NewsSleeping Prince "නිදි කුමරා" වසර 20කට පසු දිවියෙන් සමුගනී

Sleeping Prince “නිදි කුමරා” වසර 20කට පසු දිවියෙන් සමුගනී

-

spot_img

 

Sleeping Prince – සෞදියේ “නිදන කුමරා” Sleeping Prince ලෙස නම් දැරූ අල්වලීද් බින් ඛාලිද් කුමරා වසර 20ක් පුරා කෝමා තත්ත්වයේ ප්‍රථිකාර ලබමින් සිටියදී මියගිය බව දැනුම් දී තිබේ.මියයන විට ඔහුගේ වයස අවුරුදු 36 කි.

ඔහුගේ මරණය පිළිබඳ නිවේදනය පෙරේදා  (19) දිනයේ ඔහුගේ පියා වන කලීද් බින් තලාල් කුමරු විසින් සිදු කරන ලදී.අවමංගල්‍යය ඊයේ (20) රියාද් නුවර ඉමාම් ටර්කි බින් අබ්දුල්ලා පල්ලියේ දී සිදු කිරීමට නියමිතය.

1990 අප්‍රේල් මස උපත ලද අල්වලීද් කුමරු, කලීද් බින් තලාල් අල් සවුද් කුමරුගේ වැඩිමහල් පුත්‍රයා වූ අතර, ප්‍රකෝටිපති ව්‍යාපාරික අල්වලීද් බින් තලාල් කුමරුගේ බෑණනුවන් ද විය.පසුගිය අප්‍රේල් 18 වනදා ඔහුගේ 36 වැනි උපන්දිනය බව සඳහන් වේ.2005 වසරේ ලන්ඩනයේදී සිදු වූ දරුණු රිය අනතුරකින් පසු කෝමා තත්ත්වයට පත්වී දශක දෙකක් පුරා මෙලෙස කෝමා තත්ත්වයෙන් සිටියේය.

මෙම අනතුර සිදුවන විට අල්වලීද් කුමරාට වයස අවුරුද 15ක් වූ අතර ඔහු ඒ වන විට එක්සත් රාජධානියේ හමුදා විද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිට තිබේ.මෙම අනතුරෙන් කුමරාගේ මොළයට බරපතළ තුවාල සිදුවී අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇත.එබැවින් ඔහු සම්පූර්ණ කෝමා තත්ත්වයකට පත්ව ඇති බව සඳහන් වේ.

කෙසේ නමුත්, පසුව ඔහුව සෞදියේ රියාද් නුවර පිහිටි කිං අබ්දුල් අසීස් රෝහලට ගෙනවිත් ඊයේ දිනයේ ඔහු මියයන තුරුම වසර 20ක් පුරා නිරන්තර වෛද්‍ය අධීක්ෂණය යටතේ වෛද්‍ය උපකරණ සහ ජීවිත ආධාරක මත ප්‍රථිකාර ලබමින් සිට තිබුණි.ඒ අනුව ඔහුව “Sleeping Prince” ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත් විය.

අල්වලීද් කුමරු බොහෝ දුරට කෝමා තත්ත්වයේ සිටි නමුත් ඉඳහිට සියුම් චලන දැක්වූ බව සඳහන් වේ.2019 වසරේදී එනම් අනතුරට මුහුණ දී කෝමා තත්ත්වයට පත්වීමෙන් වසර 14කට පසු ඔහු එක් අතක ඇඟිලි ඉහළට ඔසවා චලනය කළ වීඩියෝවක් දැකගත හැකි විය.

ඔහුගේ පියා වන කලීද් කුමරු කිසිවිටෙකත් සිය පුත් කුමරුගේ වෛද්‍ය උපකරණ සහ ජීවිත ආධාරක ඉවත් කිරීමට එකඟ වී නොමැති බව සඳහන් වේ.ඔහු පවසා ඇත්තේ මරණය සිදුවන මොහොත තීරණය කරන්නේ දෙවියන් වහන්සේ පමණක් බවය

Latest news

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...
- Advertisement -spot_img

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ

මගේ චිත්‍රපටි මමවත් බලන්නෙ නෑ - Preity Zinta Dil Chahta Hai, Kal Ho Naa Ho, Veer-Zaara වැනි චිත්‍රපට රැසකින්ම ආදරණීය...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you