Newsහිටපු ජනපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

-

spot_img

තමන් අසනීප තත්වයෙන් පසුවෙද්දී ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ සියලු දෙනාට කෘතඥතාවය පළකරන බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“අසනීප තත්ත්වය අනාවරණය වීමත් සමගම සුවදුක් විමසමින් සහ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ලැබුණු දුරකථන ඇමතුම්, පණිවුඩ සංඛ්‍යාව අපමණය.

නිරෝගී සුව පතමින් දිවයින පුරා සර්ව ආගමික වතාවත් පැවැත්වීමට ඔබ ගත් ක්‍රියාමාර්ග මගේ සුවිශේෂී ඇගයීමට ලක්වෙයි.

ශ්‍රී ලාංකේය පුරවැසියන් වශයෙන් ඔබ ක්‍රියාවට නැංවූ පියවර ඉක්මන් සුවය ලැබීමට මට මහත් ධෛර්යයක් වූයේය. විශේෂයෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන් මා වෙනුවෙන් තමන්ට හැකි උපරිමයෙන් උචිත ක්‍රියාමාර්ග ගත් බව දනිමි.

මා වෙනුවෙන් ඔබ දැක්වූ සැලකිල්ල සහ උනන්දුව යළි යළිත් අගය කරමි. ඒ වෙනුවෙන් මගේ හදපිරි කෘතඥතාවය පළ කර සිටින්නෙමි.”

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.

පසුගිය මාසයේදී සිංගප්පූරුවේ ප්‍රධාන පෙළේ රෝහලකදී හෘද සැත්කමකට භාජනය වූ වික්‍රමසිංහ මහතා මේ වනවිට සුවය ලබා යළි දිවයිනට පැමිණ සිටී.

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you