Artවෙන්වීමක් වුණත් ආදරණීය වෙන්න ඕනෙ

වෙන්වීමක් වුණත් ආදරණීය වෙන්න ඕනෙ

-

spot_img

වෙන්වීමක් වුණත් ආදරණීය වෙන්න ඕනෙ – A Merry Little Ex-Mas

ආදරේ කියන්නෙ කිසිම දිනක නොමියෙන ජීවමාන හැඟීමක්. සබඳතාවයක්, විවාහයක් ඇතුලෙ දිගු කාලයක් එකට ජීවත්වුණාම ගොඩක් අය හිතන දෙයක් තමයි, ‘ඉස්සර වගේ නෙමෙයි දැන් ආදරේ අඩුවෙලා’ කියන දේ. දිගින් දිගටම එහෙම හිතලා තවදුරටත් එකට ඉඳීම තේරුමක් නැහැ කියලා හිතෙන්නත් පුළුවන්. නමුත් ආදරේ කෙරුව දෙන්නෙක්ට එහෙම හිතුව තරම් ඉක්මනින්, ලෙහෙසියෙන් වෙන් වෙන්න පුළුවන්ද? ස්විච් එකක් on – off කරනව වගේ? 

A Merry Little Ex-Mas

හැමදෙයක්ම perfect, සුන්දර සිහිනමය ආදර කතාවක් අවසානයේ විවාහ වුණු යුවළක්. ප්‍රීතිමත් ජීවිතයක්. දරුවන්. කේට් සහ එවරෙට් කියන මේ යුවළට තිබුනෙ පෙනෙන විදිහට බොහොම perfect life එකක්. නමුත් විවාහ වෙලා කාලය ගත වෙනකොට රැකියාව, නොගැලපෙන අදහස් වගේ දේවල් නිසා ඇතිවුණු නොහොඳ නෝක්කාඩුකම් විරසකවීම් නිසා මේ දෙන්නා දික්කසාද වෙන්න තීරණය කළා. ඒත් දුවෙක්ගෙ සහ පුතෙක්ගෙ දෙමව්පියන් විදිහට ළමයි දෙදෙනා ලොකුමහත් වෙනකං පවුලක් විදිහට එකට ඉන්න ඔවුන් තීරණය කරලා තිබුණා. කාලය ඉක්මනින් ගතවෙලා මේ වෙනකොට ළමයි යමක් කමක් තේරෙන යොවුන් වයසට ඇවිත් නිසා කේට් සහ එවරෙට් හිටියෙ ළඟදීම දික්කසාද වෙන බලාපොරොත්තුවෙන්. ඔවුන් දැනටමත් වෙන්වෙලා ජීවත්වුණා. ඒ විතරක් නෙවෙයි එවරෙට් අලුත් පෙම්වතියකුත් සොයාගෙන තිබුණා.

A Merry Little Ex-Mas

මොන දේ වුණත් පවුලක් කියන්නෙ එහෙම සදහටම වෙන්වෙලා ඉන්න පුළුවන් තැනක්, බැඳීමක් නෙමේ. දරුවන් හින්දා මේ දෙන්නා තීරණය කළා මේ වතාවෙ නත්තල හැමෝම එකතුවෙලා පවුලක් විදිහට celebrate කරන්න. ඒ නිසා කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි කේට් සහ එවරෙට් යුවළට ටික දවසක් එකට ජීවත්වෙන්න සිද්ධවෙලා තිබුණා. ඒ දවස් ගතවුණේ පරණ හුරුපුරුදු විදිහට. සමහර වෙලාවට දැණුනෙ ඔවුන් අතරෙ කිසිම විරසකයක් සිද්ධ වෙලා නැහැ වගේ. පැරණි සුන්දර මතක අලුත් වුණා. සමහරවිට වෙන් වෙන්න තීරණය කළේ ඇයි කියන එකට පැහැදිළි උත්තරයක් ඔවුන් දෙන්නා ළඟම නැතිව ඇති. ඒ වගේම වෙන්වෙලා ගතකෙරුව කාලය ඇතුළත ඔවුන් කොයිතරම් වෙනස්වෙලා ද කියන ඇත්තත් ඔවුන්ට වැටහෙන්න ගන්නව. ජීවිතේ අපිව දවසින් දවස පරිණත කරවනව. සමහරවෙලාවට ඇයට කවදාවත් කරන්න බැරි යැයි ඔහු විශ්වාස කෙරුව දේවල් ඇය කරලා තියෙන්න පුළුවන්. ඔහු සිතුවට වඩා ඇය ශක්තිමත්, වෙනස් ගැහැණියක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට සිද්ධවෙන්නෙ අපි එකිනෙකාව තේරුම් ගන්න එක නතරකරන එක. අපි එය ආදරේ නැතිවීම කියලා වැරදියට වටහා ගන්නවා.

A Merry Little Ex-Mas

ආදරේ කරන අලුත වගේ නෙමෙයි කල් ගතවෙනකොට අපි ටිකක් ආත්මාර්ථකාමී වෙනව. එකිනෙකාගෙ අදහස්වලට ගරු කරන්න, සමාව ඉල්ලන්න, සමාව දෙන්න මැළි වෙනවා. විරසකයන් ඇරඹෙන්නේ එතැනින්. නත්තල වෙනුවෙන් එක්ව ගතකරන ඒ දින කිහිපය ඇතුළෙ සමහරවෙලාවට කේට් සහ එවරෙට් අපහසුතාවට පත්වුණු, ඉරිසියා හිතුණු, මොහොතවල් තිබුණා. නමුත් ඔවුන් දෙන්නම ටික ටික සැබෑව වටහා ගනිමින් සිටියා. ආදරේට දෙවැනි අවස්ථාවක් තිබෙන බව. පවුල ඇතුළෙ තියෙන ආදරය, සහයෝගය, උණුසුම අපිට මේ ලෝකෙ වෙන කිසිම තැනකින් ගන්න බැහැ. පවුල, නිවස කියන්නෙ හැඟීමක්. සම්ප්‍රදායක්. ඒක ඇතුලෙ අපි එකිනෙකාව තේරුම් ගන්න ඕනෙ. සමාව දෙන්න ඕනෙ. සමුගැනීම් වුණත් ආදරණීය සමුගැනීම් විය යුතුයි.

A Merry Little Ex-Mas

නත්තලේ සතුට මැදින් කේට් සහ එවරෙට් තේරුම් ගන්නව ඔවුන්ගෙ ආදරේ මිය ගිහින් නැතිබව. නත්තල සංකේතවත් කරන්නෙ ආදරයේ උපත. අළුත් බලාපොරොත්තු, සතුට. ආදරණීයයන් එක්ක එකතුවෙලා උණුසුම් විදිහට නත්තල සමරන්නෙ ඒ නිසා. එය බැඳීම්වල අගය, සමාව දීම, බෙදාහදා ගැනීම, ප්‍රීතිය ගැන වටහා දෙනවා. නත්තල මේ ලෝකයට ආදරේ පණිවිඩය රැගෙන එනවා. ආදරේ කියන්නෙ මොහොතින් මොහොත අලුතෙන් උපදින, සදාතනික හැඟීමක්.

Latest news

නැදුන්ගමුවේ ඇත් රජු යලි ඉපදේ

දළඳා වහන්සේ වැඩමකරවූ නැදුන්ගමුවේ  රාජාගේ ප්‍රතිනිර්මාණය එළඹෙන අද සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, අනුව...

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි

Pornhub වෙතින් ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ට තහංචි වැඩිහිටියන් සඳහා වෙන්වූ වෙබ් අඩවි උදෙසා ඔස්ට්‍රේලියානු රජය හඳුන්වා දුන් නව නීති පද්ධතියට විරෝධය පළ...

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑමක් ගැන අනාවරණයක්

නෞකා දෙකෙහි සිටි පිරිස යළි ඉරානයට නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම්...

ඉරාන යුද්ධය නිමාවන කාලය ගැන ට්‍රම්ප් කතා කරයි

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ගල්ෆ් කලාපයේ ඇති වූ යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබෙනවා.එම ගැටුම්...
- Advertisement -spot_img

රත් දෝතළු – 47

රත් දෝතළු - 47 ඔහු සිනහසෙමින් මා දෙස බලා සිටියේය. එම සිනහව තුළ වූයේ උපහාසය මුසු බවක් නොව දඟකාර බවකි. "මාත්...

කටට සැරට චිලි පේස්ට්

කටට සැරට චිලි පේස්ට් - Chilli Paste කටට සැරට කන්න කැමති අය ආසම දෙයක් තමයි චිලි පේස්ට්. රයිස්, නූඩ්ලස්, කොත්තු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you