Interviewsජනප්‍රියත්වය ඇති තරම් ලැබුණත් මහ හිස් කමක් දැනෙනවා

ජනප්‍රියත්වය ඇති තරම් ලැබුණත් මහ හිස් කමක් දැනෙනවා

-

spot_img

ජනප්‍රියත්වය ඇති තරම් ලැබුණත් මහ හිස් කමක් දැනෙනවා – Hrithik Roshan

කලා පවුලක සාමාජිකයෙක් ලෙසින් බොලිවුඩයට අවතීර්ණ වූ රිතික් රෝෂන් නම් වූ ඔහු පිළිබඳව අමුතුවෙන් හැඳින්වීම් අවශ්‍ය නැත. රංගනයෙන් ප්‍රේක්ෂකයා වසඟ කෙරූ ඔහු ග්‍රීක ප්‍රතිමාවක් තරමටම කඩවසම් බව රසික රසිකාවියන් පවසති. විටෙක ප්‍රේමවන්තයාත්, වීරයාත් සේම දුෂ්ටයා ලෙසිනුත් ප්‍රේක්ෂක සිත්වල ලැගුම් ගත් රිතික් පවසන්නේ ඔහු කැමරාවෙන් පිටුපස සැබෑ ජීවිතයේදී වෙනස්ම පුද්ගලයෙක් බවයි. 

Hrithik Roshan

“කැමරාව ඉස්සරහ මම කරන්නේ පුරුදු පුහුණු වුන දෙයක්. ඒක මගේ හැකියාව හෝ දක්ෂකම. ඒත් ඇත්ත ජීවිතේදි ඔයා මාව දැක්කොත් ඔයාට හිනා යන්නත් පුළුවන්. මගේ personal life එක කියන්නෙ වෙනස්ම story එකකට. රැකියාව සහ ඉන් පිටත එදිනෙදා ජීවිතේදි රිතික් රෝෂන් කියන්නෙ එක්කෙනෙක් නෙමේ දෙන්නෙක්.”

ළමා නළුවෙකු ලෙස රඟපෑමෙන් පසු 2000 වසරේ තිරගත වූ කහෝ නා ප්‍යාර් හේ (Kaho Naa Pyaar Hai) චිත්‍රපටය තුළින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට ඔහු සමත් වුණා. ප්‍රේක්ෂකයින් ඔහු ග්‍රීක දෙවියෙක් බඳු යැයි පැවසූ අතර ඔහුගේ රංගනය පිළිබඳව සිය විමතිය පළ කර සිටියා.

Hrithik Roshan

“ඒ කාලේ මට දැණුනෙ මම පිටස්තරයෙක් වගේ. ටිකක් විතර පරාජිතයෙක් වගෙත් දැණුනා. මට යන්න ගොඩක් දුර තියෙනව කියල දැණුනා. ඒ වගේම මම ඒකට සුදුසු හොඳ ආරම්භයක් ගත් බවත් දැණුනා.”

එය සැබෑවකි. කහෝ නා ප්‍යාර් හේ චිත්‍රපටය රිතික් රෝෂන්ව එක රැයින්ම බොලිවුඩයේ සුපිරි තරුවක් බවට පත් කළේ සම්මාන රැසක්ද හිමි කර දෙමිනි.

“මම ආරම්භයේ ඉඳලම රංගනය ප්‍රගුණ කරා. නැටුම්, සටන් ක්‍රම, පෙනුම මේ හැමදෙයක්ම උපරිමයෙන් පවත්වා ගත්තා සහ නිරතුරුවම ගොඩක් පුහුණු වුණා. බොලිවුඩ්වල ගොඩක් නළු නිළියො එකම විදිහේ චරිතවලට සීමාවෙලා. අලුත් දෙයක් අත්හදා බලන්න බයයි. ඇයි ඒ විදිහට තමන්වම සීමා කර ගන්නෙ? මම හිතන්නෙ හොඳම නළුවෙක් නම් කලාව පැත්තෙන් වගේම වාණිජ වශයෙනුත් සාර්ථක වෙන්න ඕනෙ. ඒ වගේම මම කවදාවත් මම අකමැති විදිහේ මට හරියන්නෙ නැති පිටපතක් තියෙන චිත්‍රපටවල රඟපාන්නෙ නැහැ. ඒ වගේම මම වෙහෙස නොබලා මගේ උපරිමය කරනව. ඒ වගේමයි මට කරන්නත් තව ගොඩක් දේවල් ඉතුරු වෙලා තියෙනවා. මිනිස්සු විදිහට අපි අනුවර්තනය වෙන්න ඉගෙන ගන්න ඕනෙ. එතකොට තමයි ඉස්සරහට යන්න පුළුවන් වෙන්නෙ.” 

Hrithik Roshan

පනස් දෙහැවිරිදි රිතික් එසේ පවසයි. 2014 වසරේදී ඔහු රඟපෑ Bang Bang චිත්‍රපටය තිරගත වීමෙන් පසු ඔහුගේ සහ සුසාන් ඛාන්ගේ වසර දහ තුනක විවාහය කෙළවර විය. නමුත් රිතික් සහ සුසෑන් ඔවුන්ගේ පුතුන් දෙදෙනා වන Hrehaan Roshan, Hridaan Roshan වෙනුවෙන් දෙමව්පියන් ලෙසින් සහයෝගයෙන් කටයුතු කරනවා.

“1992 ඉඳලා 2015 වෙනකංම මම වැඩ කරන එක විතරමයි කරේ. රැකියාව ජීවිතේ අංක එක වෙලා තිබුණා. ඇත්තටම මම ගොඩනගා ගත්ත එකම දේත් ඒක විතරයි. සම්මාන ලැබුණත්, ජනප්‍රියත්වය ඇති තරම් ලැබුණත් මට දැණුනෙ මහ හිස් කමක්. ටිකෙන් ටික මට තේරුම් ගියා මේ සාර්ථකත්වය කියලා අපි හඳුන්වන දෙයින් ඇත්තටම අපිට සැනසිල්ලක් ලැබෙන්නෙ නැහැ කියලා. මට ඕනෙ වුනේ ඇත්තටම මම කවුද? මට අවශ්‍ය මොනවද කියලා තේරුම් ගන්න. ශක්තිය කියල කියන්නෙ මැෂින් තුවක්කු අරන් ඉස්සරහට දුවන රැම්බෝ කෙනෙක් වෙන එකට නෙමේ. සටන් කිරීමක් නැතුව, එදිරිවාදියො නැතිව, අපි ජීවිතේ කරන්න ආස දේ කරන එක තමයි අපේ ශක්තිය වෙන්නෙ. ඒ තමයි ඇත්තම අපි. අපේ ප්‍රතිරූපය වෙන්නෙ ඒක. කොහොම වුණත් මම හරි දක්ෂයි චරිතයක් වෙන්න. මම රඟපානකොට ඒ චරිතෙ කරන විදිහ, අඳින පළඳින විදිහ, හෙයා ස්ටයිල් එක මේ හැමදේම, ඒ කියන්නෙ අදාළ පර්සැනලිටි එක හදාගන්න විදිහ හොඳට දන්නවා. ඒ වුණාට ඇත්ත ජීවිතේදි මම ඒ විදිහට රඟපාන්න දන්නෙ නැහැ. මට බැහැ, මට එච්චර ඉවසීමක් හෝ හැකියාවක් ඇත්තෙ නැහැ.” 

Hrithik Roshan

වසර තුනහමාරකට අධික කාලයක සිට රිතික් රෝෂන් ඉන්දීය නිළියක සහ ගායිකාවක වන සාබා අසාද් සමග පෙම් සබඳතාවක් පවත්වමින් සිටිනවා. ඉන්ස්ටග්‍රෑම් හරහා මේ දෙදෙනා තම රසික රසිකාවියන් සමගින් ඔවුන්ගේ ජීවිතය බෙදාගන්නවා. රිතික් පවසන්නේ තමන් දැන් වෘත්තියට වඩා තමන්ගේ පෞද්ගලික ජීවිතය ගැන සිතන බවයි. තමන්ගේ දරුවන්ද ඒ අයුරින් අනාගතයේදී පවුල් ජීවිතයට මුල් තැන දී කටයුතු කරනු ඇතැයි ඔහු බලාපොරොත්තු වෙනවා.

“මම කැමතියි මගේ දරුවො කරන හැම දෙයක්ම ආදරෙන් කරනවනම්. අපි කරන වැඩේට ආදරේ කරන්න ඕනෙ. ප්‍රතිඵලයට ආදරෙන් වැඩ කරන්න යන්නෙ නැතිව. අපේ පරම්පරාව තරඟෙකින්, බයකින් වැඩ කරේ. මට ඕනෙ දැන්වත් ඒ තරඟෙන් මිදෙන්න. ලෝකෙට දේවල් ඔප්පු කරන්න යන්නෙ නැතුව සතුටින් ජීවත් වෙන්න. ජීවිතේ කියන්නෙ සංකීර්ණ ගමනක්. මගෙ ජීවිතේ ගොඩක් දේවල් දැන් මගේ පාලනය යටතේ පවතිනව. නරකම කාල කියලා හිතන කාලවලදී අපි හොඳට ජීවිතේට හැඩගැහෙනවා, ඉගෙන ගන්නවා. අපි ඇතුළෙ පෙරළි සිද්ධ වෙන්නෙ එහෙම කාලවලදි. පරිපූර්ණත්වය කියන දේ තව දුරටත් මගෙ ඉලක්කයක් නෙමේ”

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you