ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද උදෑසන දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීම අද සිට ලබන 23 දක්වා පැවැත්වෙන බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සදහන් කළේ.
‘A Spirit of Dialogue’ යන තේමාව යටතේ පවත්වනු ලබන 2026 ලෝක ආර්ථික සංසදය සඳහා රාජ්‍ය නායකයින්, ප්‍රමුඛ බහුජාතික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ තාක්ෂණ නවෝත්පාදකයින් ඇතුළු ගෝලීය නායකයින් 3,000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතයි.
මෙම සංචාරය අතරතුර, අග්‍රාමාත්‍යවරිය සහ ජාත්‍යන්තර නායකයින්, ගෝලීය ආයතන ප්‍රධානීන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් අතර ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවක් පැවැත්වීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය අංශය වැඩිදුරටත් සදහන් කළේ.



