NewsKehelbaddara Padme මට ගැහුවොත් මං ගහනවා කාටත්

Kehelbaddara Padme මට ගැහුවොත් මං ගහනවා කාටත්

-

spot_img

Kehelbaddara Padme – බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වාට පසුගියදා ලබා දුන් තර්ජනාත්මක දුරකථන ඇමතුම ලබා දුන්නේ තමා විසින් නොවන බව සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා පවසනවා.

ඒ අනුව, ස්වර්ණවාහිනී Live@ Sri Lanka සමඟ අදහස් දක්වමින් ඔහු සඳහන් කරන්නේ, පසුගියදා ගුවන් තොටුපොළේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ තමාගේ මිතුරෙක් වන බවයි.

තමාට අයත් වසා දමා තිබූ හෝටලයකට පොලිසිය පැමිණීම සම්බන්ධයෙන් තමාගේ මිතුරෙකු මාර්ගයෙන් පොලිසියෙන් විමසීමක් කළ බවද, එහිදී තමා එම දුරකථන ඇමතුමට සවන් දීම පමණක් කළ බවද, තමන් විසින් තර්ජනය කරන බවට පවසන්නේ නම් තමාගේ කටහඬ සමග එය පරීක්ෂා කර බැලිය හැකි බවද ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

තමාගේ නම අපරාධකාරයෙක් ලෙස සටහන් වී අවසන් බවත්, තමා පටන් ගත් දේ අවසන් කර ඇති බවත්, තමාට පාඩුවේ සිටීමට ඉඩ ලබා දුනහොත් පාඩුවේ සිටින බවයි ඔහු පවසා ඇත්තේ.

තමාට පහර දුන්නොත්, කා හට වුවත් තමාද පහර දෙන බවයි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන කෙහෙල්බද්දර පද්මේ එම සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you