Newsමහා භාණ්ඩාගාරය හැක් කරපු කතාව බොරුවක්

මහා භාණ්ඩාගාරය හැක් කරපු කතාව බොරුවක්

-

spot_img

මහා භාණ්ඩාගාරය හැක් කරපු කතාව බොරුවක් – Patali Champika Ranawaka

පවතින ආණ්ඩුව යටතේ රටේ ආර්ථිකයේ කැණි මඩලට හෙණ ගසා ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඊයේ (අප්‍රේල් 26) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසුවේය. හිටපු අමාත්‍යවරයා මේ බැව් සඳහන් කළේ ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ සංවිධානය කළ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මූල්‍ය සහ බලශක්ති යන ක්ෂේත්‍ර රටේ ආර්ථිකයේ කැණි මඩල බවත් ඒ දෙකටම මේ වන විට හෙණ වැදී ඇතැයි පැවසු ඔහු, මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 මුදලක් රටට අහිමි වීම හැකර්වරුන්ගේ වැඩක් ලෙස ප්‍රචාරය පතුරුවන්නේ ඒ සඳහා අනුමැතිය ලබා දුන් නිලධාරීන් සහ ලේකම්වරයාගේ ගැලවීම උදෙසා බවද සඳහන් කළේය .

වැඩිදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මෙසේද පැවැසීය. “ආණ්ඩුවේ නියෝජ්‍ය මුදල් ඇමැති අනිල් ජයන්ත පවසන ආකාරයට නම් මේක හැකර්ලගේ වැඩක්. ඔවුන් පැහැදිලි කරන විදිහට මේ සිදුවෙලා තියෙන්නේ ‘ෆිෂින් ඇටෑක්’ එකක්. ඒ කියන්නේ බිලී පිත්තක් උපයෝගී කරගෙන ධනය නමැති මාළුවා බා ගැනීමේ අවස්ථාවක් උදා කර ගැනීම තමයි මේ වෙලා තියෙන්නේ. ඒ වගේම මේ හැකර් කතාවත් චේතනාන්විතයි. හැකර්වරු කරන්නේ අදාළ පුද්ගලයන්ගේ කිසිදු දැනුවත් වීමක් රහිතව මුදල් හෝ දත්ත සොරා ගැනීමයි. එහෙත් මේ සිදුවෙලා තියෙන්නේ එහෙම දෙයක් නෙවෙයි. තොරතුරු වාර්තා වෙන ආකාරයට අඩුගානේ පස් දෙනෙක් හෝ 18 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක අනුමැතියක් ඇතිව පහළ මට්ටමේ සිට ඉහළට ලේකම්වරයාද දැනුවත්ව කෙරුණු වැඩක්. සාමාන්‍යයෙන් හැකර්වරුන්ගේ ක්‍රියාවලිය සහ මෙහි අතර තිබෙන්නේ ලොකු වෙනසක්. ඒ අනුව අපට මේ වනවිට ඉතා පැහැදිලියි. මේ අනුමැතිය දුන් නිලධාරීන්ගේ සහ ලේකම්වරයා ගලවා ගැනීම උදෙසා හැකර් කතාව ප්‍රචාරය කරනවා කියලා.”

– ධාරා අබේනායක –

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you