More
    Newsලසන්ත ඝාතනයේ වෙඩික්කරු මාට්ටු

    ලසන්ත ඝාතනයේ වෙඩික්කරු මාට්ටු

    -

    spot_img

    වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කළ බව කියන වෙඩික්කරු මහරගම ප්‍රදේශයේදී අද සවස අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

    වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අද අලුයම කාන්තාවක් සහ තවත් පුද්ගලයන් දෙදෙනකු කැකෙනාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර එහිදී එම ඝාතනයේ වෙඩික්කතු බව කියන මෙම සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් තිබුණු බව පොලිසිය පවසයි.

    කෙසේ වෙතත් පොලිස් කණ්ඩායම් කීපයක් සිදුකළ විමර්ශන වලදී පැය කීපයක් ඇතුළත එම සැකකරු මහරගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඇඳුම් අලෙවි සලක් අසලදී පොලිස් විශේෂ කාර්ය බළකායේ කළුබෝවිල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු ගාල්ල, ඉමදූව, අඟුලු ගහ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

    අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශනන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍යය අපරාධ කොට්ඨාශයට භාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකර පොලිස්් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා කීය.

    වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු සැකකරුවන් හතර දෙනෙක් ගාල්ල සහ අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේ ගෙවල් 50 ප්‍රදේශයේ කමතක අත් හැර දැමූ කුඩා නිවෙසකදී ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබුණි.

    සැකකරුවන් අපරාධය සඳහා භාවිත කළ යතුරුපැදියක්, රුපියල් ලක්ෂ දොළහක මුදලක්, අයිස් මත්ද්‍රව භාවිත කිරීම් සඳහා යොදා ගන්නා උපකරණයක් පොලිසිය සොයාගෙන තිබුණි.

    එහිදී එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී එහි සිටි පිරිසක් පොලිසිය සමඟ පොර බැඳීමේදී එක් සැකකරුවෙකු පලා ගොස් තිබුණි.

    අනතුරුව පොලිස් කණ්ඩායම් කිහිපයක් සීසි ටීවී දර්ශන පරීක්ෂා කරමින් සැකකරු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.

    වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා මහජන දිනය පැවති අවස්ථාවේදී සභාපතිවරයා හමුවීමට පැමිණි පුද්ගලයකු ලෙස වෙඩික්කරු සභාපතිවරයාගෙන් නිල කාමරයට පැමිණ වෙඩි තබා යතුරු පැදියකින් පලා ගොස් තිබූ අතරමඟදි යතුරු පැදිය මාරු කර වෙඩික්කරු සහ යතුරු පැදිකරු තවත් යතුරු පැදි දෙකක නැගී යන ආකාරය සීසී ටීවී කැමරා දර්ශනවල සටහන්ව තිබුණි.

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    නිදි යාහනේදී අවසන් ගමන් ගිය දඹුල්ලේ සිසුවිය

    දඹුල්ල ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි මෙවර උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක් හදිසියේම අද...

    කොළඹ බාලදක්ෂ කැම්පෝරිය (Scout Camp) විහාරමහාදේවි උද්‍යානයේදී

    කොළඹ බාලදක්ෂ ජම්බෝරිය විහාරමහාදේවි උද්‍යානයේදී ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කොළඹ දිසාව විසින් සංවිධානය කරනු ලබන 60 වැනි කොළඹ කැම්පෝරිය (බාලදක්ෂ...

    ඉන්දියාවේ ඉන්න ලාංකික දෙමළ සරණාගතයින්ට පුරවැසිභාවය දෙන්න

    දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන, ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයින්ට සම්පූර්ණ පුරවැසිභාවය හා ඡන්ද අයිතිය ලබා දෙන...

    මෙක්සිකෝ ජනපතිනිය ලිංගික හිංසනයට ලක්වෙයි

    මෙක්සිකෝවේ ජනාධිපතිනිය වන ක්ලෝඩියා ෂේන්බවුම් (Claudia Sheinbaum), මෙක්සිකෝ නගරයේ ජනාධිපති මන්දිරය අසලදී ආධාරකරුවන්ට ආචාර කරමින් සිටියදී ලිංගික හිංසනයකට ලක්වීමෙන්...
    - Advertisement -spot_img

    ඉන්දියාවේ ඉන්න ලාංකික දෙමළ සරණාගතයින්ට පුරවැසිභාවය දෙන්න

    දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන, ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයින්ට සම්පූර්ණ පුරවැසිභාවය හා ඡන්ද අයිතිය ලබා දෙන...

    ඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම

    ඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම - Chetan Bhagat ඉන්දියානු සාහිත්‍යයට වගේම සිනමාවට පෙම් බඳින කෙනෙක්ට Chetan Bhagat කියන්නෙ හුරුපුරුදු නමක්. චේතන් භගත්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page