NewsDeshabandu's removal දේශබන්දු පොලිස්පති තනතුරෙන් ඉවත් කිරීමේ යෝජනාව පිලිබඳ...

Deshabandu’s removal දේශබන්දු පොලිස්පති තනතුරෙන් ඉවත් කිරීමේ යෝජනාව පිලිබඳ විවාදය අද

-

spot_img

Deshabandu’s removal – 2002 අංක 05 දරණ නිලධරයන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටිය පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් ඉවත් කිරීම පිණිස වූ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත බව අදට නියමිත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ දැක්වෙනවා.

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිදුකර ඇතැයි කියන විශමාචාර සහ සිය ධූරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුවේ වාර්තාව පසුගිය මස 21 වනදා කථානායකවරයා වෙත භාරදී තිබුණා.එම වාර්තාව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරේ ඉකුත් 22 වනදායි.

අදාල වාර්තාව මගින් පොලිස්පතිවරයාට එරෙහිව නඟන ලද චෝදනා 23 අතරින් 19කට ඔහු වරදකරු කර ඇති බව සඳහන්.ඒ අනුව එකී වාර්තාව විවාදයට ගෙන පාර්ලිමෙන්තු යෝජනා සම්මතයකින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමට නියමිතව තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ එවකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සහ වත්මන් අගවිනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතායි.අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල සහ ජාතික පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක යන මහත්වරුන් එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කළා.

මෙම පරීක්ෂණ කමිටුව අවස්ථා 10කට වැඩි ගණනකදී රැස්වී සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව සිය අවසන් වාර්තාව කථානායකවරයා වෙත භාරදෙනු ලැබුවා.

Latest news

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...
- Advertisement -spot_img

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා මේ ආණ්ඩුව පත්වීමේ පුරෝගාමියා වත්මන් ජනපති අනුර කුමාර දිසානායකය. ජනතාව පූර්ණ විශ්වාසය තැබුවේ ඔහු කෙරෙහිය. අදටත්...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you