ත්‍රිකුණාමලය සිදුවීම පදනම් කරගෙන තමන්ගේ ‘සිහින දේශපාලන මාවත’ විවර කර ගැනීමට කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඒ අනුව, මෙම සිදුවීම භාවිතා කරමින්, තමන්ගේ දේශපාලන ගමන් මග සාදා ගැනීමට හෝ රැස්වීම්වලට සෙනඟ ගෙන්වා ගැනීමට රජය කිසිදු ඉඩක් ලබා නොදෙන බවයි අද (18) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
ත්‍රිකුණාමලයේ විහාරස්ථාන භූමියක තැන්පත් කර තිබුණු බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට පොලීසිය පියවර ගැනීමේ සිද්ධියේදී, පොලීසිය අතින් යම් වරදක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකර අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවද කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළා.
බුදු පිළිම වහන්සේ ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර ඇත්තේ එහි ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කිරීමට බවත්, ඉන්පසු නැවත බුදු පිළිමය එම ස්ථානයේ තැන්පත් කර ඇති බවත්, ඔහු පැවසුවා.
මේ සම්බන්ධයෙන් වන නඩුව නොවැම්බර් 26 වැනිදා කැඳවීමට නියමිත අතර, ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.



