More
    ArtBoring Life එකේ Break එක Vacation එකක්

    Boring Life එකේ Break එක Vacation එකක්

    -

    spot_img

    Boring Life එකේ Break එක Vacation එකක් – People We Meet on Vacation

    Travel කරන්න කවුද අකමැති? වැඩ රාජකාරිවලින් ඈත්වෙලා boring life එකට break එකක් දීලා, නිදහසේ ඇවිදින්න, vacation එකකට යන්න තියෙනවනං කියලා අපි හැමෝම දවසට වතාවක් හරි හිතනව ඇති. trip එකක් යනව කියන්නෙ ඇත්තටම මරු වැඩක්. කැමති විදිහකට ඉන්න, කැමති දෙයක් කරන්න, අලුත් අලුත් අය මුණගැහෙන්න පුළුවන්. එහෙම බැලුවාම Poppy කියන්නෙ හරිම lucky කෙල්ලෙක්. ඇය travel writer කෙනෙක්. ලෝකෙ වටේ ඇවිදලා ඒ ගැන ලියන එකයි ඇගේ රස්සාව වුණේ. 

    People We Meet on Vacation

    Poppy එයාගෙ job එකට ආදරේ බව අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. ඇගේ ජීවිතේම වුණේ travel කරන එක. vacation එකක් වගේ ජීවිතයක් ගෙව්ව, නිදහස්, එක තැනක හිරවෙලා ඉන්න අකමැති කෙල්ලෙක්. ඇගේ යහළුව Alex ට තිබුණෙ ඊට හාත්පසින්ම වෙනස් ගතිගුණ. ගුරුවරයෙක් වුණ ඔහු කැමති වුණේ නිස්කලංක ජීවිතේකට. ගෙදරට වෙලා පොතක් කියවන්න. එක තැනකට වෙලා ඉන්න. අහසයි පොළවයි වගේ වුණ මේ දෙන්නා අවුරුදු දහයක විතර ඉඳන් හැම summer එකටම මුණ ගැහිලා trip එකක් යන්න පුරුදුවෙලා හිටියා. ජීවිතේ මොන දේවල් සිද්ධ වුණත්, කවුරු මුණ ගැහුණත් ඔවුන් මේ පුරුද්ද දිගටම කරගෙන ගියා. යහළුවො විදිහට ඔවුන් එක් රැස් කරගත්තු, අත්විඳි සුන්දර මතක බොහොමයි. ඒ කොහොම වුනත් මේ වෙනකොට මේ දෙන්නගෙ මිත්‍රත්වය තරමක් පළුදු වෙලා, දෙන්නා දුරස් වෙලා තිබුණා. ඒ වගේම Poppy ට එයාගෙ අපූරු රස්සාවත් එපා වෙන්න අරන් තිබුණා.

    People We Meet on Vacation

    ජීවිතේ vacation එකක් තරම් විනෝදය පිරුණු, නිදහස් එකක් වුණානම් කොච්චර අපූරුද කියලා අපි කවුරුත් හිතනව. වගකීම් නැති, බලාපොරොත්තු නැති, අහඹු අය මුණගැහෙන කතාවකට කවුරුත් කැමතියි. එහෙ මෙහෙ පාවෙමින් ජීවත්වෙන්න මිනිස්සු ආසයි. ඒත් හැමදාමත් එහෙම ඉන්න පුළුවන්ද? ජීවිතේ කියන්නෙත් ගමනක්. ඒ ගමන තනියෙන් යන එක සෑහෙන්න අමාරුයි. ඒ නිසා අපිට partner කෙනෙක් ඕනෙ. ආදරේ ඕනෙ. තැනින් තැන නොයා, ගිමන් හරින්න සැනසෙන්න නිවහනක් ඕනෙ. නිවහනක් කියන්නෙ ගෙයක් විතරක්ම නෙමේ. නිවහන කියන්නෙ අපිට අපි විදිහටම ඉන්න පුළුවන්, අපිව නිවන තැනට. ආදරේ කියන්නෙත් නිවහනක්. ජීවිතේ විඩාව නිවන තැන.

    People We Meet on Vacation

    දින ගතවෙලා යනකොට, ජීවිතේ ඉස්සරහට යනකොට අපිට වෙහෙස, ඒකාකාරී බව වැඩි වැඩියෙන් දැනෙන්න ගන්නව. ඒ තමයි ආදරේ අවශ්‍යම මොහොත. හරිම වෙලාව. ඒ වෙලාව එනකං අපි කරන්නෙ එහෙ මෙහෙ වෙවී, ඇවිදිමින්, විවිධ අය ඇසුරු කරමින්, සම්බන්ධකම් හදාගනිමින් මොනවදෝ අඩුවක් හොයන එක. ඒ තමයි ආදරේ. ආදරේ ලැබුණම තමයි මනුස්සයෙක්ට සැනසීම ලැබෙන්නෙ. එතකොට මැරෙනකංම ජීවිතේ vacation එකක් තරම් නිදහස්. ප්‍රීතිමත්.

    People We Meet on Vacation

    2026 අවුරුද්දෙ ජනවාරිවල release වුණ People We Meet on Vacation චිත්‍රපටය, Brett Haley ගේ අධ්‍යක්ෂණයක්. Emily Henry විසින් ලියූ People We Meet on Vacation පොත ඇසුරින් නිමවුණ මේ චිත්‍රපටයේ Emily Bader, Tom Blyth ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    අයතුල්ලා අලි කමේනිගේ බිරිඳව ඝාතනය කෙරේ

    ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේ දී ඝාතනය කර ඇතැයි ඉරාන...

    ගුවන් ප්‍රහාරයකින් ඉරාන ජනපති මරුට

      අමෙරිකානු - ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර‍යකින් හිටපු ඉරාන ජනපති මහමුද් අහමදිනෙජාඩ් ( Mahmoud Ahmadinejad ) ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා. ප්‍රහාරය...

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට මිසයිල ප්‍රහාර

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල්...

    පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැදවූ ගුවන් අනතුර

    බොලීවියානු ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එහිදි තවත් පිරිසක් තුවාල...
    - Advertisement -spot_img

    ගුවන් ප්‍රහාරයකින් ඉරාන ජනපති මරුට

      අමෙරිකානු - ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර‍යකින් හිටපු ඉරාන ජනපති මහමුද් අහමදිනෙජාඩ් ( Mahmoud Ahmadinejad ) ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා. ප්‍රහාරය...

    රත් දෝතළු – 41

    රත් දෝතළු - 41 අහස් විදෙස්ගතව සතියක් ඉක්ම ගොසිනි. ඔහු පිටව ගියදා නම් මා සිතට සියුම් දුකක් දැනිණි. මේ ගෙවුණු...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page