Artආදරේ අපිව ශක්තිමත් කරනවා

ආදරේ අපිව ශක්තිමත් කරනවා

-

spot_img

ආදරේ අපිව ශක්තිමත් කරනවා – Dead of Winter

ජීවිතය ගැන අවබෝධය ලැබෙන්නෙ ජීවත්වීම තුළින්. ඒක හරියට ජලාශයක ගැඹුර දැනගන්න වතුරට බහින්නම ඕනෙ වගේ දෙයක්. කාලය ගෙවී යමින්, වැරදීම්, අහිමිවීම් සිදුවෙමින් අත්දැකීම් ලබමිනුයි අපි ශක්තිමත් වෙන්නෙ. ජීවිතේ ගැන ඉගෙන ගන්න තියෙන ප්‍රායෝගිකම විදිහ ජීවත්වීම. 

Dead of Winter

Barb වියපත් ගැහැණියක්. සරලව ජීවත්වුණ ඇය අතීතයේ ආදරේ පිරුණ ජීවිතයක් ගෙව්ව කෙනෙක්. ඇය ජීවත්වුණේ ඒ ආදරණීය මතකයන් එක්ක. ශීත සෘතුවේ කටුක දවසක Barb උතුරු මිනසෝටාවල හිල්ඩා විල වෙත ගමන් කරන්නෙ මියගිය සැමියාගෙ අළු විලට දාන්න හිතාගෙන.

Dead of Winter

හිම කුණාටුවක් මැද්දෙ ගමන් කරන ඇය අතරමග තිබූ cabin එකකට ගොඩවදිනවා. බිහිසුණු සිදුවීම් පෙළක ආරම්භය සිද්ධවෙන්නෙ එලෙසින්. එහි වෙසෙන පිරිමියා සහ කාන්තාව තරුණ ගැහැණු ළමයෙකු සිර කරගෙන සිටින බවත් ඔවුන් ඇයව මරා දමන්නට සූදානම් වන බවත් Barb දැන ගන්නවා. එතැන් පටන් ඇගේ උත්සාහය මේ භයානක මිනිසුන්ගෙන් තරුණියව බේරා ගැනීම. ඇගේ ඒ උතුම් අරමුණ වෙනුවෙන් අවශ්‍ය ශක්තියත්, නොපසුබට උත්සාහයත් ඈ තුළ අඩු නැතිව තිබුණා. මේ කතාව ඇගේ වීරත්වය ගැන.

Dead of Winter

ජීවිතේ සරල, සුන්දර බව, ආදරය හඳුනන මිනිසුන් හැම මොහොතෙම උත්සාහ කරන්නෙ අනෙකා වෙනුවෙන් යහපත සිදු කරන්න. ආදරේ මිනිස්සුන්ව ශක්තිමත් කරනවා. ලෝකයට ආදරේ කරන්න පොලඹවනවා. තවකෙකුගේ ජීවිතේ වෙනුවෙන් පුංචි හරි යහපතක් කරාම අපිට පුළුවන් කවදහරි දවසක සැනසිල්ලෙ මේ ලෝකෙන් සමුගන්න.

 

Latest news

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක්

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් මානසික සෞඛ්‍යය...

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...
- Advertisement -spot_img

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you