More
    Artආදරේ අපිව ශක්තිමත් කරනවා

    ආදරේ අපිව ශක්තිමත් කරනවා

    -

    spot_img

    ආදරේ අපිව ශක්තිමත් කරනවා – Dead of Winter

    ජීවිතය ගැන අවබෝධය ලැබෙන්නෙ ජීවත්වීම තුළින්. ඒක හරියට ජලාශයක ගැඹුර දැනගන්න වතුරට බහින්නම ඕනෙ වගේ දෙයක්. කාලය ගෙවී යමින්, වැරදීම්, අහිමිවීම් සිදුවෙමින් අත්දැකීම් ලබමිනුයි අපි ශක්තිමත් වෙන්නෙ. ජීවිතේ ගැන ඉගෙන ගන්න තියෙන ප්‍රායෝගිකම විදිහ ජීවත්වීම. 

    Dead of Winter

    Barb වියපත් ගැහැණියක්. සරලව ජීවත්වුණ ඇය අතීතයේ ආදරේ පිරුණ ජීවිතයක් ගෙව්ව කෙනෙක්. ඇය ජීවත්වුණේ ඒ ආදරණීය මතකයන් එක්ක. ශීත සෘතුවේ කටුක දවසක Barb උතුරු මිනසෝටාවල හිල්ඩා විල වෙත ගමන් කරන්නෙ මියගිය සැමියාගෙ අළු විලට දාන්න හිතාගෙන.

    Dead of Winter

    හිම කුණාටුවක් මැද්දෙ ගමන් කරන ඇය අතරමග තිබූ cabin එකකට ගොඩවදිනවා. බිහිසුණු සිදුවීම් පෙළක ආරම්භය සිද්ධවෙන්නෙ එලෙසින්. එහි වෙසෙන පිරිමියා සහ කාන්තාව තරුණ ගැහැණු ළමයෙකු සිර කරගෙන සිටින බවත් ඔවුන් ඇයව මරා දමන්නට සූදානම් වන බවත් Barb දැන ගන්නවා. එතැන් පටන් ඇගේ උත්සාහය මේ භයානක මිනිසුන්ගෙන් තරුණියව බේරා ගැනීම. ඇගේ ඒ උතුම් අරමුණ වෙනුවෙන් අවශ්‍ය ශක්තියත්, නොපසුබට උත්සාහයත් ඈ තුළ අඩු නැතිව තිබුණා. මේ කතාව ඇගේ වීරත්වය ගැන.

    Dead of Winter

    ජීවිතේ සරල, සුන්දර බව, ආදරය හඳුනන මිනිසුන් හැම මොහොතෙම උත්සාහ කරන්නෙ අනෙකා වෙනුවෙන් යහපත සිදු කරන්න. ආදරේ මිනිස්සුන්ව ශක්තිමත් කරනවා. ලෝකයට ආදරේ කරන්න පොලඹවනවා. තවකෙකුගේ ජීවිතේ වෙනුවෙන් පුංචි හරි යහපතක් කරාම අපිට පුළුවන් කවදහරි දවසක සැනසිල්ලෙ මේ ලෝකෙන් සමුගන්න.

     

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page