NewsSupremeSAT සන්නිවේදන චන්ද්‍රිකාවට ලංකා රජය මුදල් ආයෝජනය කර නැහැ

SupremeSAT සන්නිවේදන චන්ද්‍රිකාවට ලංකා රජය මුදල් ආයෝජනය කර නැහැ

-

spot_img

SupremeSAT – සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ශ්‍රී ලංකාව කිසිදු මුදලක් ආයෝජනය කර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අද (06) පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ SupremeSAT සමාගම 2012 වසරේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ ගිවිසුමකට එළඹුණු බවයි.

ඒ අනුව, 2013-2014 කාලය තුළ එම ආයතනය රුපියල් දොළොස් මිලියන එක්ලක්ෂ හාරදහස් නවසිය තිස් හයක් (රු. 12,104,936) සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ආයෝජනය කර ඇති බවත්, සමාගම ඉදිරිපත් කළ ආයෝජන අයදුම්පතෙහි තොරතුරු අනුව මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය මුදල් ආයෝජනය කර නොමැති බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවා.

එසේම රුපියල් මිලියන එක්දාස් අටසිය විසි අටක ආයෝජනයක් සහිතව මහනුවර කාර්මික උද්‍යානයේ චන්ද්‍රිකා පද්ධතියක් පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා 2012-05-23 දින සුප්‍රීම් SHST පෞද්ගලික සමාගම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමකට එළඹ ඇති බවද අගමැතිවරිය ප්‍රකාශ කළා.

ආයෝජන මණ්ඩලය සතු වාර්තා අනුව ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රතිලාභ ලෙස SupremeSAT සමාගම විසින් ලැබූ ආදායම් පහත පරිදි වන බවයි අග්‍රමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

* 2015-2016: රුපියල් මිලියන 19,617 ක්,

* 2016-2017: රුපියල් මිලියන 28,133 ක්,

* 2017-2018: රුපියල් මිලියන 29,106 ක්,

* 2018-2019: රුපියල් මිලියන 34,169 ක්,

* 2019-2020: රුපියල් මිලියන 42,960 ක්,

* 2020-2021: රුපියල් මිලියන 62,545 ක්,

* 2021-2022: රුපියල් මිලියන 87,789 ක්,

* 2023 පළමු මාස හය තුළ රුපියල් මිලියන 39,590 ක්.

 

Latest news

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...
- Advertisement -spot_img

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා මේ ආණ්ඩුව පත්වීමේ පුරෝගාමියා වත්මන් ජනපති අනුර කුමාර දිසානායකය. ජනතාව පූර්ණ විශ්වාසය තැබුවේ ඔහු කෙරෙහිය. අදටත්...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you