ArtThe Life of Chuck ජීවිතේ ඇතුළෙ තියන හැම තත්පරයක්ම...

The Life of Chuck ජීවිතේ ඇතුළෙ තියන හැම තත්පරයක්ම විඳින්න

-

spot_img

The Life of Chuck – ජීවිතේ කියන්නෙ බොහොම වටින තෑග්ගක්. ඔබේ ජීවිතේ මේ ගෙවීයන හැම තත්පරයක්ම මිල කළ නොහැකි තරම් වටිනව. ජීවියෙක්ගෙ සිරුරෙ තියෙන හැම කුඩා අංශුවක්ම ජීවිතය වෙනුවෙන් සටන් වදිනව. ජීවය කියන්නෙ ප්‍රාතිහාර්යයක්. ජීවිතය ලැබීම ආශිර්වාදයක්. ජීවත්වීම වෙනුවෙන් තමාට තමා වෙනුවෙන්ම ස්තුතිවන්ත විය හැකි නම් මෙලොව ඕනෑම ජීවියෙකුගේ ජීවිතයට ස්තුතිවන්ත වෙන්න අපිට පුළුවන් නම්.

The Life of Chuck

ස්වභාවික විපත් වගේ දේවල්, අසාමාන්‍ය අමුතු සංසිද්ධි නිතරම වගේ සිද්ධවෙන කාලයක් ඒක. ලෝකයේ අවසානය ළඟාවී ඇතැයි සමහරු අනුමාන කළා. මිනිස්සු විස්මයට පත් කරමින් නගරයේ හැම තැනකම දැන්වීම් පුවරුවල, රූපවාහිනී දැන්වීම්වල එකම දෙයක් ප්‍රදර්ශනය වෙමින් පැවතුණා. ඒ Chuck නැමත්තාට ස්තුතිවන්ත වෙමින්. 39 Great Years! Thanks, Chuck!” කවුද මේ චක්..? ඇයි ඔහුට ස්තුතිවන්ත වෙන්න ඕනේ…?

The Life of Chuck

The Life of Chuck ඉදිරියට ඇදෙන්නෙ චක් කියන මේ අපූරු මනුස්සයගෙ ජීවිත සිදුවීම් එක්ක. වර්තමානයේ සිට අතීතයට. ආච්චිත් සීයත් එක්ක චක්ගෙ ළමාවිය ගතවුණ හැටි, ඔහු හොඳ dancer කෙනෙක් වුණේ ආච්චි නිසා. ආදරේ පිරුණ ඒ ගෙදර ඇතුලෙ රහසක් තිබුණා. චක්ට පුළුවන් වෙයිද ඒ රහස හෙළි දරව් කරගන්න..?

The Life of Chuck

ගොඩක් වෙලාවට ජීවිතේ පුරාම අපි කරන්නෙ බලාගෙන ඉන්න එක. ආදරණීයයන් වෙනුවෙන්, හීන වෙනුවෙන්, බලාපොරොත්තු වෙනුවෙන්, සමහරවිට ඔව්, සමහරවිට අවසානය වෙනුවෙන්. අපි වගේම චක් ත් බලාගෙන හිටියා.

ඒත් එක දවසක්..

The Life of Chuck

චක් සුපුරුදු පරිදි වැඩට යමින් සිටියා. හිරු එළියෙන් දීප්තිමත් වූ දවසක නගරය මැද යුවතියක් සංගීතය වාදනය කරමින් සිටියා. චක්ට හිතුන හැමදේම අමතක කරලා නටන්න. චක් හොඳ Dancer කෙනෙක්නේ. ඉතින් ඔහු හිතේ හැටියට නැටුවා. ටික වෙලාවකින් සුන්දර ගැහැණු ළමයෙකුත් ඔහු හා නටන්න එකතු වුණා. නගරවාසීන් එතැනට එක් වෙලා අත්පොළසන් දුන්නා.

ජීවිතේ හරි වටින තෑග්ගක්..! අපිට මහ ලොකු කාලයක් ඉතුරුවෙලා නෑ. ඒ පුංචි දශක කිහිපයක ඇතුළෙ තියන හැම තත්පරයක්ම විඳින්න අපිට පුළුවන්නම්.අපි ජීවිතය විඳි බැව් අපිට දැනේවි.

Come on child, let’s dance…!!!

Latest news

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...

බොරතෙල් මිල නැවතත් ඉහළට

බොරතෙල් මිල නැවතත් ඉහළට ඉරානය සහ ඇමෙරිකාව ප්‍රහාර යළි ඇරැඹීමත්, ඉරානය ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක වෙළෙඳපොළේ...
- Advertisement -spot_img

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...

පැණි රස සහ ඇඹුල් රස මුසුව මැලේ අච්චාරු

පැණි රස සහ ඇඹුල් රස මුසුව මැලේ අච්චාරු - Malay pickle අච්චාරු කියන්නෙ කොයි කවුරුත් කන්න ආස කෑමක්. මැලේ අච්චාරු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you