ArtDragon අහිමිවීම් අපිට ජීවිතය දිනන්න බල කරනව

Dragon අහිමිවීම් අපිට ජීවිතය දිනන්න බල කරනව

-

spot_img

Dragon – පුතෙක්, ශිෂ්‍යයෙක්, පෙම්වතෙක්, යහළුවෙක්,සේවකයෙක් යනාදී ලෙසින් පිරිමියෙක්ට තමන්ගෙ පවුල ඇතුලෙ, සමාජය තුළ සිදුකළ යුතු වගකීම් යුතුකම් රාශියක් තිබෙනව. මේ වගකීම් යුතුකම් නිසියාකාරව ඉටු කළොත් පමණයි ඔබේ සමීපතමයන්ට සහ සමාජයට ඔබ ගුණගරුක, සාර්ථක අයෙක් වෙන්නෙ. පුංචි කාලෙ ඉඳලම අන් අය ඔබගෙන් විවිධාකාර “චරිත” බලාපොරොත්තු වෙනව. 

Dragon

 

D.Ragavan ඉගෙනගන්න දක්ෂ ශිෂ්‍යයෙක්. ආකර්ෂණීය, නොසැලකිළිමත් ඔහුව විද්‍යාලයේ යහළුවන් හැඳින්වූයෙ ඩ්‍රැගන් යන නමින්. ඩ්‍රැගන්ගෙ පෙම්වතිය කීර්ති. ඔවුන් ආදරයෙන් කල් ගත කළා. උපාධියත් නොගෙනම විද්‍යාලයෙන් ඉවත්වෙලා හොඳ රැකියාවක් කිරීමට සිහින මැව්වත්, ඔහුගෙ ඒ සිහිනය සිතුව තරම් ලේසියෙන් සැබෑවුණේ නැහැ. මේ අතර ඔහුගෙ පෙම්වතියත් ඔහුව හැර යන්නෙ තමන්ට විවාහයට සුදුසු සැමියෙක් ලැබුන බව පවසමින්. ඔහු හරිහමන් රැකියාවක් නැති, වැටුපක් නැති අයෙක් විදිහට ප්‍රේමය අහිමි වීම, පරාජිතයකු වීම ඔහුට සෑහෙන වේදනාවක් ගෙන දුන්නා.
Dragonඅසීරු කාලයකට පස්සෙ ඩ්‍රැගන් තීරණය කළා ආයෙමත් නැගී සිටින්න. කීර්තිගෙ සැමියාට වඩා වැඩි වැටුපක් ලැබෙන රැකියාවක් කරන්න. හොඳින් බැරිනම් නරකින් හෝ රැකියාවක් ලබා ගන්න වැඩ කෙරුව ඔහුගෙ රැකියා සිහිනය හිතුවටත් වඩා හොඳින් සහ ඉක්මනින් සැබෑ වුණා. තමන්ගෙ අම්මව තාත්තව අළුත් නිවසක පදිංචියට රැගෙන යන්න. අළුත් වාහනයක් ගන්න වගේ ඕනෑම කොල්ලෙක්ට තියෙන හීන අළුත් රැකියාවත් එක්ක ඔහු හරි ඉක්මන්ට සැබෑ කරගත්තා. මුදල් එක්ක ඔහුගෙ ජීවිතේ බොහෝ වෙනස්කම් සිද්ධවෙනව. මුදලට බොහෝ දේ සිදුකළ හැකි නිසාවෙන්.
Dragonඉගෙනීම, රැකියාව මත තරාතිරම, සමාජයේ පිළිගැනීම, ප්‍රේමය, අනාගතය මේ හැම දෙයක්ම තීරණය වෙන පසුබිමක ඩ්‍රැගන් වගේ සාමාන්‍ය කොල්ලෙක්ට සිද්ධ වෙනව හොඳින් හෝ නරකින් හරි ඒ හීනවලට ළඟාවෙන්න. තමන් ගාව තියෙන යහපත් දේවල් අමතක කරලා දාලා හරි ඒ තැනට ළඟා වෙන්න බහුතරයක් දෙනාට සිදුවීම පුදුමයක් නොවෙන තරමට සාමාන්‍යයි. බොහෝ දෙනා හෘදය සාක්ෂිය අමතක කරලා ජීවත්වුනත් ඩ්‍රැගන් වගේ සමහර කොල්ලන්ට තමන්ගෙ වැරදිවලින් මිදිලා අවංකව වැඩ කරන්න අතපසු වුණ දේවල්, වැරදීම් ආයෙමත් හදාගන්න හිතෙනව. ගොඩක් වෙලාවට මිනිස්සු කරන්නෙ සිද්ධ වුණ දේවල් එක්කම ඉදිරියට යන එක වුනත් ඒ අතර එක්කෙනෙක් දෙන්නෙක් අහිමිවීම් පවා නොතකා වැරදි හදාගෙන අවංකව ජීවත්වෙන්න කල්පනා කරනවා. අපි අතරෙ ඉන්න හැබෑම වීරවරු වෙන්නෙ එවැන්නන්.

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you