Newsකපිල චන්ද්‍රසේන හිටිහැටියේ ජීවිතක්ෂයට

කපිල චන්ද්‍රසේන හිටිහැටියේ ජීවිතක්ෂයට

-

spot_img

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා මියගොස් සිටියදී ඔහුගේ දේහය අද (08) පෙරවරුවේ ඔහුගේ කොල්ලුපිටිය පිහිටි නිවසේදී සොයාගත් බව පොලිසිය පවසනවා.

එයාර් බස් ගනුදෙනුවකට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඒ මහතාට, ඇප කොන්දේසි උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ යළිත් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (07) වරෙන්තු නිකුත් කර තිබුණා.

කපිල චන්ද්‍රසේන මහතාට ඇප තැබීමට ඉදිරිපත් වූ පුද්ගලයන් දෙදෙනා රුපියල් 15,000 ක මුදලකට පෙනී සිටි කුලී ඇපකරුවන් බවට ඊයේ දිනයේ අධිකරණය හමුවේ අනාවරණය වුණා.

ඔවුන් සැකකරු හඳුනන්නේවත් නොමැති බවත්, ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති බවත් අනාවරණය වීමත් සමඟ අධිකරණය එම ඇපකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර කපිල චන්ද්‍රසේන මහතාට යළි වරෙන්තු නිකුත් කළා.

2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා එයාර් බස් යානා 14ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී සිදුවූවා යැයි කියන අතිවිශාල මූල්‍ය වංචාව සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන මහතාට සහ ඔහුගේ බිරිඳට එරෙහිව අල්ලස් කොමිසම මගින් නඩු පවරා තිබුණා.

මෙම ගනුදෙනුවේදී අල්ලස් මුදල් ඕස්ට්‍රේලියාවේ බැංකු ගිණුමකට බැර කර ඇති බවට ජාත්‍යන්තර පරීක්ෂණවලදීද තොරතුරු හෙළි වී තිබුණා.

Latest news

මන්ත්‍රී වැටුප වැඩිවීම බොරුවක්

මන්ත්‍රී වැටුප වැඩිවීම බොරුවක් ඉන්ධන දීමනාව වර්තමාන මිලට ගැලපීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපේ යම් වැඩිවීමක් සිදුවී ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය...

සූදු වෙබ් අඩවි 24 ක් තහනම්

සූදු වෙබ් අඩවි 24 ක් තහනම් වලංගු බලපත්‍රයක් රහිතව නීති විරෝධි ආකාරයෙන් සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවා පවත්වා ගෙන ගිය...

විනිසුරු විශ්‍රාම වයසට එරෙහි රනිල්ගේ යෝජනාව

විනිසුරු විශ්‍රාම වයසට එරෙහි රනිල්ගේ යෝජනාව විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස වැඩි කිරීමේ තීරණයට එරෙහිව එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී යෝජනාවක් සම්මත කර...

වී වලට මිල සූත්‍රයක්

වී වලට මිල සූත්‍රයක් ආණුඩුව පෙන්වා දෙන ආකාරයේ ලාබයක් වී ගොවිතැන තුළින් ගොවියාට නොලැබෙන බවත් වී සඳහා ලබා දෙන සහතික...
- Advertisement -spot_img

එල්නිනෝ එක්ක එන ලෙඩරෝග

එල්නිනෝ එක්ක එන ලෙඩරෝග - Diseases with El Nino ස්වාභාවික සංසිද්ධි අපට වැළැක්විය නොහැකිය. ඒ උදෙසා කළ යුත්තේ පෙරතියා සූදානම්...

විනිසුරු විශ්‍රාම වයසට එරෙහි රනිල්ගේ යෝජනාව

විනිසුරු විශ්‍රාම වයසට එරෙහි රනිල්ගේ යෝජනාව විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස වැඩි කිරීමේ තීරණයට එරෙහිව එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී යෝජනාවක් සම්මත කර...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you