FeaturesMathaka Banawaraදරුඵල අහිමි කරන හෝමෝන තත්වය

දරුඵල අහිමි කරන හෝමෝන තත්වය

-

spot_img

දරුඵල අහිමි කරන හෝමෝන තත්වය – PCOS

Polycystic Ovary Syndrome (PCOS) කියන්නෙ කාන්තාවන්ට බහුලව තියෙන තත්වයක්. ඇත්තටම මේක හෝමෝන සම්බන්ධ ප්‍රශ්නයක්. මේ තත්වය කාන්තාවන්ගෙ ප්‍රජනන සෞඛ්‍යයට බලපානවා. මේකට හේතුව හෝමෝනවල ඇතිවෙන අසමතුලිතතාවක්. සමාජයේ මතයක් තියෙනවා PCOS කියන්නෙ ඩිම්බකෝෂවල ගෙඩි ඇතිවීම කියලා. නමුත් ඇත්තෙන්ම මේ තත්වය තියෙන හැම කාන්තාවකටම ඩිම්බකෝෂ ගෙඩි හටගැනීමක් වෙන්නෙ නැහැ. මේ තත්වය නිසා ඔසප් චක්‍රය අක්‍රමවත් වීම, පරිවෘත්තිය ක්‍රියාවලියට බාධා ඇතිවීම සිද්ධවෙන්න පුළුවන්.

• මොකක්ද මේ PCOS කියලා කියන්නෙ?

කාන්තාවකගේ ඩිම්බ කෝෂ සාමාන්‍ය ප්‍රමාණයට වඩා පිරිමි හෝමෝන (androgens) නිපදවන්න ගත්තම තමයි මේ තත්වය ඇති වෙන්නෙ. මේක මාසික ඔසප් වීම නියමිත විදිහට සිද්ධ වෙන්න බාධාවක්. PCOS තියෙන අයට අක්‍රමවත් ඔසප් චක්‍රයක්, සිරුරේ අධික ලෙස රෝම වැවීම, නිතර නිතර කුරුලෑ හට ගැනීම, බර වැඩිවීම වගේම කල් ගතවීමේදී දෙවන වර්ගයේ දියවැඩියාව සහ හෘද රෝග සඳහාත් හේතු වෙන්න පුළුවන් නිසා මෙය ප්‍රජනක පද්ධතියට විතරක් බලපාන ගැටළුවක් නෙමෙයි. ඒ නිසා රෝගය තිබෙන මුල් අවස්ථාවලදීම වෛද්‍යවරයෙක් වෙත යොමු වීම වැදගත්.

PCOS

• PCOS හැදෙන්නෙ ඇයි?

මේකට තවම නිශ්චිත හේතුවක් හොයාගෙන නැහැ. පර්යේෂකයන් පවසන්නෙ ජානමය, හෝමෝන සහ පාරිසරික සාධක වගේ දේවල් මෙයට බලපානව කියලා.

* හෝමෝන අසමතුලිතතාවය

PCOS ඇති කාන්තාවන්ගේ සිරුරේ වැඩිපුර ඇන්ඩ්‍රොජන් නිපදවන නිසා අක්‍රමවත් ඔසප් වීම, කුරුලෑ සහ අධික රෝම වර්ධනය සිද්ධ වෙනවා.

* ඉන්සියුලින් ප්‍රතිරෝධය

PCOS ඇති බොහෝ කාන්තාවන්ගේ සිරුරේ සෛල ඉන්සියුලින් වලට ප්‍රතිචාර දක්වන්නෙ අඩුවෙන්. මේ නිසා අග්න්‍යාශය රුධිරයේ සීනි කළමනාකරණය කිරීම සඳහා වැඩි ඉන්සියුලින් නිපදවන්න පුළුවන්. එවිට ඉහළ ඉන්සියුලින් මට්ටම් ඇන්ඩ්‍රොජන් නිෂ්පාදනය තවත් වැඩි කරන්නෙ PCOS රෝග ලක්ෂණ තව තවත් වැඩි කරමින්. මේක දෙවන වර්ගයේ දියවැඩියාවටත් හේතුවක්.

PCOS

* ජාන විද්‍යාව

පවුලේ PCOS සම්බන්ධ ඉතිහාසයක් තියෙනවනං මේ තත්වය ඇතිවෙන්න තියෙන අවදානම ඉහළයි.

* ජීවන රටාව සහ පරිසරය

උදාසීන ජීවන රටාව, පෝෂණ ඌනතා, අධික තරබාරුවත් මෙයට හේතුවක්.

• PCOS රෝග ලක්ෂණ

කාන්තාවන් අතර PCOS හි රෝග ලක්ෂණ පුළුල් ලෙස වෙනස් වේ. සමහරුන්ට මෘදු වෙනස්කම් පමණක් අත්විඳිය හැකි අතර අනෙක් අයට බරපතල රෝග ලක්ෂණ කිහිපයක් ඇත. පොදු රෝග ලක්ෂණ අතර:

• අක්‍රමවත් ඔසප් වීම

• අධික රෝම වර්ධනය
(මුහුණේ, පපුවේ, උදරයේ හෝ පිට ප්‍රදේශයේ රෝම අධික වීම. මේ රෝම ඝනකමින් වැඩියි)

• කුරුලෑ සහ තෙල් සහිත සම (මුහුණේ, පපුවේ, පිටේ පවා කුරුලෑ ඇතිවීම)

• බර වැඩිවීම

• හිසකෙස් තුනී වීම

• සමේ ඇතිවන පැල්ලම්

acanthosis nigricans නමින් හඳුන්වන මෙම පැල්ලම් බෙල්ලේ, කිහිලිවල, ඉකිලිවල හෝ පියයුරු යට හටගන්නවා.

PCOS

• සරුභාවය පිළිබඳ ගැටළු

අක්‍රමවත් ඩිම්බ මෝචනය නිසා දරුඵල ප්‍රමාද වීම, ස්වභාවිකව පිළිසිඳ ගැනීම අසීරු වීම සිදු වෙන්න පුළුවන්. ඇත්තටම කාන්තාවන්ගෙ මද සරුබවට ප්‍රධානම හේතුවක් තමයි PCOS.

රුධිර පරීක්ෂණ ඇතුළු ක්‍රම මගින් වෛද්‍යවරු මේ රෝග තත්වය සොයාගන්නවා. මෙම ලක්ෂණ තියෙනවනම් වෛද්‍යවරයෙක් හමුවීම වැදගත්. PCOS නිට්ටාවටම සුව කරන්න බැරි වුණත්, තත්වය පාලනය කර ගන්න පුළුවන්කම තියෙනවා.

• PCOS සඳහා ප්‍රතිකාර

* ජීවන රටා වෙනස්කම්
ධාන්‍ය වර්ග, පලතුරු, එළවළු සහ ප්‍රෝටීන් සහිත ආහාර ගන්න.

* ව්‍යායාම
දිනපතා ශාරීරික ක්‍රියාකාරකම් සිදුකිරීමෙන් ඉන්සියුලින් සංවේදීතාව, හෝමෝන සමතුලිතතාවය සහ බර කළමනාකරණය සිදු කරගන්න පුළුවන්. සිරුරේ බර අඩුවූ විට ඔසප් චක්‍රය පවා ක්‍රමවත් වෙන්න ගන්නවා.

PCOS

* ඖෂධ

වෛද්‍ය නිර්දේශය මත ඔසප් චක්‍රය ක්‍රමවත් කරන සහ, ඇන්ඩ්‍රොජන්, ඉන්සියුලින් පාලනය කරන ඖෂධ වර්ග ලබා ගන්න.

• මද සරුභාවය සඳහා ප්‍රතිකාර

ඩිම්බ මෝචනය ඇති කරන ඖෂධ දරු පිළිසිඳ ගැනීමට උපකාරී වෙනවා. සමහර අවස්ථාවලදී, (IVF) වැනි ප්‍රතිකාරවලට යොමු වෙනවා.

ලොව පුරා මිලියන ගණනක් කාන්තාවන්ට ගැටළුවක් ව ඇති මේ PCOS තත්වය මුල් කාලීනව හඳුනාගෙන, වෛද්‍ය උපදෙස්වලට අනුව කටයුතු කිරීමෙන් මදසරු බව ඇතුළු ගැටළු ඇතිවීම වළක්වා ගන්න පුළුවන්.

Latest news

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...
- Advertisement -spot_img

නිවාඩු කාලෙට සුන්දර චාරිකාවක්

නිවාඩු කාලෙට සුන්දර චාරිකාවක් - සීතාවක උද්භිද උද්‍යානය මෙරට උද්භිද උද්‍යානයක් මුලින්ම නිර්මාණය වන්නේ 1821 දීය. ඒ පේරාදෙණිය රාජකීය උද්භිද...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you