More
    Newsඉතියෝපියානු ගිනි කන්දේ දුමාරය ඉන්දීය අහසට

    ඉතියෝපියානු ගිනි කන්දේ දුමාරය ඉන්දීය අහසට

    -

    spot_img

    ඉතියෝපියාවේ හයිලි ගුබ්බි ගිනි කන්ද සක්‍රීය වීම හේතුවෙන් වායු ගෝලයට නිකුත් වූ දැවැන්ත ඝන දුමාරය ඉන්දියාවේ දිල්ලි නගරයට ඇතුළු වී තිබෙනවා.

    එම ගිනි කන්ද පුපුරා යාමෙන් ඇති වූ ඝන දුමාරය අහසේ කිලෝ මීටර් 14ක පමණ වපසරියක් පුරා පැතිර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

    පසුගිය ඉරිදා උදෑසන පුපුරා ගිය එම ගිනි කන්දේ අළු සහිත විෂ දුම ඊයේ රාත්‍රියේ දිල්ලියට ඇතුළු වී තිබෙනවා.

    වායු ගෝලයේ අඩි දහස් ගණනක් ඉහළට නැඟුණු එම දුමාරය ඉතියෝපියාවේ සිට යේමනය සහ ඕමානය දක්වාත් අරාබි මුහුද හරහා බටහිර සහ උතුරු ඉන්දියාව දෙසට හමාගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

    එම දුම් වළාකුළු අද පස්වරුව වන විට ඉන්දීය අහසින් ඉවතට ගමන් කර චීනය දෙසට පා වී යනු ඇතැයි අපේක්‍ෂා කෙරෙනවා.

    ඉතියෝපියාවේ ඊසානදිග කලාපයේ පිහිටා ඇති හයිලි ගුබ්බි ගිනි කන්ද සක්‍රීය වී ඇත්තේ වසර 12,000ක පමණ කාලයකට පසුව බවටයි අනුමාන කෙරෙන්නේ.

    ගිනි කන්ද පුපුරා යාමෙන් නිකුත් වූ දුම් වළාකුළු හේතුවෙන් ඉන්දියාව ඇතුළු බටහිර ආසියානු කලාපයේ ගුවන් ගමන්වලටද බාධා එල්ල වුණා.

    ඒ හේතුවෙන් ඉන්ඩිගෝ, අකාසා එයාර්, කේ එල් එම් ඇතුළු තවත් ගුවන් සමාගම් කිහිපයක් ගුවන් ගමන් වාර රැසක් අවලංගු කර හෝ නැවත හරවා යවා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වුණේ.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page