NewsCPSTL ඛනිජ තෙල් ගබඩාවේ දත්ත ලක්ෂ ගාණක් මකලා

CPSTL ඛනිජ තෙල් ගබඩාවේ දත්ත ලක්ෂ ගාණක් මකලා

-

spot_img

CPSTL – වෝහාරික විගණනයකින් හෙළි වී ඇති ආකාරයට ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ 2010 වසරේ සිට 2022 වසර දක්වා වූ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදාහැරීම් සම්බන්ධ තොරතුරු දත්ත ලක්ෂ 13ක් එහි ප්‍රධාන පද්ධති යෙදුමෙන් (Sales and Distribution Module – SAP) සම්පූර්ණයෙන්ම මකා දමා හෝ වෙනස් කර ඇතැයි කියවේ. මෙය සිදුව ඇත්තේ ජනතාව ඉන්ධන පෝලිම්වල මියයන තත්ත්වයක් නිර්මාණය වූ ශ්‍රී ලංකා ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාවේදී බවයි වාර්තා වන්නේ. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කළ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම අනාවරණය සිදුව තිබේ.

අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ පැමිණිල්ල කර තිබුණේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මීට පෙර සිදු කරන ලද අභ්‍යන්තර පරීක්ෂණයකදී තොරතුරු පද්ධතියේ දත්ත විකෘති කිරීම මගින් ඉන්ධන ලීටර් මිලියන හතරක් අනීතිකව විකිණීමක් අනාවරණය වීම පදනම් කරගෙන ය. මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය කංචන විජේසේකර පවසා සිටියේ KPMG ආයතනය විසින් සිදුකළ වෝහාරික විගණනයේ හඳුනාගත් මූලික කරුණු ඊයේ (පෙබ. 15) සවස එම ආයතනයේ නියෝජිතයන් විසින් ඔහු වෙත ඉදිරිපත් කරනු ලැබූ බව ය. ඒ අනුව, 2010 වසරේ සිට තොරතුරු දත්ත ලක්ෂ 13ක් ප්‍රධාන පද්ධති යෙදුමෙන් මකා දමා හෝ වෙනස් කර ඇති බව ද ඉන් බහුතරය 2022 වසරේ ඉන්ධන අර්බුදය ඇති වූ අවස්ථාවේ සිදුව ඇති බව ද ඇමතිවරයා පැවසිය.

Image Source: CPSTL

 

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you