NewsIsrael Gaza War විශාලතම සරණාගත කඳවුරට මාරාන්තික ගුවන් ප්‍රහාරයක්

Israel Gaza War විශාලතම සරණාගත කඳවුරට මාරාන්තික ගුවන් ප්‍රහාරයක්

-

spot_img

Israel Gaza War – උතුරු ගාසා තිරයේ විශාලතම සරණාගත කඳවුර ලෙස සැලකෙන Jabalya සරණාගත කඳවුරට ඊශ්‍රායලය විසින් මාරාන්තික ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වනවා. රෝහල් ආරංචි මාර්ග වලට අනුව ප්‍රහාරයෙන් මේ වනවිට සියයකට අධික පිරිසක් මියගොස් ඇති බව සඳහන්. ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කළේ, තමන් උතුරු ගාසා තීරයේ සරණාගත කඳවුරට එල්ල කළ ප්‍රහාරය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ත්‍රස්තවාදී ප්‍රහාරයට වගකිව යුතු ඉහළ පෙළේ හමාස් අණදෙන නිලධාරියකු ඉලක්ක කර සිදුකළ බවත් ප්‍රහාරයෙන් ඔහු මිය ගිය බවත් ය. නමුත් හමාස් සංවිධානය මෙය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

වීඩියෝ යොමුව: October 31, 2023 – Israel-Hamas war (cnn.com)

ජෝර්දානයේ රජු, “සටන් විරාමයක වැදගත්කම” අවධාරණය කර ඇති අතර ගාසා තීරයේ ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයේ ප්‍රධානියා පැවසුවේ, රටට ආධාර ඇතුළු වීමට ඉඩ සැලසීම සඳහා එක්සත් ජාතීන්ගේ ආයතන කිහිපයක් මානුෂීය සටන් විරාමයක් ඉල්ලා සිටින බවය. නමුත් ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu “මෙය යුද්ධයට කාලය” යැයි පවසමින් සටන් විරාමයක් ප්‍රතික්ෂේප කර ඇති බව සැලයි. මේ වනවිට දකුණු ඇමරිකානු රටවල් තුනක් ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා ඇති බව ප්‍රකාශයට පත් කර තිබෙන අතර පලස්තීන රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නිරීක්ෂක තානාපති Riyad Mansour කියා සිටියේ, ඊශ්‍රායල ප්‍රහාරය “අපරාධයක්” බවත් ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) මඟින් මේ සඳහා ක්‍රියාමාර්ග ගත යුතු බවත්ය.

-CNN Live Updates ඇසුරෙනි-

Photo Credits: www.reuters.com

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you