NovelsShort Storiesගැබ්බර හිතක්

ගැබ්බර හිතක්

-

spot_img

ගැබ්බර හිතක් – The Ugly Chair

“මට ඔයාව විශ්වාස කරන්න බෑ”

ඩෑන් මා අසල හිඳිමින් හඬ නගා පවසන්නේ මෙතෙක් වේලා අප අතර පැවති සුවපහසු නිහඬතාව බිඳ දමමිනි. ඔහුගේ වචනවල ඇති කෝපය මා රිදවයි. මගේ හදගැස්ම වේගවත් වන හැටි දැනෙයි.

“ඩෑන්.. ඒ මොනව වුණත්…”

මම එය එතරම් ගණන් නොගන්නා අයුරින් කතා කරමි. ගෘහ භාණ්ඩවලින් පිරුණු මෙතැන ඉඳගෙන රණ්ඩු කිරීමේ උවමනාවක් මට නැත. මම ඉදිරියේ වූ පැද්දෙන පුටුව දෙස බලමි. කළු දුඹුරු පැහැ රටාවක් සහිත ඒ පුටුව අවලස්සන නමුත් සුවපහසු එකකි.

The Ugly Chair

“මට තව දවසයි නිවාඩු. ඔයා ඇයි බබාට ඕනෙ දේවල් බල බලා මගෙ වෙලාව නාස්ති කරන්නෙ? “

මට ඔහුගේ කෝපය දැනෙයි. ගැබිණි බිරිඳ සමග ඉපදීමට සිටින දරුවා වෙනුවෙන් පැද්දෙන පුටුවක් මිලට ගැනීමට කාලය වැය කිරීම වරදක්දැයි මම සිතමි. මට දුකක් දැනේ.

“විනාඩි පහක් දෙන්න. මම ඉක්මනට බලන්නම්.”

මම ඉවසීමෙන් කියමි. මෙය සතුටුදායක මොහොතක් නොවේද? බබාගේ කාමරය වෙනුවෙන් ගෘහ භාණ්ඩ මිළට ගැනීම. නමුත් ඩෑන්ගේ මුහුණ දෙස බැලූ මට ඔහු කළකිරීමෙන් සිටින හැටි පෙනේ. මම ඔහුව එතරම් ගණන් නොගෙන සිටිය යුතුය. එවිට ඔහු සන්සුන් වේවි.

“ඉක්මන් කරන්නකෝ ”

ඔහු හයියෙන් පවසයි. මගේ මුහුණ ලැජ්ජාවෙන් රතුවෙනු දැනේ. කෝපයට පත්වූ විට ඔහුගේ හැසිරීම මෙලෙසය. නිසැකවම මේ පළමු වතාව නොවේ. ඔහු නිතරම උත්සාහ කරන්නේ කෝපය පාලනය කර ගැනීමටයි. කාටවත් ඇහුණාදැයි මම වටපිට බලමි. මට ටිකක් ඈතින් සිටින යුවල සුදු සහ චෙස්නට් පැහැති තොටිල්ලක් තෝරමින් සිටියි. ඔවුන්ගේ මුහුණු ආදරණීයය.

The Ugly Chair

“ඉක්මන් කරලා ගන්න දෙයක් ගන්නවකෝ “

ඔහු යළිත් කෑගසයි. ඔහු සමග ඇවිත් මා කර ගත්තේ මෝඩකමකි. ඩෑන් සාප්පු සවාරි යෑමට කැමති නැත. මම වගේ මෝඩයෙක්!

“ඉන්න මම එකක් තෝරගන්නම්”

අපහසුතාවය මග හරවාගන්නට මෙන් මම දුඹුරු පැහැ කැත පුටුව අසලට යමි. ඇයි ඔහු මේ විදිහට හැසිරෙන්නෙ? මම හැමවිටම උත්සාහ කළේ ඔහුව සතුටින් තැබීමටයි. අපි දෙමව්පියන් වීම ඔහුව සතුටු කරනු ඇතැයි මම බලාපොරොත්තු වූ නමුත් බබෙක් හැදීමට උනන්දු වූවා මිස පියෙකු වීමේ පුවතවත් ඔහුව එතරම් සතුටු කළේ නැත. ඔහුව සතුටු කිරීමට දිගින් දිගටම උත්සාහ කළත් එය අසාර්ථක වෑයමක් වුණේය. මට අසරණකමක් දැණුනි.

“ඇයි මම මෙතන්ට වෙලා ඉන්න ඕනෙ?”

ඔහුගේ ස්වරය දැඩිය. මගේ ඉවසීම නැතිවෙනු දැනේ.

“දෙයියන්ගෙ නාමෙට, කාර් එකට ගිහින් ඉන්න ඩෑන් “

මම හඬනගා පවසන්නේ කැත පුටුව දෙස බලමිනි. ඔහුගේ මූණ බැලුවොත් මට මෙතනින් එළියට යෑමට සිදුවේ.

“මට කමක් නෑ ඔයා කොහෙ ගියත්.මෙතනින් යන්න.”

මම අපහසුවෙන් යුතුව පවසමි. මට ඔහුගේ කෝපය දැනේ. තත්පරයක් එතැනම සිටින ඔහු එතැනින් ඉවතට යයි. මම දිගු හුස්මක් ගනිමි. මාව සන්සුන් කර ගැනීමට උත්සාහ කරමි. ඔහු නැතිවිට බිය සහ කළකිරීම මා වෙළාගනියි. මට පසුව බැනුම් ඇසීමට, මම මොනතරම් නොහික්මුණ, නොවැදගත් අයෙක්ද යන්න ඇසීමට වෙනු ඇත. ඔහුව අපහසුතාවට පත් කිරීම ගැන මම මටම දොස් පවරා ගතිමි. දරු පැටියා කුස තුළ එහෙ, මෙහෙ වනු දැනේ. කුසට පහර දෙනවාක් මෙනි.

The Ugly Chair

“මට සමාවෙන්න රත්තරං”

මම කුසට අත තබමින් මුමුණමි. මගේ ඇස්වල කඳුළු පිරී ඇත. මම ඔහුගේ කෝපය පිළිකුල් කරමි. මට මාව ආරක්ෂා කර ගත නොහැකි වුවොත් ඔහු තවත් දරුණු වෙනු ඇත. මම මා වෙනුවෙන් පෙනී සිටියි නම් ඔහු මට මෙතරම් රිදවන්නේ නැත. මම හිනැහෙමින් සිවිලිම දෙස බලමි. චෝදනා නොකර සිටීමට ඔහු දන්නේ නැත. මින් ඉදිරියට හැමදේම තනියම කරන්නට මම සිතා ගත්තෙමි.

“මේක ගත්තද?”

මම හිස ඔසවා බලනවිට උපැස් පැළඳි මැදිවියේ පිරිමියෙක් මා අසළ සිටියි. ඔහුගේ සිනාව කාරුණිකය. පියෙකුගේ මෙනි. ඔහු කළු සහ දුඹුරු පැහැ කැත පුටුව දෙස බලයි.

“ඔව්” 

The Ugly Chair

මම පවසමි. ඒත් මේ පුටුවට මම එතරම් කැමති නැත.

“අනේ”

ඔහු සමාව අයදින ලෙස හිනැහෙයි.

“කරදර කරාට සමාවෙන්න.”

එසේ පවමින් ඔහු ඉවතට ගමන් කළේය. මට ටිකක් ඈතින් පවුලක් සිටිනු පෙනේ. කුඩා දරුවන් සහ ඔවුන්ගේ මව්වරුන්, පියවරු අත ඩයපර් බෑග්ය. මේසය වටා සිටින කුඩා දරුවන් දෙස බලමින් මැදිවියේ කාන්තාවක් හිනැහෙයි. මැදිවියේ මිනිසා තවත් පුටුවක් පරීක්ෂා කර බැලීමට ඇයට අඬගැසූ අතර ඇය ඔහු අසලට ගියේ සිනහවෙන් මුව සරසාගෙනය. දීප්තිමත් සිනහවක් ඇති මේ ගැහැණියට මම වෛර කරන බව මට හැඟී ගියේය. ඇයට, ඇගේ සතුටින් සිටින පවුලට. පෙනෙන විදිහට ඔවුන් කුඩා දරු කැලකගේ ආච්ච් සහ සීයාය. මම අසල ඇති කැත පුටුව දෙස කෝපයෙන් බලමි. මාස දෙකක් ගතවුණා විතරයි. ඉස්සරහට ඩෑන් හොඳ වේවි. හැමදේම හරියාවි. සතුටින් සිටින විට ඩෑන් කරුණාවන්තයි. මෘදුයි. මම අම්මෙක් වීම ගැන එයා සතුටු වේවි. එසේ සිතමින් මම කැත පුටුවේ ඉඳ ගත්තෙමි. එහි මෘදුබව ගැන මට පුදුමයක් දැණුන අතර සුසුමක් හෙළා හිත සැහැල්ලු කර ගනිමින්, දෙනෙත් වසාගෙන ඕනෑවට වඩා නොසිතා ඉන්නට අදිටන් කර ගත්තෙමි. මේ පුටුව හරිම මෘදුය. සුවපහසුය. එහි ඉඳ ගත් පසු නැගිටීමට නොසිතෙන බව මම දැන ගතිමි.

[ Reedsy වෙබ් අඩවියෙහි පළවූ Lauren C Smith විසින් රචිත The Ugly Chair කතාව ඇසුරෙන් සිදුකළ අනුවර්තනයකි ]

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you