FeaturesAnura Kumara Dissanayake මාක්ස්වාදී දෘෂ්ටියෙන් ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුම්...

Anura Kumara Dissanayake මාක්ස්වාදී දෘෂ්ටියෙන් ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය හැකිද..?

-

spot_img

Anura Kumara Dissanayake – ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට සති දෙකකට පමණ පෙර, කොළඹ Monarch Imperial හෝටලයේ පැවති ව්‍යාපාරික ප්‍රජාවේ හමුවකදී, මාක්ස්වාදී නායකයෙකු ජනාධිපති ධූරයට පත්වීම ගැන ව්‍යාපාරිකයන් කනස්සල්ලට පත්ව සිටින්නට ඇති බවත්, එවකට ජනාධිපති අපේක්ෂකයෙකු වූ වත්මන් ජනපති අනුර කුමාර දිසානායක පැයක පමණ කාලයක් කතා කරමින් ඔවුන්ගේ ගැටළු සමනය කිරීමට උත්සාහ කළ අතර ආර්ථිකය පිළිබඳ තම සැලසුම් පැහැදිලි කළ බවත්, ඔහු පිටත්ව යද්දී තමා ඔහුගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීමට උත්සාහ කළ නමුත් “අපි දිනනවා. ඔබේ දුරකථන අංකය ලබාදී යන්න. පසුව අමතන්නම්” යැයි ඔහු පැවසු බවත් The Week සඟරාවේ මාධ්‍යවේදිනී Lakshmi Subramanian සිය ලිපියක සඳහන් කර තිබේ.

මාක්ස්වාදී චින්තනය කොතෙක් දුරට ලංකාවේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා යොදාගත හැකිදැයි යන්න ලක්ෂ්මි සුබ්‍රමනියන් සිය ලිපියෙන් පැහැදිළි කිරීමට උත්සාහ දරයි. ශ්‍රී ලංකාවේ නව පරම්පරාවේ තරුණ ඡන්දදායකයින් බහුතරයකගේ අපේක්ෂාව වුයේ අනුරගේ දැඩි මාක්ස්වාදී මූලධර්ම ප්‍රායෝගික ප්‍රතිසංස්කරණ සමඟ ඒකාබද්ධ කිරීම බව පෙන්වාදෙන ලියුම්කාරිය, දුෂණයට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගෙන ආර්ථික අවුලට විසඳුමක් ලැබෙන තුරු ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටින බැවින්, අනුරගේ ජනාධිපති ධුරය පහසු මාවතක් ඔස්සේ ගමන් නොකරන අතර වැඩ භාර ගැනීමෙන් පසු ඔහු සමාජ මාධ්‍යයට නිකුත් කළ පළමු පණිවිඩයේදී සඳහන් “මම මැජික්කාරයෙක් නෙවෙයි. හැකියාවන් වගේම අඩුපාඩුත් තියන කෙනෙක්. මගේ පළමු කාර්යය වන්නේ මිනිසුන්ගේ දක්ෂතා සහ දැනුම භාවිතා කර මේ රට මෙහෙයවීමට වඩා හොඳ තීරණ ගැනීමයි.” යන්න ඊට කදිම නිදසුනක් බව ලියුම්කාරිය සඳහන් කරන්නීය.

අනුර කුමාර දිසානායක නායකත්වය දෙන NPP යට පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමට නොහැකි වුවහොත්, එය ප්‍රභල කඩාවැටීමක් වනු ඇති. සජිත් ප්‍රේමදාසගේ SJB සහ රනිල් වික්‍රමසිංහගේ UNP එකට එකතු වුවහොත් එය JVP යට විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුවන බව නොඅනුමානය. විදේශ ප්‍රතිපත්තියේදී අනුරගේ ජයග්‍රහණය චීනයට සමීප යැයි සැලකෙන බැවින්, කලාපයේ පවතින භූ දේශපාලන යථාර්ථයන්ට මුහුණ දීමට ඔහුට සිදුවිය හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික වැඩසටහන ගැන නැවත සාකච්ඡා කිරීමේ ඔහුගේ අදහස සහ අදානි සමූහ ව්‍යාපාරය සමඟ සුළං බල ව්‍යාපෘතිය අවලංගු කිරීම පිළිබඳ ඔහුගේ අනතුරු ඇඟවීම වඩාත් රැඩිකල් ප්‍රතිනිර්මාණයක් කරා යොමු වන බවයි ලියුම්කාරියගේ අදහස.

ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිටම ඉන්දිය විරෝධී ය. 1980 ගණන්වල අග භාගයේ ඇතිවූ කැරැල්ළ, උතුරු හා නැගෙනහිර පළාත්වල ස්වයං පාලනයකට සහ ඉන්දීය සාම සාධක හමුදා ඊට මැදිහත්වීමට විරුද්ධව ඇති වුවකි. පක්ෂය වරක් කඳුකරයේ දෙමළ ජනයා “ඉන්දියානු ව්‍යාප්තවාදයේ පස්වන තීරු මෙවලම” ලෙස හෙලා දුටුවේය. දෙරට අතර පැවති වෙළෙඳාම සහ ආයෝජන සඳහා ඉඩකඩ විවර කළ ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමට අනුර විරුද්ධ වී ඇත. කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරා ගැනීමේ සියලු උත්සාහයන්ටද ඔහු විරුද්ධ වී ඇති බව ලියුම්කාරිය පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, මැතිවරණයට පෙර The Week සඟරාව සමඟ පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී, වත්මන් ජනාධිපතිවරයා ඉන්දියාව සමඟ සම්බන්ධ වීම ගැන ධනාත්මකව අදහස් පළ කර තිබිණි. “ඉන්දියාව අපගේ භූ දේශපාලනයේ සමීපතම සහ සැළකිය යුතු භූමිකාවක් පිළිබිඹු කරන බැවින්, අපගේ මුහුද, ගොඩබිම සහ ගුවන් අවකාශය ඉන්දියාවට තර්ජනයක් වන ආකාරයෙන් භාවිතා නොකිරීමට අපි සහතික වෙමු.” යනුවෙන් එහිදී ඔහු පැවසීම දෙරට අතර මිත්‍රත්වයේ අපේක්ෂා දල්වන්නක් බව ලියුම්කාරිය අවසාන වශයෙන් සිය ලිපියෙහි සඳහන් කර තිබේ.

Latest news

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීමයි

කොළඹ LNW: ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වත්මන් රජයේ මූලික ප්‍රතිපත්තිමය...

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද?

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද? සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැව් ශ්‍රී...

අල්ලස් දඩයක්කරුවන් දඩයම් කිරීමේ ඛේදවාචකය

කොන්දේසි විරහිතව දූෂණය පිටුදකින බවට කටමැද දොඩා බලයට පැමිණි AKD ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP), දැන් අඛණ්ඩ...

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණමගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත...
- Advertisement -spot_img

රත් දෝතළු – 80

රත් දෝතළු - 80 අහස් සමඟ මා මුහුණ පා ඇති ගැටළුව මම නොවළහා පැවසුවෙමි. ඔහු නිහඬවම අසා සිටියේ මට බාධා...

Time Loop යනු සැබෑවක්ද?

Time Loop යනු සැබෑවක්ද? - Sambhavam Adhyayam Onnu පසුගිය මාර්තු මස තිරගත වීම ඇරඹූ Sambhavam Adhyayam Onnu වෙනස්ම කතා තේමාවක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you