Anura Kumara Disanayake – රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට නම්, සියලු ක්ෂේත්‍රවල කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය තහවුරු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
වත්මන් රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව ආර්ථික මෙන්ම සමාජයීය වශයෙන් නව තලයකට ඔසවා තැබෙන වැඩපිළිවෙළක් බවයි ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය (2025- 2029) හඳුන්වාදීම සහ ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය (NCSOC) විවෘත කිරීමේ අවස්ථාවට අද (19) පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
තාක්ෂණය සහ විද්‍යාව අත්පත් කරගන්නා ජයග්‍රහණ වේගයෙන් උකහා ගැනීමට සමත් රාජ්‍යයන් ඉතා ඉක්මනින් දියුණුවේ හිණි පෙත්තටම ගමන් කරන බවද එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
මෙම ජාතික සයිබර් ආරක්ෂණ පද්ධතිය අපේ රටේ ජාතික ආරක්ෂාවටත්, ජාතික ආර්ථිකයටත්, පුරවැසියන්ගේ ජීවන රටාව පිළිබඳ ආරක්ෂණයේදීත් ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනු ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



