NewsAung San Suu Kyi හමුදා ජුන්ටාව හදිසි ප්‍රතිකාර ලබාදීම...

Aung San Suu Kyi හමුදා ජුන්ටාව හදිසි ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කරයි

-

spot_img

Aung San Suu Kyi – රදවාගෙන සිටින මියන්මාර හිටපු නායිකා Aung San Suu Kyi ට හදිසි ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කළ බව ඇයගේ බාල පුත්‍රයා ප්‍රකාශ කරයි. Kim Aris පැවසුවේ බන්ධනාගාර බලධාරීන් ඇයට “හදිසි ප්‍රතිකාර” සදහා කළ ඉල්ලීම, දැනට රට පාලනය කරන හමුදා ජුන්ටාව ප්‍රතික්ෂේප කළ බවයි. දැනට 78 වන වියේ පසුවන ඇය දැඩි දත් කැක්කුමකින් පෙළෙන අතර ඇයට ආහාර ගැනීමට නොහැකි බවද බන්ධනාගාර ආරංචි මාර්ග පැවසු බව BBC පුවත් සේවය සදහන් කරයි.

Aung San Suu Kyi

කෙසේ වෙතත් හමුදා ප්‍රකාශකයකු සදහන් කළේ ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර නිරන්තරයෙන්ම හමුදා සහ සිවිල් වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවට ලක්වන බවයි. 2021 හමුදා කුමන්ත්‍රණයකින් පසුව බලයෙන් පහ කළ ඇය මේ වන විටත් හමුදාව විසින් රදවා තබාගෙන සිටී. හමුදාව ඇති කළ කුමන්ත්‍රණය හේතුවෙන් රට තුළ සිවිල් යුද්ධයක් ඇති වු අතර එමගින් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්වු බවද වාර්තා වෙයි. නොබෙල් ත්‍යාගලාභී සුකී, ජූලි මාසයේ ඇය රදවා සිටි සිරගෙදර සිට බුරුමයේ අගනුවර වන Nay Pyi Taw වෙත ගෙන ගොස් නිවාස අඩස්සියට පත් කරන ලද බවද වාර්තා වෙයි. ඇගේ දිගුකාලීන සමීපතමයන් බුරුමයේ BBC පුවත් සේවය සමග පවසා තිබුණේ, ඇය නිදන්ගත විදුරුමස් රෝගයෙන් සහ අඩු රුධිර පීඩනයෙන් පෙලෙන බවය. සිරගෙදර මුලාශ්‍රයන්ද ඇගේ විදුරුමස් රෝගය “උග්‍ර වී ඇති” බවට වාර්තා කළ බවද සදහන් වේ. තවද ඇගේ දත් කැක්කුම සමනය කිරීම සදහා මෘදු ආහාර සහ ජෙලි වර්ග ද ඇයට ලබා දෙන බව එහි වැඩි දුරටත් සදහන් වි තිබුණි.

Aung San Suu Kyi

එක්සත් රාජධානියේ වෙසෙන ඇයගේ පුතු Aris සදහන් කර තිබුණේ, ඔහුගේ මව “දැඩි කරකැවිල්ල” හේතුවෙන් වමනය කරමින් සිටින බවත් දැඩි අපහසුවෙන් ඒවා විද දරා ගන්නා බවත්ය. BBC බුරුම සේවයට කෙටි පණිවිඩයක් නිකුත් කරමින් 46 හැවිරිදි ඔහු වැඩිදුරටත් කියා සිටියේ “රෝගි සිරකරුවෙකුට නිර්දේශිත වෛද්‍ය ප්‍රතිකාර සදහා ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීම නිර්දය සහ කුරිරු ක්‍රියාවක්” බවයි. “ආහාර ගැනීමට නොහැකි තරම් වේදනාකාරී විදුරුමස් රෝග ඇති ඕනෑම කෙනෙකුට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම ඔවුන් දැඩි සෞඛ්‍ය අවධානමකට ඇද දැමීමක් බව” ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළ බව සදහන්වේ. මියන්මාරයේ බලයේ සිටි ජාතික එක්සත් රජය සහ රටේ සියලුම දේශපාලන පක්ෂ වල සභාගයන් සුකී වැනි දේශපාලන රැදවියන්ට සුදුසු ප්‍රතිකාර ලබා දීම සදහා “ජුන්ටාවට බලපෑම්” කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින බවද වාර්තා වේ. මෙසේ ජුන්ටාව විසින් ඔවුන්ගේ විරුද්ධවාදීන්ට එරෙහි මර්නදයේදි රදවාගෙන සිටින දහස් ගණනක් රැදවියන් සමග සුකී ද කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසට බොහෝ ලෝක නායකයන් ඉල්ලීම් කළ බව වාර්තා වෙයි. මේ අතර අඟහරුවාදා ඉන්දුනීසියාවේදි ආරම්භ වු ද්වි පාර්ෂික ආසියානු සමුළුවේදී මියන්මාරයේ දේශපාලන අර්බුදය එහි ප්‍රධානතම මාතෘකාව බවට පත් විය. මියන්මාරයේ අඛණ්ඩ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අග්නිදිග ආසියානු කලාපයේ නායකයින් මියන්මාර හමුදා බලධාරීන් හෙලා දැක ඇති බවටද වාර්තා වේ. හමුදා කුමන්ත්‍රණයෙන් පසුව කලාපීය රැස්වීමට ඔවුන් ආරාධනා නොලද දෙවැනි වසර මෙය බවද සදහන් වේ.

-BBC News ඇසුරෙනි-

Photo Credit: www.famouspeople.com /www.newsnationnow.com           /www.redcarpertnaija.com

Latest news

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...
- Advertisement -spot_img

ලංකාවේ ස්කොට්ලන්ත පෝලෝ පිටිය – සෙම්බුවත්ත

ලංකාවේ ස්කොට්ලන්ත පෝලෝ පිටිය - සෙම්බුවත්ත සුන්දර මාතලේ දිසාවේ සොබා දහමේ අසිරිය විඳගැනීමට හැකි අපූරු ස්ථානයක් හඳුන්වා දීමට මෙවර අප...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you