Boat capsizes in Yemen – යේමනයේ වෙරළට අසන්න මුහුදේ යාත්‍රා කරමින් තිබු බෝට්ටුවක් පෙරළීමෙන් මිය ගිය සංක්‍රමණිකයන් ගණන 68ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.තවත් පුද්ගලයින් 74 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
යේමනයේ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය සඳහන් කලේ අදාළ බෝට්ටුවේ සිටි තවත් පුද්ගලයින් 12 දෙනෙකු බේරාගෙන ඇති බවයි.අනතුර සිදු වන අවස්ථාවේදී එම බෝට්ටුවේ පුද්ගලයන් 150 ක් පමණ සිට ඇති බවයි වාර්තා වන්නේ.
යේමනයට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන් එම අනතුර සිදු වී තිබෙනවා.



