NewsSleeping Prince "නිදි කුමරා" වසර 20කට පසු දිවියෙන් සමුගනී

Sleeping Prince “නිදි කුමරා” වසර 20කට පසු දිවියෙන් සමුගනී

-

spot_img

 

Sleeping Prince – සෞදියේ “නිදන කුමරා” Sleeping Prince ලෙස නම් දැරූ අල්වලීද් බින් ඛාලිද් කුමරා වසර 20ක් පුරා කෝමා තත්ත්වයේ ප්‍රථිකාර ලබමින් සිටියදී මියගිය බව දැනුම් දී තිබේ.මියයන විට ඔහුගේ වයස අවුරුදු 36 කි.

ඔහුගේ මරණය පිළිබඳ නිවේදනය පෙරේදා  (19) දිනයේ ඔහුගේ පියා වන කලීද් බින් තලාල් කුමරු විසින් සිදු කරන ලදී.අවමංගල්‍යය ඊයේ (20) රියාද් නුවර ඉමාම් ටර්කි බින් අබ්දුල්ලා පල්ලියේ දී සිදු කිරීමට නියමිතය.

1990 අප්‍රේල් මස උපත ලද අල්වලීද් කුමරු, කලීද් බින් තලාල් අල් සවුද් කුමරුගේ වැඩිමහල් පුත්‍රයා වූ අතර, ප්‍රකෝටිපති ව්‍යාපාරික අල්වලීද් බින් තලාල් කුමරුගේ බෑණනුවන් ද විය.පසුගිය අප්‍රේල් 18 වනදා ඔහුගේ 36 වැනි උපන්දිනය බව සඳහන් වේ.2005 වසරේ ලන්ඩනයේදී සිදු වූ දරුණු රිය අනතුරකින් පසු කෝමා තත්ත්වයට පත්වී දශක දෙකක් පුරා මෙලෙස කෝමා තත්ත්වයෙන් සිටියේය.

මෙම අනතුර සිදුවන විට අල්වලීද් කුමරාට වයස අවුරුද 15ක් වූ අතර ඔහු ඒ වන විට එක්සත් රාජධානියේ හමුදා විද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිට තිබේ.මෙම අනතුරෙන් කුමරාගේ මොළයට බරපතළ තුවාල සිදුවී අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇත.එබැවින් ඔහු සම්පූර්ණ කෝමා තත්ත්වයකට පත්ව ඇති බව සඳහන් වේ.

කෙසේ නමුත්, පසුව ඔහුව සෞදියේ රියාද් නුවර පිහිටි කිං අබ්දුල් අසීස් රෝහලට ගෙනවිත් ඊයේ දිනයේ ඔහු මියයන තුරුම වසර 20ක් පුරා නිරන්තර වෛද්‍ය අධීක්ෂණය යටතේ වෛද්‍ය උපකරණ සහ ජීවිත ආධාරක මත ප්‍රථිකාර ලබමින් සිට තිබුණි.ඒ අනුව ඔහුව “Sleeping Prince” ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත් විය.

අල්වලීද් කුමරු බොහෝ දුරට කෝමා තත්ත්වයේ සිටි නමුත් ඉඳහිට සියුම් චලන දැක්වූ බව සඳහන් වේ.2019 වසරේදී එනම් අනතුරට මුහුණ දී කෝමා තත්ත්වයට පත්වීමෙන් වසර 14කට පසු ඔහු එක් අතක ඇඟිලි ඉහළට ඔසවා චලනය කළ වීඩියෝවක් දැකගත හැකි විය.

ඔහුගේ පියා වන කලීද් කුමරු කිසිවිටෙකත් සිය පුත් කුමරුගේ වෛද්‍ය උපකරණ සහ ජීවිත ආධාරක ඉවත් කිරීමට එකඟ වී නොමැති බව සඳහන් වේ.ඔහු පවසා ඇත්තේ මරණය සිදුවන මොහොත තීරණය කරන්නේ දෙවියන් වහන්සේ පමණක් බවය

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you