More
    ArtDragon අහිමිවීම් අපිට ජීවිතය දිනන්න බල කරනව

    Dragon අහිමිවීම් අපිට ජීවිතය දිනන්න බල කරනව

    -

    spot_img

    Dragon – පුතෙක්, ශිෂ්‍යයෙක්, පෙම්වතෙක්, යහළුවෙක්,සේවකයෙක් යනාදී ලෙසින් පිරිමියෙක්ට තමන්ගෙ පවුල ඇතුලෙ, සමාජය තුළ සිදුකළ යුතු වගකීම් යුතුකම් රාශියක් තිබෙනව. මේ වගකීම් යුතුකම් නිසියාකාරව ඉටු කළොත් පමණයි ඔබේ සමීපතමයන්ට සහ සමාජයට ඔබ ගුණගරුක, සාර්ථක අයෙක් වෙන්නෙ. පුංචි කාලෙ ඉඳලම අන් අය ඔබගෙන් විවිධාකාර “චරිත” බලාපොරොත්තු වෙනව. 

    Dragon

     

    D.Ragavan ඉගෙනගන්න දක්ෂ ශිෂ්‍යයෙක්. ආකර්ෂණීය, නොසැලකිළිමත් ඔහුව විද්‍යාලයේ යහළුවන් හැඳින්වූයෙ ඩ්‍රැගන් යන නමින්. ඩ්‍රැගන්ගෙ පෙම්වතිය කීර්ති. ඔවුන් ආදරයෙන් කල් ගත කළා. උපාධියත් නොගෙනම විද්‍යාලයෙන් ඉවත්වෙලා හොඳ රැකියාවක් කිරීමට සිහින මැව්වත්, ඔහුගෙ ඒ සිහිනය සිතුව තරම් ලේසියෙන් සැබෑවුණේ නැහැ. මේ අතර ඔහුගෙ පෙම්වතියත් ඔහුව හැර යන්නෙ තමන්ට විවාහයට සුදුසු සැමියෙක් ලැබුන බව පවසමින්. ඔහු හරිහමන් රැකියාවක් නැති, වැටුපක් නැති අයෙක් විදිහට ප්‍රේමය අහිමි වීම, පරාජිතයකු වීම ඔහුට සෑහෙන වේදනාවක් ගෙන දුන්නා.
    Dragonඅසීරු කාලයකට පස්සෙ ඩ්‍රැගන් තීරණය කළා ආයෙමත් නැගී සිටින්න. කීර්තිගෙ සැමියාට වඩා වැඩි වැටුපක් ලැබෙන රැකියාවක් කරන්න. හොඳින් බැරිනම් නරකින් හෝ රැකියාවක් ලබා ගන්න වැඩ කෙරුව ඔහුගෙ රැකියා සිහිනය හිතුවටත් වඩා හොඳින් සහ ඉක්මනින් සැබෑ වුණා. තමන්ගෙ අම්මව තාත්තව අළුත් නිවසක පදිංචියට රැගෙන යන්න. අළුත් වාහනයක් ගන්න වගේ ඕනෑම කොල්ලෙක්ට තියෙන හීන අළුත් රැකියාවත් එක්ක ඔහු හරි ඉක්මන්ට සැබෑ කරගත්තා. මුදල් එක්ක ඔහුගෙ ජීවිතේ බොහෝ වෙනස්කම් සිද්ධවෙනව. මුදලට බොහෝ දේ සිදුකළ හැකි නිසාවෙන්.
    Dragonඉගෙනීම, රැකියාව මත තරාතිරම, සමාජයේ පිළිගැනීම, ප්‍රේමය, අනාගතය මේ හැම දෙයක්ම තීරණය වෙන පසුබිමක ඩ්‍රැගන් වගේ සාමාන්‍ය කොල්ලෙක්ට සිද්ධ වෙනව හොඳින් හෝ නරකින් හරි ඒ හීනවලට ළඟාවෙන්න. තමන් ගාව තියෙන යහපත් දේවල් අමතක කරලා දාලා හරි ඒ තැනට ළඟා වෙන්න බහුතරයක් දෙනාට සිදුවීම පුදුමයක් නොවෙන තරමට සාමාන්‍යයි. බොහෝ දෙනා හෘදය සාක්ෂිය අමතක කරලා ජීවත්වුනත් ඩ්‍රැගන් වගේ සමහර කොල්ලන්ට තමන්ගෙ වැරදිවලින් මිදිලා අවංකව වැඩ කරන්න අතපසු වුණ දේවල්, වැරදීම් ආයෙමත් හදාගන්න හිතෙනව. ගොඩක් වෙලාවට මිනිස්සු කරන්නෙ සිද්ධ වුණ දේවල් එක්කම ඉදිරියට යන එක වුනත් ඒ අතර එක්කෙනෙක් දෙන්නෙක් අහිමිවීම් පවා නොතකා වැරදි හදාගෙන අවංකව ජීවත්වෙන්න කල්පනා කරනවා. අපි අතරෙ ඉන්න හැබෑම වීරවරු වෙන්නෙ එවැන්නන්.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page