Newsමහා භාණ්ඩාගාරය හැක් කරපු කතාව බොරුවක්

මහා භාණ්ඩාගාරය හැක් කරපු කතාව බොරුවක්

-

spot_img

මහා භාණ්ඩාගාරය හැක් කරපු කතාව බොරුවක් – Patali Champika Ranawaka

පවතින ආණ්ඩුව යටතේ රටේ ආර්ථිකයේ කැණි මඩලට හෙණ ගසා ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඊයේ (අප්‍රේල් 26) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසුවේය. හිටපු අමාත්‍යවරයා මේ බැව් සඳහන් කළේ ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ සංවිධානය කළ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මූල්‍ය සහ බලශක්ති යන ක්ෂේත්‍ර රටේ ආර්ථිකයේ කැණි මඩල බවත් ඒ දෙකටම මේ වන විට හෙණ වැදී ඇතැයි පැවසු ඔහු, මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 මුදලක් රටට අහිමි වීම හැකර්වරුන්ගේ වැඩක් ලෙස ප්‍රචාරය පතුරුවන්නේ ඒ සඳහා අනුමැතිය ලබා දුන් නිලධාරීන් සහ ලේකම්වරයාගේ ගැලවීම උදෙසා බවද සඳහන් කළේය .

වැඩිදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මෙසේද පැවැසීය. “ආණ්ඩුවේ නියෝජ්‍ය මුදල් ඇමැති අනිල් ජයන්ත පවසන ආකාරයට නම් මේක හැකර්ලගේ වැඩක්. ඔවුන් පැහැදිලි කරන විදිහට මේ සිදුවෙලා තියෙන්නේ ‘ෆිෂින් ඇටෑක්’ එකක්. ඒ කියන්නේ බිලී පිත්තක් උපයෝගී කරගෙන ධනය නමැති මාළුවා බා ගැනීමේ අවස්ථාවක් උදා කර ගැනීම තමයි මේ වෙලා තියෙන්නේ. ඒ වගේම මේ හැකර් කතාවත් චේතනාන්විතයි. හැකර්වරු කරන්නේ අදාළ පුද්ගලයන්ගේ කිසිදු දැනුවත් වීමක් රහිතව මුදල් හෝ දත්ත සොරා ගැනීමයි. එහෙත් මේ සිදුවෙලා තියෙන්නේ එහෙම දෙයක් නෙවෙයි. තොරතුරු වාර්තා වෙන ආකාරයට අඩුගානේ පස් දෙනෙක් හෝ 18 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක අනුමැතියක් ඇතිව පහළ මට්ටමේ සිට ඉහළට ලේකම්වරයාද දැනුවත්ව කෙරුණු වැඩක්. සාමාන්‍යයෙන් හැකර්වරුන්ගේ ක්‍රියාවලිය සහ මෙහි අතර තිබෙන්නේ ලොකු වෙනසක්. ඒ අනුව අපට මේ වනවිට ඉතා පැහැදිලියි. මේ අනුමැතිය දුන් නිලධාරීන්ගේ සහ ලේකම්වරයා ගලවා ගැනීම උදෙසා හැකර් කතාව ප්‍රචාරය කරනවා කියලා.”

– ධාරා අබේනායක –

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you