NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල්වියන් - 42

Tharu Mal Viyan තරු මල්වියන් – 42

-

spot_img

Tharu Mal Viyan තරු මල්වියන්

නිවසේ විදුලි සීනුව නද වන හඬින් නිල්මිණී ගොස් දොර විවර කළාය. දුටු දසුනින් ඈ මවිතයට පත්වූවාය.

“දු…දුව…ඔයා…කා එක්කද ආවේ…?”

ඈ ඇසුවේ පිටතට දෙනෙත් යොමාය.

“තනියම…”

අංජලී කෙටියෙන් කී අතර නිල්මිණි මවිතයට පත් වුවද කිසිත් නොකීවාය

“එන්න දුව ඇතුළට…ඔයා උදෙන්ම ආවද…? ඇයි කෝල් එකක් වත් නොදුන්නේ…පාර මතක තිබුණාද…?”

නිල්මිණී එක දිගට ප්‍රශ්න අසන්නට වන විට අංජලී සිතමින් සිටියේ මේ කොයි පැනයට පිළිතුරු දෙන්නද කියාය.

” එන්න ළමයෝ…මං මේ තාත්තට කෑම කවලා ඉවර වුණා විතරයි…එන්න ඇතුළට යමු…තාම එයාට කතා කරන්න අමාරුයි…”

අංජලී ඇයත් සමඟ කෑම කාමරයටම පැමිණියාය. සුනේන්ද්‍ර ඇයව දැකීමෙන් මවිතයට පත් වූයේ නිල්මිණීටත් වඩා දෙගුණයකිනි.

“මං ආව එක පුදුමයි වගේද…?”

අංජලී ඔහු ඉදිරියේ වූ අසුනක හිඳ ගනිමින් ඇසුවේ ඔහුගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් නොවේ.

“ඔයාලා කතා කරන්න…මං එන්නම්…”

නිල්මිණී වහා ගෙතුළට වැදුණේ කළ යුතු කාර්යයක් ඇති බව හඟවමිනි. සුනේන්ද්‍ර ඈ දෙස බලා සිටියේය. අංජලීට මෙහි වැඩි වේලා බලා හිඳින්නට වුවමනාවක් නැත. ඈ පැමිණියේ ඔහුගේ සුව දුක් විමසන්නට නොවේ.

“මාව කොයි අනාථ මඩමෙන්ද අරන් ආවේ…?”

ඈ එක එල්ලේම විමසන විට සුනේන්ද්‍රගේ දෑස් උඩ ගියේය. ඔහු මවිත වූයේ ඈ මේ බව දන්නේ කෙසේද කියාය. ඉන්ද්‍රාණි ඇයට පැවසුවා වන්නට නොහැකිය.

“නැන්දා මට කිව්වේ නැහැ…ඔයා පුදුම වෙලා ඉන්නේ මං දැන ගත්තේ කොහොමද කියලානේ…ඔයා මට කවදාවත් ආදරේ නොකෙරුවේ ඒකයි…මං ඔයාගේ දරුවෙක් නොවුණ නිසා…මට දුක හිතෙන්නේ අම්මා ගැන…ඔයා එයාටවත් ආදරය කළේ නැහැ…එයාට දරුවෝ නැහැ කියලා දැන ගත්තාම ඔයා වෙන කෙනෙක්ට ළං වුණා…ඒකනේ වුණේ…ඇයි ඔයා එහෙම කළේ…? ඔයා මොන තරම් නපුරු මිනිහෙක්ද…ඒ වගේ කෙනෙක්ට කරපු දේවල් වලට ඔයාට පහු වෙලා හරි දඬුවම් ලැබුණා…අම්මා කවදාවත් මට වෙනස්කමක් කළේ නැහැ…මට කවදාවත් එයා මගේම අම්මා නෙවේ කියලා දැනෙන්නවත් දුන්නේ නැහැ…ඔයා කවදාවත් අපි එක්ක එකට ඉඳගෙන කෑම කෑවෙ නැහැ…එයා මොන තරම් දුකකින්ද හිටියේ…ඔයාට කවදාවත් ඒක තේරුම් ගන්න බැරි වෙයි…”

ඈ එක දිගටම කියවගෙන ගියාය. සුනේන්ද්‍රට කිසිත් කියා ගත නොහැකිය. ඈ කියන්නේ සත්‍යයකි.

“අම්මා මං වෙනුවෙන් කරපු හැමදේටම මම ණය ගැතියි…තවත් ආත්මයක් මට ලැබුණොත්…අම්මා මගේම අම්මා වෙලා මං ඉපදෙන්න කියලා මං ප්‍රා‍ර්ථනා කරනවා… ඒත් ඔයා නම් ඒ අහල පහළකවත් ඉන්න එපා කියලයි මං දෙවියන්ගෙන් ඉල්ලන්නේ…”

ඈ නැඟී සිටියාය.

“අම්මා විඳපු වේදනා වලින් භාගයක්වත් ඔයා තාම විඳවලා නැහැ…ඔයා අද මේ මොහොතේ ඉඳන් ඒවට විඳවයි…මට දුකක් නැහැ ඔයා මගේ තාත්තා නොවුණට…ඒත් මං දුක් වෙන්නේ එයා මගේ අම්මා නොවුණ එක ගැනයි…”

ඈ පිටව ආවේ සුනේන්ද්‍ර සිත මත අමතර බරක් පටවමිනි. වරදකාරී හැඟීමකින් ඔහුගේ සිත ඔහුට වද දෙන්නට විය. නිල්මිණී අංජලීට තේ කෝප්පයක් සාදාගෙන නැවත පැමිණෙන විට ඈ පිටව ගොස් සිටියාය. ඈ සැමියා දෙස බැලුවේ මවිතයෙනි.

“කෝ දුව…?”

ඔහු ඉඟියෙන් කීවේ ඈ පිටව ගිය බවය. ඈ පිටතට දිව ගියේ අංජලී නැවත කැඳවාගෙන එන්නටය. නමුත් ඈ පෙනෙන මානයක නොවීය. නිල්මිණි ගේට්ටුව අසල හිඳ බලා ගත් බැල්මෙන් පාර දෙස මොහොතක් බලා සිටියාය. අංජලී කෙරෙහි අනුකම්පාවෙන් ඇගේ සිත පිරිණි. නොදැනුවත්වම වුවද තමා අතිනුත් සිදුව තිබුණේ බලවත් වරදක් බව ඇයට සිතී තිබුණේ බොහෝ කලකට පෙරය. අංජලී පිළිබඳව ඈ දැන ගත්තේ ඉන්ද්‍රාණිත් හේෂානුත් පැමිණ ගියායින් පසුවය. ඒ මොහොතේ පටන් ඈ අංජලී කෙරෙහි ඇති කරගත්තේ අනුකම්පා මුසු වූ ආදරයකි. සැරයටියට බර දෙමින් සුනේන්ද්‍ර ඉස්තෝප්පුවට පැමිණි බව දැක ඈ ගේට්ටුව වසා දමා ගෙතුළට පැමිණියේ සැමියා දෙස නොබලමිනි.
——————————————————————————————————
නින්දෙන් අවදි වූ ගයානි යහනින් බැස ජනේලය හැර දැමුවාය. අංජලී පෙනෙන මානයක නොවූ අතර ඈ රාත්‍රී ගවුම මාරු කර සැහැල්ලු ඇඳුමකින් සැරසී පිටතට පැමිණියාය. රේණුකාත් සුරම්‍යාත් එකතුව උදෑසන ආහාර සකසමින් සිටි අතර අංජලී පෙනෙන්නට නොවීය.

“දුව ඇහැරියද…සුරම්‍යා තේකක් හදන්න…”

රේණුකා කීවාය.

“මං හදන්නම්…අංජලී පේන්න නැහැ…අදත් ළිඳෙන් නාන්න ගියාද…?”

ගයානි ඇසුවේ පිටතට දෑස් යොමමින් මඳහසක් මුවේ තවරාගෙනය. රේණුකා ඈ දෙස බැලුවේ මවිතයෙනි.

“අංජලී ඔයාට කියලා නෙවේද ගියේ…?”

ඈ මවිතය රැඳි හඬකින් ඇසුවාය.

“කියලා නෙවේ කියන්නේ…එයා කොහෙ හරි ගියාද…මං දන්නේ නැහැ…”

ගයානිද කීවේ මවිතයෙනි.

“අංජලී ගියේ හයටත් කලින්…මං හිතුවේ ඔයාට කියන්න ඇති කියලා…”

එපමණ උදෑසන ඈ පිටව ගියේ කොහිද කියා ගයානි සිතුවේ මවිතයෙනි.

“මට කිව්වේ නම් නැහැ ආන්ටී…ගෙදර ගියාද දන්නැහැ…”

“හ්ම්ම්….හවස් වෙත්දී එනවා කියලා ගියේ…මං මෙහෙම අහනවට මොකුත් හිතන්න එපා දුව…ඒත් අංජලී දුව මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නේ…මට කීප වතාවක්ම අහන්න හිතුණත් ඒක කරන්න හිතුණේ නැහැ…”

ගයානි පිළිතුරක් දීමට පෙර කළේ සුසුමක් හෙළීමය.

“ප්‍රශ්න එකක් විසඳෙන කොට තව ප්‍රශ්නයක්…අනේමන්දා ආන්ටි…අංජලී නිසාම මේවා දරාගෙන ඉන්නවා…මට වගේ වුණා නම් මං කොහොම මූණ දෙයිද කියලා මට හිතා ගන්නත් බැහැ…”

රේණුකාද හුස්මක් ඇද්දාය.

“මොනවා වුණත් ඔයාලා හරි එයා එක්ක ඉන්න එක ලොකු දෙයක් ළමයෝ…දැන් ගෙදර යන්නෙත් නැහැනේ…මේ සේරම ප්‍රශ්න පටන් ගත්තේ අර නැන්දාගේ පුතා නිසා කියලයි මට නම් හිතෙන්නේ…”

ගයානි තිගැස්සුණාය. සියල්ල මාලක නිසා නොවේද..? ඔහු බලෙන් ඇගේ සිතට රිංගා ඇයව අසරණ කළේය. සංචලාද මේ සියළු ප්‍රශ්න ඇති කළේ මාලක නිසාම නොවේද…? දැන් ඉතින් ඒ කිසිත් සිතා ඵලක් නැත.

“අනේ මන්දා දරුවෝ…එක්කෝ අංජලීව හොඳ කෙනෙක්ට බන්දලා දෙන්න ඕන…මේ ළමයට එතකොටවත් ආරක්ෂාවක් තියෙයි…”

විවාහ වූ පමණින් ප්‍රශ්න විසඳෙනවා දැයි අසන්නට මුවට ආ වචන ගයානි මුව තුළම සිර කරගත්තේ රේණුකා එසේ කීවේ අහිතකින් නොවන බව දැනය. දැන් කෙසේවත් අංජලී නම් විවාහයකට එකඟ කරවා ගත නොහැකි බව ඈ සක්සුදක් සේ දැන සිටියාය. අලුතින් ඇතිව ඇති ප්‍රශ්නය මනසට පීඩාවකි. එසේ තිබියදී ඈ කිසිවෙකු හා විවාහ වේදැයි සැකය. පළමුව සොයා ගත යුත්තේ ඈ කොහි ගියාද කියාය. එකත් එකටම ඈ යන්නට ඇත්තේ පියා මුණ ගැසෙන්නටය. නැන්දාගේ නිවසට නම් නොයන බව ඒකාන්තය. ඈ ගිම්හානි බැලීමට යනවා නම් මෙසේ නොකියා යන්නේ නැත. තමාද කැඳවාගෙන යන්නීය. වෙන ඇයට යෑමට තැනක් නොමැත.

“මං කෝල් එකක් අරන් බලන්නම්…එයා කොහෙද මටත් නොකියා ගියේ කියලා…”

ගයානි එසේ කියා කාමරයට පැමිණියේ තේ කෝප්පයකුත් සාදාගෙනය. අංජලීගේ දුරකථනය ක්‍රියා විරහිත කොට ඇත. ගයානිගේ සිතට දැනුණේ අනියත බියකි. හදිසියේ ඈ අනතුරකට හෝ මුහුණ පෑවා නම් කිසිවෙකු දන්නේ නැත. කුමක් කළ යුතුද කියා ඇයට සිතා ගන්නට නොහැකිය. මේනකට මේ බව දන්වන්නට නොහැකිය. ඔහු සිටින්නේද මේ මොහොතේ අරගලයකය. ආදිත්‍ය සිහි වුවද ඔහුට පවසන්නට නොහැකිය. මෙදින් නිවාඩු දිනයේ ඔවුන් දෙදෙන නිවසේ විවේකයෙන් ගත කරන බව ඇයට සිහි විය. මියුරට කියාද ඵලක් නැත. එසේනම් කිව යුත්තේ කාටද…? ඇයට මාලක සිහියට නැඟිණි. මේ සියල්ලටම වගකිව යුතු ඔහුය. ඈ ඔහුගේ අංකය සොයන්නට ජංගම දුරකථනය අතට ගත්තාය. අංජලීගෙන් ඇමතුමක් ලැබුණේ එවිටය.

“කොහෙද ඔයා ඉන්නේ…උදෙන්ම කොහෙද ගියේ…?”

ගයානි ඇසුවේ කළබලයෙනි.

“ගයා…මං නුවර ආවා…දැන් එන ගමන්…ඔයා නිදන් හිටිය නිසා ඇහැරෙව්වේ නැහැ…ආහ්….”

අංජලී එසේ කියා නිම කරන්නට නොහැකි විය. ගයානිට ඇසුණේ ඈ බියෙන් හෝ වේදනාවකින් කළ කෑ ගැසීමය.

“අංජලී…”

ගයානි කෑ ගැසුවද අනෙක් පසින් පිළිතුරක් නොවීය. ඈ නැවත නැවත ඇයට ඇමතුම් ගත්තද දුරකථනය ක්‍රියා විරහිත වූ බව ඇයටම වැටහිණ. අංජලීට අනතුරක් සිදු දූ බව නම් සහතිකමය.

-හෙටත් හමුවෙමු-

Latest news

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු ශුද්ධ වූ සියල්ල කෙලෙසෙමින් ඇත. පව්කාරයෝ මුනිවර වෙස් ගෙන මුනිවරයෝ පව්කාරයෝ වී ඇත. කොටින්ම...

IMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

IMF එකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා...

බිමල්ගේ අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු ඒ...

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , අබුඩාබි නුවර රැඳී සිටිමින් මැදපෙරදිග යුද්ධයේදී භාවිත කළ ඩ්‍රෝන යානා,...
- Advertisement -spot_img

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , අබුඩාබි නුවර රැඳී සිටිමින් මැදපෙරදිග යුද්ධයේදී භාවිත කළ ඩ්‍රෝන යානා,...

ගලක් පමණක්ම නොවූ බොදු උරුමයක ලකුණ – තොප්පිගල

ගලක් පමණක්ම නොවූ බොදු උරුමයක ලකුණ - තොප්පිගල යුද්ධය නිමවූ ආසන්න කලකදී අපි මඩකලපුවේ සහ තොප්පිගල සංචාරය කළෙමු. එදා අපේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you