ArtKyra Sedgwick රූගත කිරීම් අතරතුර ලිංගිකව හැසිරුණු බව ප්‍රසිද්ධියේ...

Kyra Sedgwick රූගත කිරීම් අතරතුර ලිංගිකව හැසිරුණු බව ප්‍රසිද්ධියේ කියූ නිළිය

-

spot_img

Kyra Sedgwick – මෑතකදී පැවති වැඩසටහනක් අතරතුරදී අමෙරිකානු නිළි Kyra Sedgwick පැවසුවේ තමන් සහ සැමියා Kevin Bacon චිත්‍රපට රූගත කිරීම් අතරවාරයේදී ලිංගිකව හැසිරී ඇති බවයි. 59 හැවිරිදි හොලිවුඩ් රංගන ශිල්පිනිය රසිකයෙක් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මේ බැව් සඳහන් කළා.

Kyra සහ Kevin ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන රංගන ශිල්පීන් යුවළක් ලෙසින් ප්‍රකටයි. Lemon Sky චිත්‍රපටයේ රූගත කිරීම් වලදී හමුවූ ඔවුන් 1987 වසරේදී පෙම් සබඳතාව ඇරඹුවා. ඉන් වසරකට පසුව මේ දෙදෙනා විවාහ වූ අතර Favis Bacon, Sosie Bacon යන ඔවුන්ගේ දරුවනුත් මව්පියන් සේම රංගනය තම වෘත්තිය බවට පත් කරගත්තා.

Lemon Sky, Pyrites, Murder in the first, The Woodsman, Loverboy යන චිත්‍රපටවල මේ යුවළ එක්ව රඟපෑවා. වසර විස්සකට පසු නැවතත් Consistence චිත්‍රපටයෙන් ඔවුන් එක්ව දැකබලා ගැනීමේ අවස්ථාව නුදුරේදීම ප්‍රේක්ෂකයන්ට උදාවෙනු ඇත.

හොලිවුඩයේ දීර්ඝතම කාලයක් එකට සිටි ආදරණීය යුවළක් ලෙස ප්‍රකට මේ දෙදෙනා සිය ගෘහ ජීවිතයේ ආදරණීය අවස්ථා, විහිළු, ඡායාරූප වීඩියෝ සමාජ මාධ්‍ය තුළින් රසිකයන් සමග බෙදාගන්නවා. වෘත්තිය ජීවිතය සහ පවුල් ජීවිතය රැක ගැනීමට ඔවුන් වෙහෙස මහන්සි වී කටයුතු කරන බැව් Kyra Sedgwick පවසා සිටියා.

– Hollywood Life ඇසුරෙනි –

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you