InterviewsAngelina Jolie : අම්මෙක් වෙන්න ඕන හැම සුදුසුකමක්ම මං...

Angelina Jolie : අම්මෙක් වෙන්න ඕන හැම සුදුසුකමක්ම මං ළඟ නැහැ

-

spot_img

Angelina Jolie වීරවරියක් වන්නේ හොලිවුඩ් සිනමාව තුළ පමණක් නොවේ. සැබෑ ජීවිතය තුළද ඇය වීරවරියක්. මේ Angelina Jolie සමගින් Edward Enninful (British Vogue සඳහා) සිදුකළ කතාබහක්.

• Angelina, අනාගතය ගැන ඔබ කොහොමද සිතන්නේ?

හොඳයි..මම අනාගතය ගැන මගේ බලාපොරොත්තු තරුණ පරම්පරාව මත තබාගෙනයි ඉන්නේ. සමහරවිට දැන් මම යොවුන් වියේ පසුවන දරුවන් හයදෙනෙකුගේ අම්මා කෙනෙක් නිසාත් වෙන්න ඇති. ඔවුන් අපූරුයි. ඒත් ඔවුන්ට ජීවත්වෙන්න වෙලා තියෙන්නෙ පීඩනයකින්. තරුණ පරම්පරාව අන්තර්ජාලය මගින් ලොකයේ ඕනෑම තැනක සිටින මිනිසුන් සමග සම්බන්ධ වෙනවා. මං හිතනවා මේක අපේ ප්‍රශ්න ගැටලු ගැන කතාබහ කරන්න හොඳ අවස්ථාවක් බවට පත්කරගන්න පුලුවන් කියලා.

• දරුවන් සමග ගෙවන ඔබේ සාමාන්‍ය දිනයක් ගැන විස්තර කළොත් ?

මම සම්ප්‍රදායික ගෘහණියක් නෙමෙයි. මං දන්නවා අම්මෙක් වෙන්න ඕන හැම සුදුසුකමක් ම මං ළඟ නැහැ කියලා. ඒත් මම ඔවුන්ට ආදරෙයි. අපි පවුලක්. කණ්ඩායමක්. ඔවුන් මට හැම දෙයකටම පුලුවන් විදිහට උදව් කරනවා. ඔවුන් තරමක් දක්ෂයි.ඒ ගැන මං ආඩම්බරයි.

• ඔබේ ජීවන දැක්ම, ජීවිතය තුලින් ඔබ ඔබවම සොයා ගන්නේ කොහොමද ?

මම බොහෝ දේවල් පසුකර පැමිණියා. මම හැමදෙයක්ම ගැන බලාපොරොත්තු තියාගන්න උත්සාහ කරමින් ජීවත්වෙනවා.

• ඔබ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ඒජන්සියේ විශේෂ නියෝජිතවරියයි. ඔබ ඔවුන් සමග සම්බන්ධව වසර 20ක් පමණ වෙනවා මං හිතන්නේ?

ඔව්. අවුරුදු විස්සක්. මම පටන් ගත්තෙ මට වයස විසි ගණන්වලදී. මට ඕන උනා ලෝකයේ සිදුවෙමින් පවතින දේවල් ගැන දැනගන්න. ඒ දේවල් ගැන පුළුල් අවබෝධයක් ලබා ගන්න.

• එය ඔබව වෙනස් කළා ද?

යුද්ධයෙන්, ජන සංහාර නිසාවෙන් මිලියන සංඛ්‍යාත ජනතාවක් අවතැන් වීම ගැන මට දැනුනේ කෝපයක්. කම්පනයක්. තවමත් මම අසාධාරණය ගැන කෝපයෙන්. එය වෙනස් කිරීමට නම් එයට එරෙහිව සටන් කළ යුතු බව මම ඉගෙන ගත්තා.

• ඔබ, ඔබගේ ජීවිතයේ ප්‍රීතිමත් අවධියක් ගතකරමින් පසුවෙන වග ඔබට දැනෙනව ද?

මම දන්නෙ නැහැ. පසුගිය වසර කිහිපය මට අසීරු කාලයක්. මම මගේ පවුල ගැන අවධානයෙනුයි සිටින්නේ. ජීවිතය කියන්නෙ ගමනක්. මම එය සැලසුම් කරනවා. මම පරිණත වීමට කැමතියි .
මගේ තරුණ කාලයට වඩා මගේ හතලිස් ගණන්වලදී මට දැනෙන්නේ සුවපහසුවක්.

anjelina jolie 2

• ඔබ තනිව පවුලක් ගොඩනගා ගෙන තිබෙනවා ?

ඔව්. ඔවුන් මට ආදරෙයි. ඒක ලොකු හැඟීමක්. ඒ අපේ පවුල.

• දරුවන් ව පාරිසරික සහ සමාජයීය වශයෙන් දැනුවත් කිරීම පිළිබඳව දෙමාපියන් ට ඔබ දෙන උපදෙස් මොනවද ?

අන්‍යන්ට උදව් කිරීම, යහපත් දේවල් කිරීම යුතුකමක් හෝ පුණ්‍ය කර්මයක් කියලා දරුවන් ට කියලා දෙන්න එපා. අවශ්‍ය වන්නේ එකිනෙකා තේරුම් ගැනීමේ හැකියාව, ඒ තුලින් ඇතිවන සම්බන්ධතාවක ප්‍රීතිය ඔවුන්ට වටහා ගැනීමට උපකාර කිරීම.

• මාතෘත්වය සතු විවිධ මුහුණුවර ඔබට දැනෙන්නේ කොහොමද ? දරුවන් ඔබේ අදහස්වලට ගරු කරනවද ?

මගේ අම්මයි මමයි හොඳම යෙහෙළියන්. මම දරුවන් ලැබීමට කැමතියි. ඔවුන් සමග නිදහසේ කාලය ගත කරන්න කැමතියි. ඔවුන් කැමතියි මම ඔවුන් හා විහිළු කරනවට. ඔවුන් හැමෝම මාව එක එක ආකාරයන්ගෙන් දන්නවා. මා ගැන විශේෂ දේවල් නැති වග ඔවුන් දන්නවා. දරුවන් සහ මම අතර රහස් නැහැ.

• ඔබ විලාසිතා තෝරාගැනීමේදී හරිම පරිස්සම් ?

මම ගුණාත්මක දේවල් තෝරාගන්නවා. ඒවා බොහෝ කාලයක් පාවිච්චි කරනවා. මගේ ප්‍රියතම කබාය, බූට්ස්, පසුම්බිය.. මම නිතරම ඒ දේවල් වෙනස් කරන්නේ නැහැ. මිනිසුන් නිතරම හොඳ දේවල් සොයනවා. ඒ නිසා මම ගුණාත්මක නොවන දේවල් ප්‍රවර්ධනය කරන්නේ නැහැ. මොකද එය රැවටීමක් නිසා.

• ඔබ ගැන අනිත් අය නොදන්න ඔවුන්ව පුදුමයට පත් කළ හැකි දෙයක් කියන්න.

ඕහ්.. මිනිස්සු නිතරම මගෙන් ඒ ප්‍රශ්නය අහනවා. මම කවදාවත් එයට පිළිතුරක් සූදානම් කරගෙන නැහැ. මිනිස්සු හිතනවාට වඩා මම කම්මැලියි. මම දැනුම හොයන්න කැමති කෙනෙක්.

• වැඩ කිරීම සහ විවේක ගැනීම ගැන ඔබේ අදහස මොකක් ද?

කවුරුහරි මට විවේක ගැනීම ගැන කියලා දෙනවනම් මම කැමතියි. මොකද මම ඒ ගැන කවදාවත් ඉගෙන ගෙන නැහැ! මම තීරණය කළා අවුරුදු හතලිස් ගණන්වලදී නම් මං වැඩ කරන එක නතර කරන්නෙ නැහැ කියලා. මට තව කරන්න දේවල් තියෙනවා සහ මම ඒ දේවල් කරනවා.

Latest news

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...

පාසල් නිවාඩුවේ සරුංගල් අනතුරු ඉහළට

පාසල් නිවාඩුවේ සරුංගල් අනතුරු ඉහළට අගෝස්තු පාසල් නිවාඩුවත් සමඟ සරුංගල් යැවීමේදී සිදුවන අනතුරු බහුලව වාර්තා වන බැවින් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව...
- Advertisement -spot_img

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...

දත් මැද සිදුරු සකසන නවීන ක්‍රමයක්

දත් මැද සිදුරු සකසන නවීන ක්‍රමයක් අපි දැන් ඉන්නෙ AI ලෝකයේ වුවද තාමත් හිතා ගන්න වත් බැරි මිත්‍යා විශ්වාස අපි...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you