Newsඉතියෝපියානු ගිනි කන්දේ දුමාරය ඉන්දීය අහසට

ඉතියෝපියානු ගිනි කන්දේ දුමාරය ඉන්දීය අහසට

-

spot_img

ඉතියෝපියාවේ හයිලි ගුබ්බි ගිනි කන්ද සක්‍රීය වීම හේතුවෙන් වායු ගෝලයට නිකුත් වූ දැවැන්ත ඝන දුමාරය ඉන්දියාවේ දිල්ලි නගරයට ඇතුළු වී තිබෙනවා.

එම ගිනි කන්ද පුපුරා යාමෙන් ඇති වූ ඝන දුමාරය අහසේ කිලෝ මීටර් 14ක පමණ වපසරියක් පුරා පැතිර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

පසුගිය ඉරිදා උදෑසන පුපුරා ගිය එම ගිනි කන්දේ අළු සහිත විෂ දුම ඊයේ රාත්‍රියේ දිල්ලියට ඇතුළු වී තිබෙනවා.

වායු ගෝලයේ අඩි දහස් ගණනක් ඉහළට නැඟුණු එම දුමාරය ඉතියෝපියාවේ සිට යේමනය සහ ඕමානය දක්වාත් අරාබි මුහුද හරහා බටහිර සහ උතුරු ඉන්දියාව දෙසට හමාගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

එම දුම් වළාකුළු අද පස්වරුව වන විට ඉන්දීය අහසින් ඉවතට ගමන් කර චීනය දෙසට පා වී යනු ඇතැයි අපේක්‍ෂා කෙරෙනවා.

ඉතියෝපියාවේ ඊසානදිග කලාපයේ පිහිටා ඇති හයිලි ගුබ්බි ගිනි කන්ද සක්‍රීය වී ඇත්තේ වසර 12,000ක පමණ කාලයකට පසුව බවටයි අනුමාන කෙරෙන්නේ.

ගිනි කන්ද පුපුරා යාමෙන් නිකුත් වූ දුම් වළාකුළු හේතුවෙන් ඉන්දියාව ඇතුළු බටහිර ආසියානු කලාපයේ ගුවන් ගමන්වලටද බාධා එල්ල වුණා.

ඒ හේතුවෙන් ඉන්ඩිගෝ, අකාසා එයාර්, කේ එල් එම් ඇතුළු තවත් ගුවන් සමාගම් කිහිපයක් ගුවන් ගමන් වාර රැසක් අවලංගු කර හෝ නැවත හරවා යවා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you