NovelsRath Dothaluරත් දෝතළු - 70

රත් දෝතළු – 70

-

spot_img

රත් දෝතළු – 70

මා නිවසේ ජනේල් වසා දමා මුළුතැන්ගෙයට පැමිණියේ තේ සාදන්නටය. ශීලාද එහි පැමිණියේ ඒ මොහොතේය.

“ලොකු සර් කිව්වා මිස්ට උදව්වක් කරන්න කියලා…”

මම පුදුමයෙන් ශීලා දෙස බැලීමි.

“ඒ මොකෝ ශීලාම්මේ…?”

“මංදා පුංචි මිස්… රාඝව මහත්තයාත් ඇවිත් ඉන්න නිසා වෙන්නැති… අද රෑට කෑමට නවතිනවා කිව්වා කියලා ලොකු නෝනා කිව්වා…”

මම කෙටි සුසුමක් හෙළීමි. උයන පිහන එක මට මහ ලොකු දෙයක් නොවේ. අහස් මා පිළිබඳව වද විය යුතු නැත. නොමනාපයක් මා සිතේ ඇතිවූයේ මන්ද කියා මට නොවැටහිණි. මාත් ශීලාත් එකතුව රාත්‍රී ආහාර සැකසීමු. ශීලා ඒ අතරේ නොයෙකුත් දේ පැවසුවද ඒ කිසිත් මා සවනට නොආවේ මා සිත බොහෝ දුරක් ගොස් සිටි නිසා වන්නට ඇත.

“අද පුංචි මිස් ඉන්නේ වෙන කල්පනාවක වගේ… මාත් ඔහේ කියවනවා…”

ශීලා එසේ කියනු නම් මට ඇසුණද මම එයත් නෑසුණා සේ සිටියේ ඇගේ කතාව නවතිනු ඇතැයි සිතාය. රාත්‍රී ආහාර මට ඔවුන් සමඟ එකතුව ගැනීමට සිදු විය. මඟහැර යන්නට මඟක් නොවූ හෙයින් මමද කෑම මේසයට හිඳගතිමි.

“ඔයා මෙහෙම තීරණයක් ගත්තේ ඇයි පුතේ… කසාඳයක් බැඳලා ඔයාගෙම දරුවෙක් හදාගන්න බැරිකමක් ඔයාට නැහැනේ…”

පෙර මාතෘකාව යළි ඇදී ආවේ එවිටය.

“මේක මං අද ඊයේ හිතපු දෙයක් නෙවේ සුදු මම්මා… ගොඩක් කල් ඉඳන් හිතපු දෙයක්…”

“ඕක ගැන මාත් ඇතිවෙන්න කිව්වා ආන්ටි… කොහෙද…අ හන එකෙක්ට එපැයි කියන්න… මෙයා බලන්නේ එක පැත්තක් විතරයි… තව පැති කීයක් බලන්න ඕනද…?”

රාඝව කීවේ අහස්ට අවවාද කර හෙම්බත්ව ඇතිවාක් මෙනි.

“මොනවද….?”

අහස් ඇසුවේ නොමනාපයෙන් මෙනි.

“පැති ගොඩාක් තියනවා…”

“මොනවද ඉතින්…?”

“පළවෙනි එක තමා අම්මා කෙනෙක් ළඟ නැතුව උඹ කොහොමද ඔය දරුවාව හදාගන්නේ…?”

කතාබහට සවන් දීමේ වුවමනාවක් මා තුළ ඇතිවූයේ හදිසියේමය. මම සෙමෙන් බත් ඇනුවා මිස කෑමට පිරියක් නොවීය.

“දරුවෙක් හදන්න අම්මා කෙනෙක් ඕනමද… දරුවා ලැබිලා මාස හයක් යනකල් අම්මා ළඟ ඉන්න ඕන විදියට තමා ඇග්‍රිමන්ට් එක හදන්නෙ… අනික අම්මලා නැතුව දරුවෝ ඇති දැඩි වෙන්නේ නැත්ද…?”

සාවඥ හඬකින් අහස් ඇසීය.

“හැදෙනවා… අනාථ මඩම් වල…”

“උඹට අමතක වෙලා රඝූ… අපි හැදුණෙත් අම්මා ළඟ නෙවේ කියලා… සුදු මම්මාත් නොහිටියා නම් අපිත් අනාථයෝ වගේ තමා…”

“ඉතින් දැන් උඹට ඕන ඒ දේම අර නූපන් දරුවටත් උරුම කරන්නද…?”

“ඒ ළමයාට එහෙම දෙයක් වෙන්නේ නැහැ…”

“ළමයා ලොකු වෙලා කවදාහරි අම්මා කෝ කියලා අහපුදාට මොකද වෙන්නේ…? බර්ත් සර්ට්ෆිකට් එකට අම්මා කෙනෙක්ගේ නම කෝ…?”

“ඕවා ප්‍රශ්න නෙවේ රඝූ… තාත්තාගේ නම බර්ත් සරිට්ෆික්ට් එකේ නැති ළමයි කොයි තරම් ඉන්නවද… මගේ දරුවට මගේ නම දෙනවා නම් තව මොනවද…!”

“දරුවෙක් වුවමනා නම් දැන් මේ ලෝකේ ඕන තරම් දියුණු ක්‍රම තියනකොට මෙහෙම දෙයක් කරන්න ඕන නැහැ…”

“මට එහෙම දෙයක් කරන්න ඕන නැහැ… මං මගේ ෆීලින්ග්ස් නිසා කෙල්ලෙක්ව ඇඳට ගන්න හදනවා නෙවේ… එහෙම ඕන වුණා නම් මට මෙහෙම ප්‍රසිද්ධියේ මේක කරන්න ඕන නැහැ… මට දරුවෙක් ඕන නිසා මම මේ දේ කරන්නේ… හැමදේම නැචුරල් විදියට වෙන්න ඕන…”

“ඒත් මේක අසම්මත ක්‍රියාවක්…”

එවිට අහස් උස් හඬින් සිනහසුණේය.

“කෙහෙල්මල… සම්මතය, සදාචාරය, සංස්කෘතිය, මේ සේරම මිනිස්සු හදාගත්ත ඒවා… ඕවා පිළිපදින මිනිස්සු ඉන්නවද… හොරෙන් වත් වරදක් නොකර අසම්මත දේවල් නොකරන කවුද අද ඉන්නේ… විවාහය කියන්නෙත් දෙන්නෙක්ට එකට ඉන්න පුළුවන් කියලා නීතියෙන් දීපු ලියවිල්ලක්… එහෙම වුණත් එකම කෙනෙක් එක්ක විතරක් පවුල් කන ගැහැණු මිනිස්සු ඉන්නවද… නීත්‍යානුකූලව කරන්නේ කසාඳ බඳින එක විතරයි… අනෙක් හොර වැඩ සේරම හොරෙන් රහසින්… බඳින්න කලින් සෙක්ස් කරපු අය නැත්ද… ගැහැණුන්ගේ විතරක් පිවිතුරු බව හොයන පිරිමින්ට ඒ පිවිතුරු බව තියනවද කියලා බලන්නත් ක්‍රමයක් තිබ්බා නම්… ගොඩාක් දෙනෙක්ට වෙන්නේ බෙල්ලේ වැල දාගන්න… සදාචාරය සම්මතය කියන්නේ ඕකටද… එහෙම දේවල් තියනවා නම් අනාථ නිවාස වල ළමයි ඉන්න ඕන නැහැ… පාරවල් ගානේ බෝක්කු ඇතුළේ… දාලා යන්නේ සම්මතයෙන් ඉපදුණු දරුවෝද…? සත්තු මරන්න එපා මස් කන්න එපා කියලා කෑගහන මිනිස්සු ඇබෝෂන් කරන එකටත් විරුද්ධව කෑගහන්න එපැයි…ඒවාට කොහෙද නීති…කවුද ඕවාට කතාකරන්නේ…හැමදේම බොරුව…මැරි කරපු ගමන් දරුවෝ හදාගන්න බැහැ කියලා බර්ත් කන්ට්‍රොල් කරන් උන් නැත්ද… දරුවෙක් හදාගන්න ආසාවෙන් මැරි කරන අය ඒක කල් දදා ඉන්නේ නැහැ… ලව් කරන නිසා මැරි කරන්න ඕන කියලා හිතනවා… ඊට පස්සෙ මැරි කරනවා… දරුවෙක් හදන්න ඕන නිසා දරුවෝ හදනවා මිසක්… කවුද දරුවෙක් ඕනමයි කියලා හිතලා දරුවෝ හදන්නේ…?”

කීමට කිසිත් නැත. ඔහු පවසන්නේ සත්‍යයකි.

“දරුවෝ ඕනම කියලා හිතලා මැරි කරනවා නම් අඩුම තරමේ එක පවුලක ළමයි දුසිමක් වත් ඉන්න ඕන… කවුද අපිට දරුවෙක් ඕන කියලා හිතලා එකට එකතුවෙන්නේ… දෙන්නාගේ ෆීලින්ග්ස් වල ප්‍රතිඵලය තමා දරුවෝ… එයා එන්නේ අහම්බෙන්… මට ඕන එහෙම දෙයක් නෙවේ… විනෝද වෙන්න නෙවේ… මගේ ෆීලින්ග්ස් නිසා නෙවේ… මට දරුවෙක් ඕන නිසා… කාගෙවත් හැඟීම් නිසා අනාථ වුණු දරුවෙක් නෙවේ… මගේම ලෙයින් හැදුණු දරුවෙක්…”

අහස් නිහඬ වූ අතර ඒ නිහඬ බව එහිද මොහොතකට රජකළේය.

“ඉතින් ඇයි උඹ මැරි නොකරන්නේ…?”

රාඝව සන්සුන් හඬකින් ඇසීය.

“මට මැරිකරන්න ඕන නැති නිසා… බැඳිමකට හිරවෙන්න මං කැමති නැති නිසා…”

“ඒත් පුතේ දරුවෙක් කියන්නෙත් බැඳීමක් නේ…”

“ඔව්… ඒත් ඒ බැඳීම දරුවට විතරයිනේ…”

විනිෆ්‍රීඩා මහත්මිය කළේ සුසුමක් හෙළීමය.

“අනේ මන්දා පුතේ… ඔයාගේ කැමැත්ත… ඔයා කියන දේත් ඇත්ත තමා… ඔයාට හොඳයි කියලා හිතන දේ කරන්න… ලෝකේ මිනිස්සු මොනවා කිව්වත් මොකද…”

විනිෆ්‍රීඩා මහත්මිය කීවේ එසේය. සියුම් දුකක් මා සිතේ ඇති විය. ලබාගත නොහැකි යමක් වෙනුවෙන් මා සිත ළැතැවෙන බව පමණක් මා සිතට දැනිණි.
————————————————————————————————————————————————————-
පසුගිය දිනවල නිවසේ නොසිටි විහඟ නැවත පැමිණියේ පෙරදින රාත්‍රියේය. උදෑසන ආහාරයට ඔහු කෑම කාමරයට පිවිසියේ අත් රහිත ටී ෂර්ටයකිනුත් කොට කලිසමකිනුත් සැරසීගෙනය. අහස් ඔහු දෙස හෙළුවේ නොපහන් බැල්මක් බව මා දෑසට මඟ හැරී නොගියේය. මසින් පිරුණු ඔහුගේ ශක්තිමත් දෙපා දෙස ඉක්මන් බැලමක් හෙළා මම වහා නෙතු ඉවතක රැඳවීමි. අහස්ගේ නොපහන් බැල්මට හේතුව මට පැහැදිළිය. අසුනක් ඇද විහඟ මේසයට හිඳගත්තේ අහස් දෙසට සාවඥ බැල්මක් හෙළමින් කියා මට සිතිණි.

“කීයටද ආවේ චූටි පුතා…?”

විනිෆ්‍රීඩා මහත්මිය විමසුවාය.

“දහයට වගේ… සුදු මම්මා නිදි ඒ වෙලේ… මං ශීලාට කියලා තේකක් හදවාගත්තා…”

මවෙත බැල්මක් හෙළමින් ඔහු කීය. ශීලා පැමිණ තේ රැගෙන ගියා පමණි. තේ සෑදුවේ මාය. අහස් නිහඬවම කෑම කෑවා මිස කතාබහකට නොආවේය.

“මගේ බිග් බ්‍රෝ මෙහෙම දෙයක් කරන්න යයි කියලා… මම නම් නිකමටවත් හිතුවේ නැහැ…”

අහස් බොහෝ වේලාවක් නිහඬව සිටි නිසාදෝ විහඟ එසේ කියා උස් හඬින් සිනහසුණේ සමච්චලයට මෙනි. මම ඒ සිනහව අප්‍රිය කළෙමි.

“කට වහගෙන තමුන්ගේ වැඩක් බලාගන්නවා…”

අහස් කීවේ තර්ජනාත්මක හඬකිනි.

“ඕකේ…ඕකේ… බී කූල් බිග් බ්‍රෝ… බට් අයි කාන්ට් බිලීව් දිස්… එනිවේ… කවද්ද ඉන්ටවීව්…?”

“ඇයි මොකටද අහන්නේ…?”

“මාත් ඉන්නවා ඉන්ටවීව් කරන්න…”

“වට්… ආර් යූ නට්ස්… තමුන් මොකටද…?”

“හරි ඉතින්… ඔයාට සෙට් වෙන්නේ නැති අයව මං සෙට් කරගන්නම්…”

“ගෝ ටු හෙල්… යූ ඉඩියට්…”

එසේ කී අහස් පුටුවද වේගයෙන් පසුපසට තල්ලුකර දමා නැගිට ඉවතට ගියේය.

“ඔයාට හැම එකම ජෝක් චූටි පුතා…”

විනිෆ්‍රීඩා මහත්මියද කීවේ නොසතුටෙනි.

“කවුද හිතුවේ ලෝක පූජිත අහස් වික්‍රමසූරිය මෙහෙම දෙයක් කරයි කියලා…”

ඔහු එසේ කියා යළිත් සිනහසෙන විට විනීෆ්‍රීඩා මහත්මියද ඉවතට ගියේ නොසතුටෙනි. මම කෑම මේසය අස්කරන්නට සූදානම් වූයෙමි.

“තමුන් පරාදයි…”

මා අසලට ළංවූ විහඟ කියනවිට මම පුදුමයෙන් ඔහු දෙස බැලීමි.

-හෙටත් හමුවෙමු-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...
- Advertisement -spot_img

බත් එක රසවත් කරන – බිලිං අච්චාරු

බත් එක රසවත් කරන - බිලිං අච්චාරු ලංකාවෙ කොයි කවුරුත් ආසම කෑමක් තමයි බිලිං අච්චාරු කියන්නෙ. බත් එක රසවත් කරන...

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you