More
    ArtThe Family Star අභියෝග තමා ඔබ කොච්චර ශක්තිමත්ද කියල...

    The Family Star අභියෝග තමා ඔබ කොච්චර ශක්තිමත්ද කියල පෙන්නන්නෙ

    -

    spot_img

    The Family Star – ලෝකෙ අනිත් රටවලට සාපේක්ෂව ආසියානු සංස්කෘතීන්වල පුද්ගලයෙක්ගෙ ජීවිතේ “පවුල” නැමති බැඳීමට ලොකු විශේෂත්වයක් තිබෙනවා. එහිදී අපේ ඇවතුම් පැවතුම්, තීරණ, දුක සතුට මේ හැමදෙයක්ම ඔවුන් හා බැඳෙනවා. පවුලක් ඇතුළෙදි අපි තනි නැහැ. එකිනෙකා හා සහයෝගයෙන් සමාදානයෙන් සිටීම සහ රැකබලා ගැනීම පවුලක් සතු යුතුකම් සහ වගකීම්.

    The Family Star

    තරුණ ගෝවර්ධන් තමයි එයාලගෙ පවුලෙ මුදල් උපයන කෙනා වුණේ. පවුල හා බැඳුන කොල්ලෙක් විදිහට ඔහු තමන්ගෙ වගකීම මැනවින් ඉටු කළා. ඔවුන්ගේ පවුල විශාල එකක්. ජීවිතේ ඒ අයුරින් ගෙවී යන අතරතුරේදියි ඔහුගෙ කතාවට ඉන්දු පැමිණෙන්නෙ. ඇය ඔවුන්ගේ කුලී නිවැසියෙක් විදිහට නවාතැන් ගත්තා. බොහොම ඉක්මන්ට ඉන්දු ඔහු හා ඔහුගේ පවුලේ අය සමග මිතුරු වුණා. පවුලෙ කෙනෙක් තරමට ඇය ඔවුන් හා සමීප වුණා. තම බීමත් සහෝදරයා සමග තිබුණ ප්‍රශ්න, පවුලක් නඩත්තු කිරීමේ අභියෝගයත් එක්ක ජීවත්වුණු ඔහුට ඉන්දුගෙ පැමිණීම සතුටක් රැගෙන ආවා. මිත්‍රත්වය ආදරයකට හැරුණෙ ඉන් පසුවයි. නමුත් ඉක්මනින්ම ඔහුට ඉන්දු පිළිබඳව සැබෑව දැනගන්න ලැබෙනවා.

    The Family Star

     

    මධ්‍යම ප්‍රාන්තික තරුණයෙක් විදිහට ගෝවර්ධන්ට තිබුණ (පොදු) අභියෝග, රැකියාවේ, සමාජය තුළ ඔහු මුහුණ දෙන දුෂ්කරතා, විවිධ සමාජ පන්ති අතර තියෙන ගැටුම් වැනි දේවල් එක්ක මේ කතාව අතීතයත් වර්තමානයත් පසුබිම්ව ඉදිරියට ඇදෙනවා. ජීවිතේ සුන්දර වෙන්නෙ අභියෝග එක්ක ඉදිරියට ගමන් කරද්දි. ඒ අභියෝග ඔබට සමහර සත්‍යයන් වටහා දෙනවා. ඔබ මොනතරම් ශක්තිමත් කෙනෙක්ද කියන දේ පහදා දෙනවා. අවසානයේ ප්‍රේමය ජයගන්නවා.

    The Family Star

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page