Accident – මුරුන්කන් ප්‍රදේශයේ වංකාල නානට්ටාන් මාර්ගයේ, නරි විලකුලම්, වෙලාන්ගනි හන්දියේදී සිදු වූ රිය අනතුරකින් සිව් හැවිරිදි දරුවෙක් මිය ගොස් තිබෙනවා.
මව, පියා, දියණිය පුතා ඇතුලු එකම පවුලේ සිව්දෙනෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී, ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක් හා මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
එම අනතුරින් යතුරුපැදියේ පැමිණි සිව්දෙනාම තුවාල ලබා මන්නාරම රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී පිරිමි දරුවා මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.