More
    InterviewsAdrien Brody අවස්ථාව ප්‍රයෝජනයට ගත්තාම ගොඩනැඟෙන්න පුළුවන්

    Adrien Brody අවස්ථාව ප්‍රයෝජනයට ගත්තාම ගොඩනැඟෙන්න පුළුවන්

    -

    spot_img

    Adrien Brody යනු දශක හතරකට ආසන්න රංගන දිවියේදී ඔහුටම උරුම වූ නිහඬ සහ බලපෑම්කාරී රංගන විලාසයෙන් ප්‍රේක්ෂක සිත් වසඟ කරන්නට සමත් වු රංගන ශිල්පියෙක්. ඒ අපූර්වතම රංගනය නිසාවෙන් Academy සම්මාන දෙකක් ඇතුළු සම්මාන රැසකින් ඔහු පිදුම් ලැබුවා. 2025 දී ටයිම් සඟරාව ලෝකයේ වඩාත්ම බලගතු පුද්ගලයින් 100 දෙනාගෙන් කෙනෙකු ලෙසද ඔහුව නම් කළා. මේ ඔහු W Magazine සමග සිදුකළ කතාබහක්.

    • The Brutalist ඔබේ ජීවිතේට ආවෙ කොහොමද?

    Brady Cober මට පිටපතක් එවලා තිබුණා. ඒ පිටපත මාව පුදුමයට පත් කළා. ඇත්තටම ඒක ලොකු කතාවක්. විවිධ හේතු නිසා මුලදි මට ඒක නොලැබී යනව වගේ පෙනුන නිසා මට දුක හිතුණා. නමුත් මට ඒක ආයෙම ලැබුණා. ඒ තමයි ජීවිතේ ස්වභාවයත්.

    Adrien Brody

    • චිත්‍රපටයේ ඔබේ චරිතය තුළ තිබෙන ඔරොත්තු දීමේ හැකියාව, නොපසුබට උත්සාහය වගේ දේවල් වෘත්තීය ජීවිතේටත් අදාළ කරගන්න පුළුවන් නේද?

    The Brutalist චිත්‍රපටයෙ ගොඩක් වැදගත් දේවල් තියෙනවා. කලාව සම්බන්ධයෙන් උනන්දු අයට ඒවා වටිනවා. කල් පවතින අරුත්බර දෙයක් කිරීමට, විශාල වැඩ කොටසක් කිරීමට සහ හොඳ දෙයක් ලෝකයට ලබා දීමට වගේම යම් අරමුණක් කරා ගැඹුරින් ළඟා වීමට කැමති ඕනම කෙනෙක් සඳහා. අනිත් දේ තමයි ඉතාම තරඟකාරී, නිර්මාණශීලී යමක් ලැබෙන්න වාසනාවත් තියෙන්න ඕනෙ.

    Adrien Brody

    • ඔබ “වාසනාව” විශ්වාස කරනවද?

    වාසනාව කියන දේ ගොඩනඟාගන්න පුළුවන් කියල මම හිතන්නෙ නැහැ. ඔයා සිහිකල්පනාවෙන් වැඩ කරනවනං ඔයාට පුළුවන් ඔයාව මෙහෙයවන්න. නළුවෙක් විදිහට වාසනාව කියන්නෙ තවත් අය දහදෙනෙක් අතර ඉඳලා අවස්ථාව ලැබෙන එක. එතකොට අපි කරන්න ඕනේ ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් ගොඩනැගෙන එක. නළුවෙක් විදිහට අපිට පුළුවන් අපි දකින අමිහිරි, වේදනාකාරී, අරුත්සුන් ,අවාසනාවන්ත දේවල් ගැන ලෝකයට කියන්න.

    • ඔබේ අම්මා Sylvia Plachy ඡායාරූප ශිල්පිනියක්. නළුවෙක් වීමට ඔබ ගත් තීරණයට ඇය සතු ඒ කලාත්මක බව බලපෑවද?

    ඇය දේවල් සම්බන්ධව අනාවැකි කියන කෙනෙක් වගේ. දැන් ඇයට අවුරුදු අසූ එකක් වෙනවා. මම හැදුනෙ ඇගේ ඒ ඡායාරූප, කලාව පිරුණු ලෝකයක.

    Adrien Brody

    • මොකක්ද ඔබේ පළමු රංගනය?

    අවුරුදු දොළහෙදි දහතුනේදි වගේ මම Francis Ford Coppola අධ්‍යක්ෂණය කෙරුව කෙටි චිත්‍රපටයකට සම්බන්ධ වුණා. ඊට පස්සෙ නිව්යෝක්වල නාට්‍ය කිහිපයක රඟපෑවා. අවුරුදු දාහතරෙදි ප්‍රසිද්ධ රූපවාහිනී චිත්‍රපටයක් වෙන Home At Last එකේ ප්‍රධාන චරිතය රඟපෑවා. තාත්තා තමයි මට කිව්වෙ ඒක කරන්න කියලා. ඔහු මට කිව්ව මට කරන්න පුළුවන් දේ ඉදිරිපත් කරන්න, එයාලාට මාව අවශ්‍ය නැතිනම් පාඩු වෙන්නෙ එයාලට කියලා.

    • ඔබ කැමතිම Halloween ඇඳුමක් තියෙනවද?

    මම Halloween එකට කැමතියි. හේතුව කොල්ලෙක් විදිහට මට චරිතයක් වෙන්න පුලුවන් උන නිසා වෙන්න ඇති. මම මුලින්ම ආදරේ කලේ Kiss බෑන්ඩ් එකේ Gene Simmons ගෙ ඇඳුම්. මම තවම ඒවට කැමතියි.

    Adrien Brody

    • ඔබව අඬවන චිත්‍රපටය මොකක්ද?

    The Pianist. මට ඒක බලන්න බැහැ. මම ඒ චරිතය ඉදිරිපත් කරන්නෙ හරි කම්පනයක් දැනෙන විදිහට. ඒ වෙනුවෙන් මම රාත්තල් තිහක් බර අඩු කරගත්තා. මම අඩි හයක් උසයි. බර රාත්තල් එකසිය විසි නවයයි. බඩගින්න තේරුම් ගන්න ලැබුණ අත්දැකීම මට කවදාවත් අමතක වෙන්නෑ. ඒ හැඟීම තාම මාව දාලා ගිහින් නැහැ. දාලා යන එකකුත් නැහැ. මට තේරුම් ගිය, දැණුන දේවල් ගැන හිතෙද්දි අදටත් මට දැනෙන්නෙ කම්පනයක්.

    • ඔබේ ලග්නෙ මොකක්ද?

    මේෂ. මම බාධකවලට එරෙහිව නැගිටින කෙනෙක්. එහෙම වුණාම ගොඩක් දේවල් කරන්න පුළුවන්.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page