More
    FeaturesStephen King ත්‍රාසජනක කතා කලාවේ රජු

    Stephen King ත්‍රාසජනක කතා කලාවේ රජු

    -

    spot_img

    Stephen King නම් මෙම අමෙරිකානු ලේඛකයා හැඳින්වෙන්නේ King of Horror නොඑසේ නම් ත්‍රාසජනක කතා ලිවීමේ ලොව අංක එකේ ලේඛකයා ලෙසින්. ත්‍රාසජනක කතන්දර කලාවේ සළකුණක් බඳු වූ ඔහු නවකතා 60 කට අධික සංඛ්‍යාවක්, කෙටිකතා දෙසියයකට අධික ප්‍රමාණයක් රචනා කර තිබෙන අතර එම කතා අනුසාරයෙන් සැකසූ චිත්‍රපට, රූපවාහිනී කතාමාලා බොහොමයක් තිබෙනවා. ත්‍රාසජනක තේමාවට පමණක් සීමා නොවූ ඔහුගේ ලේඛන විලාසය විවිධාකාර තේමාවෙන් ගවේෂණය කරන ඔහුටම අනන්‍ය වූ අපූර්වත්වයකින් යුතුයි. පසුගිය සැප්තැම්බර් 21 වැනිදා ඔහු සිය 78 වැනි උපන්දිනය සැමරුවා.

    Stephen King

    1947 සැප්තැම්බර් 21 වැනිදා ස්ටීවන් කිං උපත ලබන්නේ අමෙරිකාවේ Maine හි දී. ඔහුට වයස අවුරුදු දෙකේදී පියා ඔවුන්ව අතහැර යන අතර එතැන් පටන් ඔවුන්ව ඇති දැඩි කරන්නේ මව විසින්. ආර්ථික අපහසුතා තිබුණද ඔවුන්ගේ මව නෙලී රූත් තම පුතුන් දෙදෙනාට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු කළා. කුඩා කළ පටන්ම ඔහු පොත් කියැවීමට දැඩි ඇල්මක් දැක්වූ අයෙක්. චිත්‍ර කතා රැගත් සඟරා, ත්‍රාසජනක කතා, විද්‍යා ප්‍රබන්ධ ඔහුගේ ප්‍රියතම දේවල් වුණා. වයස අවුරුදු 13 දී ඔහු කතන්දර ලිවීම ඇරඹුවා. උසස් අධ්‍යාපනය සඳහා Maine විශ්ව විද්‍යාලයට ඇතුළු වූ කිං ශිෂ්‍ය පුවත්පත් සඳහා ලිපි ලියූ අතර 1970 දී උපාධිය ලබා ගත්තා. 1971 වසරේදී ඔහු ලේඛිකාවක් වූ සිය ප්‍රේමවන්තිය Tabitha සමග විවාහ වූවා. ලේඛකයන් අතරින් දිගු කාලීන සහ ආදරණීය යුග දිවියක් ගත කරන දෙදෙනෙක් ලෙසින් ඔවුන් හැඳින්වෙනවා. ඔහුගේ ජීවිතයේ කඩාවැටීම්, ජයග්‍රහණයන් හැමදෙයකදීම ඇය නොසැලී ඔහු හා සිටියා. උපාධිය ලැබීමෙන් පසු කුඩා රැකියාවල නිරත වූ ඔහු ඉංග්‍රීසි ඉගැන්වීමේ යෙදුණ අතර විවේකයේදී ලිවීම් කටයුතු සිදු කළා. පාසලේදී කොන් වුණු අහිංසක හුදකලා ගැහැණු දැරිවියක් පිළිබඳ ලියූ කතාව ඔහුම කුණු කූඩයට දැමීමට සූදානම් වූ අතර බිරිඳ Tabitha එය ප්‍රකාශයට පත් කරන්නැයි ඉල්ලා සිටියා.

    Stephen King

    ස්ටීවන් කිංගේ ප්‍රථම කෘතිය Carrie පාඨකයා අතරට එන්නේ එලෙසින්. කෙටි කාලසීමාවක් තුළම එය සාර්ථකත්වයක් අත්කර ගත් අතර 1976 දී Carrie චිත්‍රපටය නිකුත් වුණා. ඉන්පසුව ඔහු පූර්ණකාලීනව ලේඛනයේ යෙදීමට අදහස් කර ගත්තා. ඊළඟ දශකය තුළ ඔහු සම්භාව්‍ය කෘති මාලාවක්ම පාඨකයා වෙත තිළිණ කළා. Salem’s Lot (1975), The Shining (1977), The Stand (1978), Firestarter (1980), Pet Sematary (1983) It (1986) ඒ අතරට අයත් . භයංකාර ලෝකයකට පාඨකයා කැටුව යන මේ කතාවලට හිමි වූ අසීමිත පාඨක ආකර්ෂණය ස්ටීවන් කිං ලොව වඩාත්ම ජනප්‍රිය ත්‍රාසජනක නවකතාකරුවා බවට පත් කළා. නිරතුරුවම ඔහු ලියූ කතන්දර වලට පසුබිම් වන්නේ ඔහු උපන් Maine ප්‍රදේශයයි. ඔහු පාඨකයා බිය ගැන්වීමෙන් පමණක් තෘප්තිමත් නොවූ අතර විශ්වීය තේමා ඇතුළත් සිය කතන්දර තුළින් ළමා කාලය, මතකයන්, යහපත, අයහපත, සාධාරණය,අසාධාරණ, මිත්‍රත්වය, ජයග්‍රහණය වෙනුවෙන් සටන් කිරීම යනාදී අනේකවිධ තේමාවන් ගැන කතා කළා. තමා බිහිසුණු ජීවීන් ගැන ලියන බවත් ඔවුන් අසාමාන්‍ය තත්වයන් වල සිටින මිනිසුන්ම බවත් ඔහු වරෙක සඳහන් කළා. ඔහුගේ The Mist (1980), Cujo (1981), Rita Hayworth and Shawshank Redemption (1982), Thinner (1984), Misery (1987), The Green Mile (1996) කෘති ඇසුරෙන් නිපදවූ චිත්‍රපටද අතිශය ජනප්‍රිය වුණා. සමහර තිර රචනාද ලියා ඇත්තේ ඔහු විසින්මයි.

    Stephen King

    1980 ගණන්වලදී, මත්ද්‍රව්‍ය සහ මත්පැන් වලට අධික ලෙස ඇබ්බැහි වී සිටි ඔහු පසුව සාර්ථකව එම ඇබ්බැහියෙන් මිදෙන්නට සමත් වුණා. 1999 දී, මේයින්හි දී වෑන් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලැබූ කිං ටික කලකට ලිවීමෙන් විශ්‍රාම ගැනීමට සිතුවත් ඉක්මනින්ම යළිත් ලේඛනයට අවතීර්ණ වුණා. විවෘත දේශපාලන අදහස් සඳහා ප්‍රසිද්ධ ප්‍රජාතන්ත්‍රවාදියෙකු වන ඔහු සෞඛ්‍ය සේවා, අවි ආයුධ පාලනය, කතා කිරීමේ නිදහස සහ සමාජ සාධාරණය වැනි කරුණු සම්බන්ධයෙන් සිය අදහස් නිරතුරුවම සිය X ගිණුමේ ප්‍රකාශ කරයි. අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමා ලියූ ත්‍රාසජනක කතා සියල්ලටම වඩා භයානක බැව් පැවසූ ස්ටීවන් කිං, බැරක් ඔබාමා, හිලරි ක්ලින්ටන් සහ ජෝ බයිඩන් වැනි ඩිමොක්‍රටික් අපේක්ෂකයින්ට සහය පළ කළා. පුස්තකාල, අධ්‍යාපනය සහ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින ඔහු මේයින් හි පාසල් සහ ප්‍රජා ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියන ගණනක් පරිත්‍යාග කර තිබෙනවා. පාඨකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාකාරී හඬක් වී ඇති මේ අපූරු ලේඛකයා ලිවීමෙන් සමාජය වෙනස් කළ හැකි බවට ප්‍රකාශ කර සිටිනවා.

    වර්තමානය වන විට ස්ටීවන් කිං හැඳින්වෙන්නේ ලොව ඉහළම ආදායම් ලබන ලේඛකයෙක් සහ සංස්කෘතික බලපෑම් එල්ල කරන්නෙකු ලෙසින්. ලොව පුරා ඔහුගේ පොත්වල පිටපත් මිලියන 350 කට වඩා අලෙවි කර ඇති අතර, ඒවායින් බොහොමයක් ඒවා ප්‍රකාශනයෙන් දශක ගණනාවකට පසුවද මුද්‍රණය වෙමින් පවතිනවා. අතිමහත් ජනප්‍රිත්වය, සාර්ථකත්වය, මුදල් යන සියල්ල උරුම වූවද මේ සුවිශේෂී ලේඛකයා ආදරණීය බිරිඳ සමගින් සිය උපන් ප්‍රදේශය වූ මේයින් හි වෙසෙමින් දිනපතාම ලිවීමේ නියැලෙනවා.

    Stephen King

    Writing isn’t about making money, getting famous, getting dates, getting laid, or making friends. In the end, it’s about enriching the lives of those who will read your work, and enriching your own life, as well. It’s about getting up, getting well, and getting over. Getting happy, okay? Getting happy. (Stephen King)

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page