954 ජනවාරි 5 වැනිදා හංගේරියාවේ ගියුලා හිදී. සෙජෙඩ් හි ජොසෙෆ් ඇටිලා විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු ඉන්පසුව බුඩාපෙස්ට් හි ඊට්වෝස් ලොරාන්ඩ් විශ්ව විද්‍යාලයෙන් හංගේරියානු භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ අධ්‍යයන කටයුතු සිදුකළා. ඔහුගේ සාහිත්‍යය ජීවිතය සඳහා අඩිතාලම එයයි. 1985 ඔහුගේ ප්‍රථම නවකතාව Satantango ප්‍රකාශයට පත් වුණා. පූර්ව කොමියුනිස්ට් සමයේ අබලන් වූ සාමූහික ගොවිපලක ජීවිතය පිළිබඳව කතාව රැගත් නවකතාව විචාරක පැසසුමට ලක් වූ අතර අධ්‍යක්ෂ බෙලා ටාර් විසින් එම කතාව ඇසුරෙන් චිත්‍රපටයක් නිමවූවා. ඉන්පසුව බෙලා ටාර් Krasznahorkai ගේ කෘති කිහිපයක්ම සිනමාවට රැගෙන ආවා. The Melancholy of Resistance (1989), War and War (1999) සහ Seiobo There Below (2008) කෘති යුද්ධයේ බිහිසුණුබව සහ ඒ තුළින් සිදුවන සමාජ පරිහානිය වැනි තේමාවන් ගවේෂණය කළා.

    László Krasznahorkai

    දිගු, සංකීර්ණ වාක්‍ය සහ විස්තර කිරීම්වලින් යුතු Krasznahorkai ගේ ලේඛන විලාශය හේතුවෙන් ඇතැමුන් ඔහුව ෆ්‍රාන්ස් කෆ්කා, බර්න්හාර්ඩ් වැනි සාහිත්‍ය ලෝකයේ දැවැන්තයන් සමඟ සංසන්දනය කළා. ඔහු ලද ඇගයීම් බොහොමයි. ලෝක සාහිත්‍යය උදෙසා ලබා දුන් සුවිශේෂී දායකත්වය වෙනුවෙන් 2015 වසරේ ඔහුට Man Booker සම්මානය හිමිවුණා. ඔහුගේ Seiobo There Below නවකතාව 2014 දී හොඳම පරිවර්තනය සඳහාත්, 2019 වසරේ දී Baron Wenckheim ගේ Homecoming කෘතිය පරිවර්තන සාහිත්‍ය සඳහා ජාතික පොත් සම්මානයත් ලබා ගත්තා. The Last Wolf – 1989, Chasing Homer – 2002 ඔහුගේ කෘති අතරින් කිහිපයක්.

     

    Krsznahorkai හුදකලා ජීවන රටාවක් ගෙවන ලේඛකයෙක් බව පැවසෙනවා. ඔහු කලාතුරකින් සම්මුඛ සාකච්ඡා ලබා දෙන, ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් වළකින ලේඛකයෙක්. ඔහුගේ මෙම නිහඬ පෞරුෂය ද අපූර්ව එකක්. නොබෙල් ත්‍යාගය හිමිවීමෙන් පසු අදහස් දැක්වූ Krasznahorkai පවසා සිටියේ “පොත් කියවීම ඉතා දුෂ්කර කාලවලදී පවා දිවි ගලවා ගැනීමට බලය ලබා දෙන” බවයි.

    László Krasznahorkai

    ඔහුගේ ලිවීම් මිනිසුන් මුහුණපාන අර්බුද සහ ඒ හේතුවෙන් පැවැත්ම උදෙසා ඇතිව තිබෙන දුෂ්කරතා පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙනවා. ඒවායේ ඇති අරුත්බර බව László Krasznahorkai සමකාලීන සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතමයෙකු බවට පත් කළා. ලේඛකයකුගේ කාර්යභාරය විය යුත්තේ සත්‍යය සහ යහපත සමාජගත කිරීම නොවේද..?

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    නිදි යාහනේදී අවසන් ගමන් ගිය දඹුල්ලේ සිසුවිය

    දඹුල්ල ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි මෙවර උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක් හදිසියේම අද...

    කොළඹ බාලදක්ෂ කැම්පෝරිය (Scout Camp) විහාරමහාදේවි උද්‍යානයේදී

    කොළඹ බාලදක්ෂ ජම්බෝරිය විහාරමහාදේවි උද්‍යානයේදී ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කොළඹ දිසාව විසින් සංවිධානය කරනු ලබන 60 වැනි කොළඹ කැම්පෝරිය (බාලදක්ෂ...

    ඉන්දියාවේ ඉන්න ලාංකික දෙමළ සරණාගතයින්ට පුරවැසිභාවය දෙන්න

    දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන, ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයින්ට සම්පූර්ණ පුරවැසිභාවය හා ඡන්ද අයිතිය ලබා දෙන...

    මෙක්සිකෝ ජනපතිනිය ලිංගික හිංසනයට ලක්වෙයි

    මෙක්සිකෝවේ ජනාධිපතිනිය වන ක්ලෝඩියා ෂේන්බවුම් (Claudia Sheinbaum), මෙක්සිකෝ නගරයේ ජනාධිපති මන්දිරය අසලදී ආධාරකරුවන්ට ආචාර කරමින් සිටියදී ලිංගික හිංසනයකට ලක්වීමෙන්...
    - Advertisement -spot_img

    ඉන්දියාවේ ඉන්න ලාංකික දෙමළ සරණාගතයින්ට පුරවැසිභාවය දෙන්න

    දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන, ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයින්ට සම්පූර්ණ පුරවැසිභාවය හා ඡන්ද අයිතිය ලබා දෙන...

    ඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම

    ඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම - Chetan Bhagat ඉන්දියානු සාහිත්‍යයට වගේම සිනමාවට පෙම් බඳින කෙනෙක්ට Chetan Bhagat කියන්නෙ හුරුපුරුදු නමක්. චේතන් භගත්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page