Interviewsමට පිරිමි ළඟ ලොකු නිදහසක් දැනෙනවා

මට පිරිමි ළඟ ලොකු නිදහසක් දැනෙනවා

-

spot_img

මට පිරිමි ළඟ ලොකු නිදහසක් දැනෙනවා – Kristen Stewart

වයස අවුරුදු නවයේදී රංගනයට අවතීර්ණ වූ ඇය ලොව පුරා ජනප්‍රිය තරුවක් බවට පත්වූයේ The Twilight Saga කතා මාලාවේ Bella Swan ලෙසින්. ක්‍රිස්ටින් ස්ටුවර්ට් (Kristen Stewart) හැඳින්වෙන්නේ ඇගේ පරම්පරාවේ සිටින ආකර්ශනීයම සහ වෙනස් නිළියක් වශයෙන්. ජනප්‍රියත්වයට වඩා වෙනස් කතා තේමාවන්ගෙන් යුතු නිර්මාණවල රඟපෑමට ඇය කැමතියි. ක්‍රිස්ටීන් පවසන්නේ ඇයට සහ ප්‍රේක්ෂකයින්ට අභියෝගයක් වෙන විදිහේ චරිත රඟපෑමට කැමති බවයි. Spencer චිත්‍රපටයේ ඩයනා කුමරිය ලෙසින් සිදුකළ රංගනයත් සමගින් ක්‍රිස්ටීන් ස්ටුවර්ට් මේ බව තහවුරු කළ අතර ඒ වෙනුවෙන් ඇකඩමි සම්මානය උදෙසා නිර්දේශ වුණා. 

Kristen Stewart

රඟපෑමෙන් එහා ගිය පෞද්ගලික ජීවිතයේදීද ඇය අව්‍යාජ සහ විවෘත අදහස් දරන කෙනෙක් ලෙස හැඳින්වෙනවා. LGBTQ+ අය වෙනුවෙන් හඬ අවදි කෙරූ ක්‍රිස්ටීන් පසුගිය වසරේදී ඇගේ පෙම්වතිය Dylan Meyer සමගින් විවාහ වුණා. රංගනයට අමතරව ඇය චිත්‍රපට අධ්‍යක්ෂකවරියක්, නිෂ්පාදකවරියක් සහ තිර රචනා කරන්නියක් ලෙසින්ද කටයුතු කරනවා. ක්‍රිස්ටීන් ස්ටුවර්ට් ජීවිතයේ ඉගෙන ගත් පාඩම් කිහිපයක් Esquire හා පවසා සිටියා.

1. අපි නිර්මාණය කරන දේවල් එන්න ඕනේ අපි ආස දේවල් සහ අපිට අවශ්‍ය දේවල් වලින්.

2. කවදාවත් වෙනස් වෙන්නෙ නැති, එකම දේ පැවසෙන කතාවලට වඩා අපි අපේ ආශාවන් නිර්මාණ විදිහට ඉදිරිපත් කරන්න ඕනෙ. පසුබට වෙන්නෙ නැතුව මේක කරන්න මම උත්සාහ කරනවා.

3. ඒ දේවල් මට හමුවුණේ මගෙන්මයි. මට දැනෙන්නෙ ඒක සියවස් ගණනාවක් තිස්සෙ ඉඳලා ආව ගැහැණුන්ගෙ ආශාව, හඬ කියලා. 

Kristen Stewart

4. අනිත් අයට වැඩ කර කර ඉන්න කාලෙක මට The Chronology of Water පොත කියවන්න ලැබුණා. ඒක මට ලොකු බලපෑමක් කරා. හරි නිදහසක් දැනෙන කෘතියක්. ඒක තිරයට ගේන්න මට වාසනාව තිබුණත්, ඒ නිර්මාණය කෘතිය තරම් උසස් නැහැ ඇත්තටම.

5. මිනිසුන්ට තමන් ගැන සමහර දේවල් ප්‍රසිද්ධියෙ කියන්න අපහසුයි. මේකට හේතු තියෙනව. හරි වේදිකාවක් නැති එක, දිරිමත් කරන්න කවුරුත් නැති එක එහෙම නැත්තං ලැජ්ජාව. ඉතින් තමන් කවුද, ඇත්තටම තමන්ට ඕනෙ මොනවද කියලා හොයා ගන්න එක හරි අමාරු වැඩක්.

6. ඔයා ඔයාගෙ ඇතුළෙ හිරකර ගෙන තියෙන දේවල් එළියට ගන්න උත්සාහ කරනකොට ඒ හැඟීම් වඩාත් හොඳින් දැනෙන්න ගන්නවා.

7. ළඟක ඉඳලා මම බිඳ වැටීම් ගැන ආයෙ ආයෙමත් කල්පනා කරලා බලනවා. මගේම බිඳ වැටීම්. අපි විශ්වාස කෙරුව දේවල් යථාර්ථය කියල අපි හිතන් හිටිය දේවල්, බිඳ වැටිලා යනව දකින එක විනෝදයක්. ඒක ඉගෙන ගන්න ඕනෙම දෙයක් කියල ඔයාට තේරෙන්න ගන්නව.

Kristen Stewart

8. No passion is darkness කියලා පැබ්ලෝ ලැරේන් මට කිව්වා. එයා තමයි ස්පෙන්සර් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ. ඔහු මට මගේම භීතීන් පරද්දවන හැටි කියලා දුන්නා. අභියෝගාත්මක නමුත් අත්‍යවශ්‍යම තීරණයක් ගන්න උදව් කෙරුවෙ ඔහු. “චිත්‍රපටයක් නිර්මාණය කිරීමත් ප්‍රේමයක්” බව ඔහු මට පැවසුවා.

9. සියලුම මතකයන් හරිම භෞතිකයි. ඔයාට සිද්ධ වෙන දේවල් ඔයාගෙ ඇඟෙන්ම ආව දේවල් නෙමේ කියලා දැන ගන්නකොට ටිකක් බය හිතෙනව. කොහොම වුණත් මතකයන් හැමදාම අපි එක්ක ඉන්නවා.

10. පවුලක් තියෙන එක හොඳ දෙයක්. ඒක හරිම හොඳයි. ඩිලන් මගේ ජීවිතේට ආවම මම කිව්වා, “ඔයා වටේ ඉන්න මිනිස්සුන්ව තෝරාගෙන ආශ්‍රය කරන එක හරිම වැදගත්” කියලා. ඩිලන් මෝඩයන්ට කැමති නැහැ. මම හැම වෙලාවෙම මෝඩයෙක් වගේ පේන්නෙ නැහැනේ. ඇත්තටම මම හොඳ මනුස්සයෙක්.

11. ඔයාගේ ජීවිතේ ඔයාගෙම බව මතක් කරලා දෙන කවුරුහරි ඉන්න එක ශක්තියක්.

12. කෙනෙක්ව ආකර්ශනය කරන්නෙ කුතුහලය.

13. නරක මිනිස්සු හැම අතින්ම නරකයි. මට ඔවුන්ව අප්‍රසන්නයි. 

Kristen Stewart

14. මට සතුටු දැනෙන හොඳම දේ තමයි මගේ බිරිඳ සහ සුරතල් සත්තු එක්ක එකට ඉඳගෙන හයියෙන් පොත් කියවන එක. East of Eden, Wuthering Heights, Jane Eyre, The Heart Is a Lonely Hunter වගේ කතා බෙදා ගන්න එක.

15. මම සතුටු වෙන්න කරන පුංචි දෙයක් තමයි උදේට හැමෝටම කලින් නැගිටල පැයක් දෙකක් තනියෙන් ඉන්න එක. මම හැම තිස්සෙම මිනිස්සු එක්ක ඉන්න නිසා ඒක හොඳයි. මගේ ලග්නෙ මේෂ. ඒ නිසාම මිනිස්සුන්ව ඇසුරු කරනව වැඩියි. ඉතින් මම කැමතියි වෙලාව හොරකම් කරලා ටිකක් තනියම කාලෙ ගෙවන්න.

16. ගොල්ෆ් සෙල්ලං කරනකොට හොඳට සෙල්ලං කරන්න මම උත්සාහ කරනව. සමහර වෙලාවට මම අදහන්න බැරි තරම් දක්ෂයි. සමහර වෙලාවට මම ජීවිතේට බෝලයක් ගහල නෑ වගේ හැසිරෙන්නෙ.

17. මම හොඳට විහිළු කරන්න දන්නව. Smoke කරද්දි හොඳට දුම් වළල්ලක් පිට කරන හැටි වගේම joint එකක් ගානට ඔතන හැටිත් දන්නව.

18. ගොඩක් පිරිමි කාන්තාවන්ට පීඩාවක් වෙන විදිහට වැඩ කරනව. නමුත් සහතිකවම හැම පිරිමියෙක්ම එහෙම නැහැ. 

Kristen Stewart

19. මට සහෝදරයෙක් හිටියත් හැදී වැඩුණේ ආදරණීය වගේම පිස්සු වැඩ කරන කොල්ලො කීප දෙනෙක් එක්ක. කොල්ලොන්ට තරහ යන හේතු වගේම සමහර දේවල් ගැන එයාලගෙ නොදැනුවත්කමට මට නිතරම හිනා යනව.

20. මට ඕනම දෙයක් කියන්න පුළුවන් පිරිමි ළඟ ලොකු නිදහසක් දැනෙනවා. මට ඕනේ ඒ අය මගෙ යාළුවො කරගන්න. අපිට නිදහසේ ඉන්න දෙන අය ජීවිතේ ඉන්න එක මරු.

21. මට ඕන හැම කෙනෙක් එක්කම පුළුවන් තරම් සමීප වෙන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...
- Advertisement -spot_img

රත් දෝතළු – 67

රත් දෝතළු - 67 විහඟ මේ කුමක් කියනවාද කියා මට සිතාගන්නට නොහැකිය. ඔහු කරන්නේ විහිළුවක් නොවන බව ඔහුගේ මුහුණින්ම මට...

ලංකාවේ ස්කොට්ලන්ත පෝලෝ පිටිය – සෙම්බුවත්ත

ලංකාවේ ස්කොට්ලන්ත පෝලෝ පිටිය - සෙම්බුවත්ත සුන්දර මාතලේ දිසාවේ සොබා දහමේ අසිරිය විඳගැනීමට හැකි අපූරු ස්ථානයක් හඳුන්වා දීමට මෙවර අප...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you