More
    Artමිහිදන් කළ රහස් සදාකාලික නැත

    මිහිදන් කළ රහස් සදාකාලික නැත

    -

    spot_img

    මිහිදන් කළ රහස් සදාකාලික නැත – ධර්මයුද්ධය 2

    පසුගිය ජනවාරි මාසයේ ධර්මයුද්ධය 2 චිත්‍රපටිය තිරගත වුණේ 2017 වසරේ නිකුත් වූ ධර්මයුද්ධය චිත්‍රපටයේ දිගුවක් ලෙසින්. එනම් හරිස්චන්ද්‍ර නැමති පියා සහ ඔහුගේ පවුලේ අය මුහුණ දුන් සිදුවීම් දාමයේ ඊළඟ අදියර ලෙසින්. ධර්මයුද්ධය පළමුවැනි චිත්‍රපටය අවසන් වන්නේ ප්‍රේක්ෂක සිත්වල කුතුහලයක් ඉතිරි කරමින්.

    ආදරණීය පවුලක සාමාජිකයින් වුණ හරිස්චන්ද්‍ර, රාණි, අචිනි සහ සචිනි ගේ පවුලේ එතෙක් පැවති සාමය බිඳීයන, බිහිසුණු සිදුවීමකට මුහුණ දෙන්න ලැබෙන්නේ 2017 අගෝස්තු මාසයේ එක්තරා දිනයකයි. ධනවත් බලවත් පවුලක පුතෙකු වූ ෂේන්, හරිස්චන්ද්‍රගේ වැඩිමල් දියණිය අචිනිට අයුතු යෝජනාවක් සිදු කිරීමත්, ඒ අවස්ථාවේ ඇතිවන ගැටුමක් නිසා ඇය අතින් ෂේන් මරණයට පත්වීමත් සිදුවනවා. පවුලම එකතුවී මළසිරුර සඟවන අතර එතැන් පටන් ඔවුන් එම රහස ආරක්ෂා කිරීමට සැළසුම් සහගතව කටයුතු කරනවා. තම පවුලේ ආරක්ෂාව සහ දියණියන්ගේ ගෞරවය උදෙසා පියෙක් ලෙස හරිස්චන්ද්‍ර ඉතාමත් සූක්ෂ්මවත සහ සැළසුම් සහගතව කටයුතු කිරීම චිත්‍රපටයේ කතා තේමාවයි.

    Dharmayuddhaya 2

    දෙමාපියන්ට කුමන තත්වයකදී වුවත් තම දරුවන් වටිනවා සහ ඔවුන් දරුවන්ට පණ මෙන් ආදරය කරනවා. ෂේන්ගේ මව සහ පියා තම පුතාට සිදුවූ අපරාධය පිළිබඳව දුක් කඳුළු හෙලමින් සිටියා. ඔහුගේ මව විශාඛාට අවශ්‍ය වී තිබුණේ හරිස්චන්ද්‍රගේ පවුලෙන් පළිගන්න. ඇය ඒ වෙනුවෙන් තම ධනයත්, බලයත් පාවිච්චි කරමින් සිටියා. තමන් දක්ෂ ලෙස සියල්ල වසං කර ඇතිබව හරිස්චන්ද්‍ර සිතා සිටියත් ෂේන්ගේ පවුල සහ පොලිසිය ඔහු පසුපස හඹා ඒම නතර කර තිබුණේ නැහැ.

    සිද්ධියෙන් වසර කිහිපයකට පසු හරිස්චන්ද්‍ර වෘත්තීයමය අතින් සාර්ථක වී, සිනමා ශාලාවක හිමිකරුවෙක් බවට පත්ව සිටියා. ඔහුගේ සිහිනය වුණේ චිත්‍රපටයක් නිපදවීම. තිර රචනය සකස් කරමින් ඔහු ඒ වෙනුවෙන් වෙහෙසුණා. අතීතයේ රහස් තවමත් ඔවුන් පසුපස හඹා ආවත් පවුලක් ලෙසින් ඔවුන් සිව් දෙනා ආදරයෙන් සහ සතුටින් අනිත් අයට උදව් කරමින් ජීවත්වුණා. හරිස්චන්ද්‍ර ඉතාමත් සටකපට ලෙස සියල්ලන් මුළාකර ඇති නමුත් ඔහු ෂේන්ගේ මළසිරුර සැඟවූ තැන ඇසින් දුටු එක් අයෙකු හෝ සිටිනු ඇති බවට පොලිසිය විශ්වාස කළා. සැබැවින්ම ඒ රාත්‍රියේ උදැල්ලක් අතැතිව සිටි හරිස්චන්ද්‍රව දුටු එක්තරා පුද්ගලයෙක් සිටියා. තම පුතාගේ ඇටකටු ටිකවත් සොයාදෙන්නැයි ෂේන්ගේ පියා පොලිසියෙන් අයැද සිටියා. එදින රැයේ හරිස්චන්ද්‍රව දුටු පුද්ගලයා කවුද? ෂේන්ගේ මළසිරුර වළලනු තමා දුටු බව ඔහු පොලිසියට සාක්ෂි ලබා දෙයිද?

    Dharmayuddhaya 2

    අපරාධයක්, රහසක් වසන් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. ඒ රහස් හෙළිදරව් වීමට මාන බලමින් සිටිනවා. පිරිමියෙක් මොළයෙන් කල්පනා කර රහස් රැකුවත්, හදවතින් සිතන ගැහැණුන්ට රහස් රැක ගන්න හරි අමාරුයි. නාඳුනන කෙනෙක් හෝ කිසියම් කාරුණිකත්වයක් දැක්වූ විට ඔවුන් වලදැමූ රහස් පවා දිග හරිනු ඇති. නමුත් හරිස්චන්ද්‍ර ගැහැණුන්ගේ ස්වභාවය හොඳ හැටි දැන සිටියා.

    මේ කතාවේ දෙපාර්ශ්වයම දෙමව්පියන් සටන් වදින්නේ තම දරුවන් වෙනුවෙන්. හරිස්චන්ද්‍ර තම දියණියගේ ගෞරවය උදෙසා ඝාතනයක් සැඟවූවා. අනෙක් පසින් තම පුතා මොනතරම් නරක අයෙක් වුණත් ෂේන්ගේ දෙමව්පියන්ගේ සිත්වල ඔහුට ඇති ආදරය අඩුව තිබුණේ නැහැ. නීතියට, සමාජයට, ලෝකයට මොනතරම් වැරදියට පෙණුනත්, අපරාධකරුවන් වුණත්, දරුවෙක් කෙරෙහි මවකගේ පියෙකුගේ ප්‍රේමය යටපත් වෙන්නේ නැහැ. මෙලොව අන් දරුවනුත් තමාගේ දරුවා වැනිමය යන්න නොතේරෙන තරමට සමහර වෙලාවට ඒ සෙනෙහස හරි ආත්මාර්ථකාමීයි. එවැනි බැඳීම් අතර සිරවූ දෙපාර්ශ්වයක සටන ගැනයි මේ කතාව. ජයග්‍රහණය කාටද? වැරදිකරුවන්ට සොබාදහම දඬුවම් ලබා දෙනවා. ඒවගේම සොබාදහම ඉතාමත් පුදුමසහගත ලෙස නිවැරදිකරුවන් ආරක්ෂා කරනවා. එවිට ඔවුන්ට ගණදෙවි නුවණ පහළ වෙන්නේ හිතාගන්නත් බැරි විදිහට.

    Dharmayuddhaya 2

    ධර්මයුද්ධය 2 චිත්‍රපටය අපූරු සිනමා අත්දැකීමක්. අධ්‍යක්ෂණය අරුණ ජයවර්ධන විසින්. හරිස්චන්ද්‍ර ලෙසින් බිමල් ජයකොඩි රඟපානවා. දිල්හානි ඒකනායක, තිසුරි යුවනිකා, විනුමි වංශධී, කුසුම් රේණු, ඩග්ලස් රණසිංහ, කුමාර තිරිමාදුර, ලාල් කුලතුංග, අශාන් ඩයස්, දිනක්ෂි ප්‍රියසාද්, සනත් ගුණතිලක, මෞලි ෆර්ඩිනැන්ඩෝ, නලින් ලුසේනා, කලණ ගුණසේකර, මැල්කම් මචාඩෝ ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා. ධර්මයුද්ධය 2 සිරස මාධ්‍ය ජාලයේ (මහරාජා ටෙලිවිෂන් නෙට්වර්ක්ස්) නිෂ්පාදනයක්.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    පොලිස් විදුහලේ ගුටි කෙළියක්

    කළුතර පොලිස් අභ්‍යාස විදුහලේ පොලිස් පුහුණුව ලබමින් සිටි ආධුනික කොස්තාපල්වරු දෙදෙනෙක් බහින් බස් වී එක් අයෙකු අනෙකාට තියුණු අවියකින්...

    78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 49කට ජනපති සමාව

    78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 49 දෙනෙකු විශේෂ ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාට...

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 26

    රත් දෝතළු - 26 මා සිතුවේ මෙහි රැකියා ලබාගත්තා නම් මට විනීෆ්‍රීඩා මහත්මිය රැකබලාගෙන මෙහිම නැවතී සිටියහැකි නොවේද කියාය. මෙවන්...

    Sex ගැන මුළින්ම දැනගත්තෙ ටයිටැනික් ෆිල්ම් එකෙන්

    Sex ගැන මුළින්ම දැනගත්තෙ ටයිටැනික් ෆිල්ම් එකෙන් - Parvathy Thiruvothu කේරළයට ආවේණික සුන්දරත්වය උරුම කරගෙන මලයාලම් සිනමාවට පැමිණි Parvathy Thiruvothu...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page