InterviewsNimrat Kaur ආදරණීයයන් මඟහැරෙන එකයි ගෙදරින් ඈත්වීමයි අමාරු දෙයක්

Nimrat Kaur ආදරණීයයන් මඟහැරෙන එකයි ගෙදරින් ඈත්වීමයි අමාරු දෙයක්

-

spot_img

Nimrat Kaur – නිරූපිකාවක් ලෙසින් ක්ෂේත්‍රයට පැමිණි ඇය ඉන්දීය රූපවාහිනී කතාමාලා, චිත්‍රපට පමණක් නොව අමෙරිකානු රූපවාහිනී වැඩසටහන්වලටද සිය දායකත්වය ලබා දුන්නා. Nimrat Kaur ව ප්‍රේක්ෂකයා දැන හඳුනාගන්නේ Lunchbox (2014) සිනමාපටය ඔස්සේ. ඇය අභිෂේක් බච්චන් සමඟ සබඳතාවක් පවත්වන බවට කටකතා පැතිරුණා. මේ ඇය සිය රංගන ජීවිතය, පෞද්ගලික ජීවිතය සහ විලාසිතා පිළිබඳව Grazia සමඟින් සිදුකළ කතාබහක්.

Nimrat Kaur

• ඔබ පිටපතකට කැමති වෙන්නෙ කොහොමද?

මම බලනවා ඒ කතාවෙ කොටසක් වෙන්න මම කැමතියිද ඒකට ජීවය දෙන්න කැමතියිද කියල සහ ප්‍රේක්ෂකයෙක් විදිහට ඒක මම බලන්න කැමති විදිහේ කතාවක්ද කියලා. ඒ චරිතයට මට එකතු කරන්න පුළුවන් දේවල් ගැන හිතනවා.

Nimrat Kaur

• ඔබේ අනිත් චරිත හා සසඳනවිට Rani Indrani Rai Singh චරිතයේ තියෙන සුවිශේෂතා මොනවද?

ඒක මට මීට කලින් නොලැබුන විදිහේ චරිතයක්. එයා ජීවත්වෙන විදිහ ගැන හිතුවොත් එයා හිතන විදිහෙ තියෙන සංකීර්ණ බව සහ එයා වැඩ කරන පිළිවෙල හරිම ප්‍රතිවිරුද්ධයි. මේක මගේ පුද්ගලික ජීවිතයෙන් ගොඩාක් ඈත තැනක තියෙන චරිතයක්. එය අභියෝගාත්මකයි වගේම ආකර්ෂණීයයි. එය ලැබීම මගේ වාසනාවක්. මම Ekta Kapoor ට ස්තූති වෙනවා මම ගැන විශ්වාස කළාට.

• කොහොමද Kull කතාවෙදි ගීත ගායනා කළේ?

මගේ අම්මත් සිංදු කිව්වා. ඒක මගේ පුංචි කාලෙ කොටසක්. අම්මා පුහුණුවක් ලබලා නැති වුනත් දක්ෂයි. එයා සමහර ගායනා තරඟවලටත් ගියා. ඉස්සර අපේ ගෙදර නිතරම රේඩියෝ එක දාලා තියෙනවා. ඉතිං හැම වර්ගයකම සිංදු හින්දි, චිත්‍රපට සිංදු, ශාස්ත්‍රීය සංගීතය මට පුරුදුයි. මම සංගීතයට ආදරේ කරන්න පුරුදු වුණේ පුංචි කාලෙ ඉඳලමයි. වෘත්තීය වශයෙන් පුහුණුවක් නැතත් මම ගායනයෙන් සතුටක් ලැබුවා. Kull හි ගායනා කරන්න ලැබීම සතුටක්.

Nimrat Kaur

• ඉන්දියාව සහ ඉන් පිටත වැඩ කරන්න ලැබීම මොනවගේ අත්දැකීමක් ද?

එකම වෙනස වෙනත් භාෂාවකින් අදහස් ප්‍රකාශ කරන්න වීම. ඉන්දියාවෙදි අපි හින්දි, පන්ජාබ්, කලාපීය වශයෙන් වෙනත් ඕනෙම භාෂාවක් කතා කරනවා. විදෙස් රටවල අපිට වඩා සැලසුම් සහගතව වැඩ කරනවා. ඒක පහසුවක්. විදෙස්ගත වුණාම පවුලෙ අය, ආදරණීයයන් මග හැරෙන එක තරමක් අපහසු දෙයක්. ගෙදරින් ඈත්වෙලා ඉන්න එක අමාරුයි.

• Lunchbox (2014) ඉඳලා ඔබේ විලාසිතා වෙනස් වුණේ කොහොමද?

Lunchbox කරන කාලෙ මම අළුත්. ගොඩාක් දේවල් දැනගෙන හිටියෙ නැහැ. මම පළමුවරට රතු පලස මත ඇවිද්දා. ටිකෙන් ටික හැමදේම ඉගෙන ගත්තා. ඒක සිත්ගන්නා සුළු අත්දැකීමක්. මගේ සිරුරට ගැළපෙන විලාසිතා ,මගේ පර්සනැලිටි එකට ගැලපෙන වෙනස් දෙයක් කරන්න මම උත්සාහ කළා. මම හැමවිටම අලුත් අදහස්වලට කැමතියි. විලාසිතා ගැන මගේ අත්හදා බැලීම කාලයත් එක්ක දියුණුවෙලා. මම මීට කලින් රාමුවක හිටියා. නමුත් දැන් ඒකෙන් එළියට ඇවිත් අලුත් දේවල් උත්සාහ කරනවා.

• විලාසිතාවලදි ඔබ ප්‍රතික්ෂේප කරන්නෙ මොනවද?

මුළු ලෝකයම එකම විලාසිතාවක් කළත් මට ඒක නොගැලපෙනවනම් මම එය ප්‍රතික්ෂේප කරනවා.

Nimrat Kaur

• ඔබේ රූපලාවන්‍ය පුරුදු?

මම ගෙදර හැදුව යෝගට්, කහ සහ කුංකුම මිශ්‍ර කරලා ෆේස් මාස්ක් එකක් දානවා. ඒක ආලේප කරලා ටික වේලාවකින් සෝදා හරිනවා. එමගින් මැරුණු සම ඉවත් කරනවා. ඒවගේම සමේ තෙතමනය සුරකින්න පොල්වතුර භාවිතා කරනවා. ඒවගේම serum, ආමන්ඩ්, ඇප්‍රිකට් ඔයිල් පාවිච්චි කරනවා සමේ වියළි බව නැති කරගැනීමට.

• අලංකරණය සහ විලාසිතා සඳහා ඔබේ පන්ජාබ් උරුමය බලපෑවෙ කොහොමද?

මගේ විලාසිතාවලට මම එය සමීප කරගන්නවා. Salwar එක්ක Dupatta අඳිනවා. ඒක හුරු වුණේ අම්මගෙන්. Patiala Salwars, Farshi Salwars වලට ගොඩක් කැමතියි. සම්ප්‍රදායික උත්සවවලට Ghararas, Shararas අඳිනවා. පැරණි සම්ප්‍රදායික පන්ජාබ් ආභරණවලට මම කැමතියි. මගේ හැමදෙයකම පන්ජාබ් උරුමය තිබෙනවා.
Grazia ඇසුරෙනි-

Latest news

IMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

IMF එකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා...

බිමල්ගේ අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු ඒ...

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ

ලාංකිකයන් 7ක් අබුඩාබියෙන් පිටුවහල් කෙරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , අබුඩාබි නුවර රැඳී සිටිමින් මැදපෙරදිග යුද්ධයේදී භාවිත කළ ඩ්‍රෝන යානා,...

තෙල් මිලේ සුළු වැඩිවීමක් විය හැකියි

තෙල් මිලේ සුළු වැඩිවීමක් විය හැකියි ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ දැමුවද අප්‍රේල් මස මෙන් ඉහළ අගයකින් ඉහළ දැමීමේ කිසිදු අවශ්‍යතාවක්...
- Advertisement -spot_img

ගලක් පමණක්ම නොවූ බොදු උරුමයක ලකුණ – තොප්පිගල

ගලක් පමණක්ම නොවූ බොදු උරුමයක ලකුණ - තොප්පිගල යුද්ධය නිමවූ ආසන්න කලකදී අපි මඩකලපුවේ සහ තොප්පිගල සංචාරය කළෙමු. එදා අපේ...

රත් දෝතළු – 98

රත් දෝතළු - 98 ඈ මොහොතක් මා දෙස බලා සිටියාය. ඒ දෑස්වල වූයේ කෝපයක් නොව වඩා මෘදු අනුකම්පා උපදවන සුළු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you