NovelsRath Dothaluරත් දෝතළු - 69

රත් දෝතළු – 69

-

spot_img

රත් දෝතළු – 69

මා සිතේ වූයේ මවිතයකි. නිර්මාණි සුසුමක් හෙළන හඬ මා සවනට ගලාආයේය.

“විවාහය කියන්නේ ආදරයම පිරිණු තැනක් නෙවේ අරවින්දි… අඹුසැමි සබඳතාවයත් හරිම වැදගත්… දරුවෙක් දෙන්නෙක් වැදුවට පස්සේ ගැහැණු හුඟාක් වෙනස් වෙනවා… එයාලා හිතන්නේ දරුවන් ගැන… එයාට අමතක වෙනවා ගෙදර ඉන්න සැමියා ගැන… දරුවන්ගේ වැඩකටයුතු එක්ක එයාට සැමියාව මඟාඇරෙනවා… පිරිමියා එහෙම නෙවේ… එයාට ආදරය වගේම සෙක්ස් ලයිෆ් එකත් ඕන… ගැහැණියක් වියපත් වෙනකොට පිරිමියෙක්ගේ හැඟීම් වියපත් වෙන්නේ නැහැ… ඒක වයසට ගියත් එහෙම තමා… බිරිඳගෙන් තමන් බලාපොරොත්තු වෙනදේ ඉටු නොවන කොට තමා පිරිමියෙක් තවත් ගැහැණියෙක්ගෙන් ඒ දේ බලාපොරොත්තු වෙන්නේ… වයිෆ් කෙනෙක් දැනගන්න ඕනෙ ගෙදර හැම වැඩකටයුත්තක් එක්කම හස්බන්වත් බැලන්ස් කරන්න…ඒක පිරිමියා බලාපොරොත්තුවෙන දෙයක්… ඇල්මැරුණු ගැහැනියකට කැමති වෙන්නේ කවුද… නිදි ඇඳේ විතරක් නෙවේ… හැම පැත්තකින්ම…
ගෙයක් දොරක් පිරිසිදුවට පිළිවෙලට නැති වුණාම ඒ ගෙට ගොඩ වෙන්න හිතෙනවද… නිදියන ඇඳේ දරකොටයක් වගේ හිටියාමත් එහෙම තමා… අන්න ඒක තමා පිරිමියෙක්ගේ ඉවසීම බිඳෙන තැන… මම පිරිමියාව සාධාරණය කරන්න හදනවා නෙවේ… නමුත් ඇත්ත ඕකයි… ළමයෙක් දෙන්නෙක් හදලා… ගෙදර දොරේ වැඩ ටික කරලා තියලා ළමයින්ගේ වැඩත් කරපු පළියට ගැහැණියක් සර්ව සම්පූර්ණ වෙන්නේ නැහැ… අවශ්‍යම තැනදි හැඟීම් දැනීම් මැරිලා නම්…”

නිර්මාණි කතා කළේ අත්දැකීම් ඇති පරිණත ගැහැණියක මෙනි. මට ඈ පිළිබඳව පුදුම නොවී බැරි විය.

“අම්මෝ… මෙයා දන්න ඒවා…”

“මම විතරක් නෙවේ… මේවා ඕනම ගැහැණියක් දැනගන්න ඕන ඒවා… ඔයාත් දැන් පොඩි එකෙක් නෙවේනේ…”

“ඔයා ඕවා ඉගෙනගත්තේ සංජීව්ගෙන්ද…?”

කියා අසන්නට සිතූ මුත් මම නිහඬව සිටියේ එවැන්නකින් ඇගේ සිත රිදෙනු ඇතැයි සිතාය.

“කතා කළේ මොනවටවත්… අහන්න වුණේ තව මොනවත්…”

මම ඇනුමපදයක් කීවෙමි.

“හරවත් දෙයක් අහන්න ලැබුණු එකට සතුටු වෙන්න… අනික තමා මට විහඟ වගේ කෙනෙක් හමුවුණා නම්… මම දන්නවා එයාව හදාගන්න…”

එවර ඈ මට ඇනුම්පදයක් එල්ලකළාය.

“ඔව්…ඔව්… මට හිතාගන්න පුළුවන් මෙයා හදාගන්න හැටි…”

“හරි…හරි… දැන් ඉතින් ඕවා හිතන්න ඕන නැහැ… එන දෙයකට මූණ දෙන්න… වැඩිය හිතන්න ගියාමත් ඒක හිතට බරක්…”

අවසානයේ ඈ කියනවිට මම දිගු හුස්මක් ඇද්දෙමි.
————————————————————————————————————————————————————-
දින කීපයක පටන් අහස් මා මඟහරිනවා යැයි කියා සිතුවිල්ලක් මා සිතේ ඇති විය. ඒ ඔහු කාර්යබහුල නිසාද නැතිනම් එය හුදෙක් මා සිතේ ඇති වූ සිතුවිල්ලක්ද කියා මට සිතා ගන්න අපහසු විය. කෙසේ නමුත් මේ ගෙවුණු කාලයේදී කාර්යාලයේද කිරීමට එතරම් දෙයක් ඔහු මට භාර නොදුන් නිසා පෙර සිතුවිල්ල ඇතිවූවා වියහැකියි. නිවස තුළ වූයේ නිහැඬියාවකි. දෙමලිච්චන් හෝ කොණ්ඩ කුරුල්ලෙකු නඟන හඬවල් ඉඳහිට ඇසේ. උදෑසන ආහාරයෙන් පසුව මම විනිෆ්‍රීඩා මහත්මියගේ බෙහෙත් වේල රැගෙන ආලින්දයට එනවිට ඈ සිටියේ කුමන හෝ දෙයකට තනිව සිනහසෙමිනි. ඇගේ උකුළ මත දිග හරින ලද පුවත්පතක් වූ අතර මම පුදුම වූයේ ඈ දිනපතා හෝ සතිපතා පුවත්පතක් කියවන අයෙකු නොවන බව මේ කෙටි කාලය තුළදී වුවද ඉතා හිඳින් දැන සිටි නිසාය. පුවත්පතේ වූ යමක් ඇයව සතුටට පත්කර ඇතිවාක් මෙනි.

“මැඩම්… බෙහෙත් ටික බොමුද…?”

ඈ මා අතින් බෙහෙත් ටිකත් වතුර වීදුරුවත් ගත්තේ අර මුවේ ඇඳුණු සිනහව පිටින්මය.

“අරවින්දි… පොඩ්ඩක් ගිහින් අර ලෑන්ඩ් පෝන් එකේ කේබල් එක ගළවනවද…?”

බෙහෙත් අහුරම මුවට දමාගත් ඈ වතුර වීදුරුව අඩක්ම පානය කරමින් එය කුඩා ස්ටූලය මත තමබින් කීවාය. පුදුමයක් මා සිතේ ඇති වුවද මම ගොස් ඈ කියූ දේ කර ඈ වෙත එනවිටත් ඈ සිටියේ තනිවම සිනහසෙමිනි.

“අද ඉතින් අපිට තුන්වෙනි ලෝක යුද්දෙට රෙඩි වෙලා ඉන්න වෙයි… එහෙම නොවුණොත් තමා පුදුමේ…”

උපහාසයෙන් යුතුව කී ඈ තරමක් හඬින් සිනහසුණේ මා සිතේ කුතුහළය අවුස්සමිනි.

“ඇයි මැඩම්…?”

පිළිතුරක් නොදුන් ඈ නිහඬවම සිය උකුළ මත වූ පුවත්පත ගෙන මවෙත දිගු කර එහි වූ දැන්වීමක් පෙන්වා එය කියවන්නැයි කීවාය.

විවාහ නොවී දරුවෙක් ලබාදීමට කැමති, අවිවාහක, වැදගත්, චරිතවත්, ගුණයහපත් තරුණියකට ආරාධනා මුදලින් දස ලක්ෂයක්. කොන්දේසි සහිතයි.
විස්තර සඳහා අමතන්න
අහස් වික්‍රමසූරිය.

එහි වූ නම දුටු මා තුළ ඇති වූයේ තැතිගැන්මකි. මා ගත දහදියෙන් තෙත් වනවිට සිරුර වෙව්ළන බව දැනී මම අසල වූ අසුනක හිඳගත්තේ දෙපා පණ නැතිව යනබව දැනීමෙනි. විනිෆ්‍රීඩා මහත්මිය නම් සිටියේ මුව මත පෙර ඇඳුණු සිනහවෙන්මය. ඈ දුරකථන පේනුව ගලවා දමන්නට කී කාරණය මට අවබෝධ වූයේ මෙවිටය.

“දෙවියනේ…! මේ මොනවද වෙන්නේ මැඩම්… අහස් සර් මෙහෙම දෙයක්…?”

වෙව්ළන හඬින් මම කීවේ අදහාගන්නට නොහැකිවය. මෙය විහිළුවක් විය නොහැකිය. ඔහුහේ නම එහි හොඳින්ම පෙනෙන්නට ඇත. මම එය කීපවරක්ම කියවූයෙමි. බලාපොරොත්තු සුන් භාවයක් මා සිතේ ඇති වූයේ මන්ද.?

“කලබළ වෙන්න එපා ළමයෝ… මටත් හිතාගන්න බැහැ මේ ළමයා මොනවා කරන්න යනවද කියලා…”

ඈ එසේ කියන්නට ඇත්තේ මා නොසන්සුන් වූ නිසා වන්නට ඇතිමුත් යළිත් වතාවක් උස් හඬින් සිනහසෙන්නට වූයේ කුඩා දරුවෙකුගේ දඟවැඩක් දැක සතුටුවන මවක මෙනි. දැන්වීම නොදුටුවා නම් මා මෙය කිසිවිටෙක විශ්වාස නොකිරීමට ඉඩ තිබිණි.

“මැඩම්…”

“සොරි ළමයෝ… මට ඒක මතක් වෙනකොටත් හිනායනවා… මේ ළමයා මෝඩයි… නැත්නම් වුවමනාවටත් වඩා අවංකයි… අහස් පුතාගෙ පැත්තෙන් බැලුවාම එයා සීයට සීයක් නිවැරදි නොවෙන්නත් පුළුවන්… හැබැයි එයා චූටි පුතා වගේ නොවුණ එකගැන නම් මට සතුටුයි… මොකද ඒ ළමයා සෙල්ලමට ගෑණු ළමයි ඇසුරුකළේ නැහැ… එයා මේ තීරණේ ගන්න ඇත්තේ හොඳට හිතලා බලලා වෙන්නැති කියලා මම විශ්වාස කරනවා… මේ කොල්ලා මට නිකමටවත් කියලා තිබුණේ නැහැනේ මෙහෙම දෙයක්…”

මා සිත කෙමෙන් කෙමෙන් සන්සුන් වන්නට විය. මා කලබළ වන්නේ මන්ද.? පෙර දිනක අහස් සහ රාඝව කතාබස් කරන්නට ඇත්තේ මේ කාරණාව ගැන බව මට දැන් වැටහිණි. අහස් අවංක වැඩියැයි කියා මටද සිතිණි. නොඑසේ නම් ඔහුට තරුණියක් සමඟ සම්බන්ධතාවයක් ඇතිකරගෙන මෙවන් දෙයක් ඉටුකරගත හැකි නොවේද? නමුත් ඉතින් ආදර සබඳතාවයකින් අනතුරුව ඕනෑම තරුණියක් බලාපොරොත්තුවන්නේ විවාහය නොවේද? මෙවන් දෙයකට එවන් තරුණියක් එකඟ නොවන බව දන්නා නිසාම ඔහු මෙවන් තීරණයක් ගන්නට සිතුවා විය යුතුය.

“විශාකා මැඩම් දැනගත්තාම මොකක් වෙයිද මැඩම්…?”

තැතිගත් හඬින් මම ඇසීමි.

“ඒකනේ මම ඔයාට කිව්වේ තුන්වෙනි ලෝක යුද්දෙට රෙඩි වෙලා ඉමු කියලා…”

ඈ යළිත් උස් හඬින් සිනහසෙමින් කීවාය. අහස් බලාපොරොත්තු වන ලෙසින් මෙයට ප්‍රතිචාර දක්වන තරුණියන් සිටිය හැකිද? එවැන්නකට මව්පියන් ඉඩ දෙනු ඇතිද.? සමහරවිට ලැබෙන මුදල් ත්‍යාග නිසා මෙසේ එකඟවීමට ඉඩ ඇත. මා සිත යළිත් වතාවක් නොසන්සුන් වන්නට විය.

සවස අහස් සමඟ රාඝවද පැමිණියේය. මා සිතේ අමුතු හැඟීමක් ඇතිවුවද මම දැන්වීම පිළිබඳව කිසිත් නොදන්නා බවක් අඟවමින් හැසිරෙන්නට වග බලාගතිමි.

“රාඝව කතා කරලා කිව්වේ ඔයා ඇඩ් එකක් දාලා තියනවා කියලා… මං සුමිත් යවලා පත්තරේ ගෙන්නගත්තා…”

විනිෆ්‍රීඩා මහත්මිය කිසිදු වෙනසක් හෝ නොපෙන්වා අහස් සමඟ එය පවසුවේ සාමාන්‍ය පුවතක් ලෙසිනි.

“අම්මා දැනගත්තොත් ආවේස වෙලා එයි…”

ඈ යළිත් කීවේ අහස්ගේ නිහඬ බව නිසා වන්නට ඇත.

“එයා ලංකාවේ නැහැ සුදු මම්මා… එල්ඩරි හෝම් එකේ අය එක්ක එක්ක දඹදිව ගිහින්…”

මා සිතට සහනයක් දැනිණි. ඈ පැමිණියා නම් දොස් අසන්නට වෙන්නේ අවට සිටින අයටය.

“අනික ඉතින් කවුරු ආවේස උණත් මට මොකද… මං කරන්නේ මට ඕන දේ…”

ඔහු කීවේ දැඩි හඬකිනි. රාඝව තොල්පට අනෙක් පස පෙරළා නළල රැලි නැංවූයේ අහස්ට අවවාද දී හෙම්බත්ව ඇති බවක් පළකරන්නට මෙනි.

-හෙටත් හමුවෙමු-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...
- Advertisement -spot_img

රත් දෝතළු – 67

රත් දෝතළු - 67 විහඟ මේ කුමක් කියනවාද කියා මට සිතාගන්නට නොහැකිය. ඔහු කරන්නේ විහිළුවක් නොවන බව ඔහුගේ මුහුණින්ම මට...

ලංකාවේ ස්කොට්ලන්ත පෝලෝ පිටිය – සෙම්බුවත්ත

ලංකාවේ ස්කොට්ලන්ත පෝලෝ පිටිය - සෙම්බුවත්ත සුන්දර මාතලේ දිසාවේ සොබා දහමේ අසිරිය විඳගැනීමට හැකි අපූරු ස්ථානයක් හඳුන්වා දීමට මෙවර අප...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you