More
    NewsDeshabandu's removal දේශබන්දු පොලිස්පති තනතුරෙන් ඉවත් කිරීමේ යෝජනාව පිලිබඳ...

    Deshabandu’s removal දේශබන්දු පොලිස්පති තනතුරෙන් ඉවත් කිරීමේ යෝජනාව පිලිබඳ විවාදය අද

    -

    spot_img

    Deshabandu’s removal – 2002 අංක 05 දරණ නිලධරයන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටිය පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් ඉවත් කිරීම පිණිස වූ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත බව අදට නියමිත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ දැක්වෙනවා.

    දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිදුකර ඇතැයි කියන විශමාචාර සහ සිය ධූරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුවේ වාර්තාව පසුගිය මස 21 වනදා කථානායකවරයා වෙත භාරදී තිබුණා.එම වාර්තාව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරේ ඉකුත් 22 වනදායි.

    අදාල වාර්තාව මගින් පොලිස්පතිවරයාට එරෙහිව නඟන ලද චෝදනා 23 අතරින් 19කට ඔහු වරදකරු කර ඇති බව සඳහන්.ඒ අනුව එකී වාර්තාව විවාදයට ගෙන පාර්ලිමෙන්තු යෝජනා සම්මතයකින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමට නියමිතව තිබෙනවා.

    දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ එවකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සහ වත්මන් අගවිනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතායි.අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල සහ ජාතික පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරුන් එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කළා.

    මෙම පරීක්ෂණ කමිටුව අවස්ථා 10කට වැඩි ගණනකදී රැස්වී සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව සිය අවසන් වාර්තාව කථානායකවරයා වෙත භාරදෙනු ලැබුවා.

    Latest news

    නිදි යාහනේදී අවසන් ගමන් ගිය දඹුල්ලේ සිසුවිය

    දඹුල්ල ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි මෙවර උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක් හදිසියේම අද...

    කොළඹ බාලදක්ෂ කැම්පෝරිය (Scout Camp) විහාරමහාදේවි උද්‍යානයේදී

    කොළඹ බාලදක්ෂ ජම්බෝරිය විහාරමහාදේවි උද්‍යානයේදී ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කොළඹ දිසාව විසින් සංවිධානය කරනු ලබන 60 වැනි කොළඹ කැම්පෝරිය (බාලදක්ෂ...

    ඉන්දියාවේ ඉන්න ලාංකික දෙමළ සරණාගතයින්ට පුරවැසිභාවය දෙන්න

    දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන, ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයින්ට සම්පූර්ණ පුරවැසිභාවය හා ඡන්ද අයිතිය ලබා දෙන...

    මෙක්සිකෝ ජනපතිනිය ලිංගික හිංසනයට ලක්වෙයි

    මෙක්සිකෝවේ ජනාධිපතිනිය වන ක්ලෝඩියා ෂේන්බවුම් (Claudia Sheinbaum), මෙක්සිකෝ නගරයේ ජනාධිපති මන්දිරය අසලදී ආධාරකරුවන්ට ආචාර කරමින් සිටියදී ලිංගික හිංසනයකට ලක්වීමෙන්...
    - Advertisement -spot_img

    ඉන්දියාවේ ඉන්න ලාංකික දෙමළ සරණාගතයින්ට පුරවැසිභාවය දෙන්න

    දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන, ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයින්ට සම්පූර්ණ පුරවැසිභාවය හා ඡන්ද අයිතිය ලබා දෙන...

    ඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම

    ඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම - Chetan Bhagat ඉන්දියානු සාහිත්‍යයට වගේම සිනමාවට පෙම් බඳින කෙනෙක්ට Chetan Bhagat කියන්නෙ හුරුපුරුදු නමක්. චේතන් භගත්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page