FoodGulab Jamun ගුලාබ් ජාමුන්

Gulab Jamun ගුලාබ් ජාමුන්

-

spot_img

Gulab Jamun ගුලාබ් ජමුන්

හරිම කිරි රස ෂුගර් සිරප් එකක දමා පිලිගන්වන මෙම පැණි බෝල රසවත් ඉන්දියානු අතුරුපසක්. ලංකාවේ ඉන්දියානු අවන්හල් වලත්, දමිල නිවෙස් වලත් ගුලාබ් ජමුන් නිතරම හදනවා. ඇත්තටම පොඩි කාලෙකින් ඉතා රසවත් මේ අතුරුපස හදන්න පුලුවන්. මම ඩුබායි ඉන්න කාලේ අපි නිතරම මේ ගුලාබ් ජමූන් කෑවා. ඒවා නම් මාරම රසයි. නියම ගී ඔයිල් දාල රසට හදනවා.
ඉතින් මාත් මේ විදියට හැදුවා. ට්‍ර්යි කරලා බලන්න.

අවශ්‍ය ද්‍රව්‍ය :

කිරිපිටි 100 g
පාන් පිටි මේස හැදි 3
රුලං පිටි මේස හැදි 1 (රුලං පිටි නැත්නම් පාන් පිටි එකතු කරන්න )
බේකින් සෝඩා හෝ බේකින් පවුඩර් තේ හැදි බාගයක්
මෙල්ටඩ් බටර් හෝ ගිතෙල් මේස හැදි 1
ලුණු තේ හැදි කාලක්
ෆ්‍රෙෂ් මිල්ක් හෝ කිරි පිටි
බැදීමට තෙල්

කිරිපිටි, රුලං,පාන්පිටි, ලුනු, බේකින් සෝඩා මේ සියල්ල එකට දමා කලවම් කරන්න .

ඉන්පසු මෙල්ටඩ් බටර් හෝ ගී එකතුකර ඇගිලි තුඩු වලින් හොදින් අනා ගන්න. එයට කිරි ටික ටික එක කරමින් ඩෝ එක හදාගන්න. ඉන්පසු එය විනාඩි 10 ක් 15 ක් වහල තියන්න.

Gulab Jamun

ඒ අතර ෂුගර් සිරප් එක හදා ගන්න.

සීනී 150 g
වතුර 150ml

සීනි වලට වතුර, කරදමුංගු ඇට 3ක්, කුරුදුපොත්තක් දමා මද ගින්දරේ උණු කර ගන්න ටිකක් උකු වෙනකන්. ඉන්පසු ලිපෙන් ඉවත්කර පසෙකින් තබා ගන්න .

දැන් අර ඩෝ එකෙන් පුංචි බෝල හදාගන්න ලස්සනට දෙහි ගෙඩි ප්‍රමාණයට.

දැන් මේ බෝල ටික දෙපැත්ත හරවමින් අඩු ගින්දරේ රන්වන් පාට වෙනකන් බැදගෙන රස්නේ පිටම ෂුගර් සිරප් එකට දාල පැය පහක් හයක් තියන්න. ගුලාබ් ජමූන් එකට සීනී සිරප් එක හොදට උරාගන්න ඕන. හදලා රස බලන්නකෝ කොහොමද කියලා.කන්න කන්න ආස හිතෙනවා.

Latest news

වාහන මිල ලක්ෂ ගණනින් ඉහළට

වාහන මිල  ලක්ෂ ගණනින් ඉහළට ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (sscl) සියයට...

හර්ෂණ ගෙදර යවන්නේ නෑ – ජාතික ජන බලවේගයේ මහ ලේකම්

හර්ෂණ ගෙදර යවන්නේ නෑ - ජාතික ජන බලවේගයේ මහ ලේකම් මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම එම ධුරයෙන් ඉවත් කිරීමට...

යළිත් ඉන්ධන මිල ඉහළට

සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇත. ඒ අද (02) මධ්‍යම රාත්‍රියේ සිට...

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීමයි

කොළඹ LNW: ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වත්මන් රජයේ මූලික ප්‍රතිපත්තිමය...
- Advertisement -spot_img

ආලෝකයෙන් අඳුරට යෑම

ආලෝකයෙන් අඳුරට යෑම - Walk for World Peace ආලෝකය යනු යමක පෙනීම තහවුරු කිරීමට උත්තේජනය ලබාදෙන පරිසර තත්වය ලෙස අපට...

යළිත් ඉන්ධන මිල ඉහළට

සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇත. ඒ අද (02) මධ්‍යම රාත්‍රියේ සිට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you