NewsIsrael Gaza War විශාලතම සරණාගත කඳවුරට මාරාන්තික ගුවන් ප්‍රහාරයක්

Israel Gaza War විශාලතම සරණාගත කඳවුරට මාරාන්තික ගුවන් ප්‍රහාරයක්

-

spot_img

Israel Gaza War – උතුරු ගාසා තිරයේ විශාලතම සරණාගත කඳවුර ලෙස සැලකෙන Jabalya සරණාගත කඳවුරට ඊශ්‍රායලය විසින් මාරාන්තික ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වනවා. රෝහල් ආරංචි මාර්ග වලට අනුව ප්‍රහාරයෙන් මේ වනවිට සියයකට අධික පිරිසක් මියගොස් ඇති බව සඳහන්. ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කළේ, තමන් උතුරු ගාසා තීරයේ සරණාගත කඳවුරට එල්ල කළ ප්‍රහාරය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ත්‍රස්තවාදී ප්‍රහාරයට වගකිව යුතු ඉහළ පෙළේ හමාස් අණදෙන නිලධාරියකු ඉලක්ක කර සිදුකළ බවත් ප්‍රහාරයෙන් ඔහු මිය ගිය බවත් ය. නමුත් හමාස් සංවිධානය මෙය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

වීඩියෝ යොමුව: October 31, 2023 – Israel-Hamas war (cnn.com)

ජෝර්දානයේ රජු, “සටන් විරාමයක වැදගත්කම” අවධාරණය කර ඇති අතර ගාසා තීරයේ ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයේ ප්‍රධානියා පැවසුවේ, රටට ආධාර ඇතුළු වීමට ඉඩ සැලසීම සඳහා එක්සත් ජාතීන්ගේ ආයතන කිහිපයක් මානුෂීය සටන් විරාමයක් ඉල්ලා සිටින බවය. නමුත් ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu “මෙය යුද්ධයට කාලය” යැයි පවසමින් සටන් විරාමයක් ප්‍රතික්ෂේප කර ඇති බව සැලයි. මේ වනවිට දකුණු ඇමරිකානු රටවල් තුනක් ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා ඇති බව ප්‍රකාශයට පත් කර තිබෙන අතර පලස්තීන රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නිරීක්ෂක තානාපති Riyad Mansour කියා සිටියේ, ඊශ්‍රායල ප්‍රහාරය “අපරාධයක්” බවත් ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) මඟින් මේ සඳහා ක්‍රියාමාර්ග ගත යුතු බවත්ය.

-CNN Live Updates ඇසුරෙනි-

Photo Credits: www.reuters.com

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you