Artkuberaa සුවිසල් හදැති යාචකයෙකුගේ කතාව

kuberaa සුවිසල් හදැති යාචකයෙකුගේ කතාව

-

spot_img

kuberaa – අව්වත්, වැස්සත් ඔහුට හොඳහැටි හුරුය. ලැබෙන දෙයකින් කුසගිනි නිවාගත් ඔහු මහපොළොව මතම නින්දට වැටුණේ හෙට දිනක් පිළිබඳව එතරම් බලාපොරොත්තු නොමැති සැහැල්ලුවෙනි. සුවිසල් නගරයේ වෙසෙන කාටත් වඩා හොඳින් ඔහු ජීවිතයත් මරණයත් දැක තිබුණි. යාචකයෙකු වූ ඔහු දිනපතාම ජීවත්වෙන්නට ඔට්ටු වූ මිනිසුන්ගේ ජීවිත, ඔවුන්ගේ දුක දුටුවේය. යාචකයෙකු වුවද දේවා සුවිසල් හදැති මිනිසෙකි.

kuberaa

නීරාජ් මිත්‍රා මුම්බායි නගරයේ ජීවත්වූ සුඛෝපභෝගීත්වයම මිස වෙන කිසිවක්ම නොදන්නා මුදලට කළ නොහැක්කක් නොමැති බැව් විශ්වාස කළ, තම ධනයෙන් බලයෙන් උදම්ව සිටි අයෙකි. මේ අතර ඔහුට දුර්ලභ තෙල් සංචිතයක් පිළිබඳ අසන්නට ලැබෙන අතර එයින් තව තවත් ධනය උපයන්නට සිතන ඔහු මුම්බායේ දේශපාලඥයන්ගේ සහය පවා ඇතිව සැළසුමක් දියත් කරයි. මුදලට මිනිසුන් මිලදී ගන්නට පුරුදුව සිටි නීරාජ් මිත්‍රා මේ සඳහා යාචකයන් කණ්ඩායමක් එක් රැස්කර ගනී. දේවා ද ඉන් එක් අයෙකි. තමා නොමිනිසුන්ගේ උගුලකට හසුව ඇතිබවත් ඔවුන් අවසානයේ තමාව මරා දමන බවත් දේවාට වැටහේ. අහම්බයකින් මෙන් සමීරා නම් අතරමං වූ යුවතියද ඔහුගේ ජීවිතයට එක් වන්නේ ඒ අතරමයි.

kuberaa

මුදලට සියළු දේ ඉටු කරගන්නා, මනුෂ්‍යත්වය නොහඳුනන පිරිස් ගැන, ඔවුන් දුප්පතුන්ගේ සහ සමස්ථ සමාජයේම මිනිස් ජීවිත පාලනය කරමින් දුප්පතුන් සූරා කන අන්දමත් ධනය, බලය සහ දූෂණ වංචා සිදුකරන්නන් සතුව මනුෂ්‍යත්වය, සදාචාරය වැනි ගුණාංග නොමැති බවත් Kuberaa අපට පෙන්වා දෙනවා. ව්‍යාපාරික, දේශපාලනික වශයෙන් බලවතුන් කවදත් සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන අන්දම මොනතරම් ශෝචනීයද..? ආහාර, රැකියාවක්, නවාතැනක් වෙනුවෙන් මිනිසුන් කොතරම් නම් තම ජීවිතය සහ ආත්මය පාවා දෙනවාද…? මිනිසාට මූලික අවශ්‍යතාවයන් වෙනුවෙන් ජීවිතයම බිලි දෙන්නට සිදුව තිබීමේ වරද කෑදරකමින් සියල්ල තමා සතු කරගන්නා දේශපාලනය නිසාම නොවේද…? ඕනෑම බලවතෙක් මුදලට යටත් වන බවත්, ධනවත් බවේ රසය දන්නා ඔවුන් ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් සිදුකිරීමට නොපසුබට වන බවත් මේ කතාව පහදා දෙනවා. Kuberaa යනු එවැනි නොමිනිසුන්ගේ උගුලට හසුවූ මනුෂ්‍යත්වය අතින් ඔවුන්ට වඩා බෙහෙවින් උසස් වූ කසළ ගොඩක විසූ, මනුෂ්‍යත්වය මිල කළ නොහැකි බැව් දැන සිටි සුවිසල් හදැති මිනිසෙකුගේ කතාවයි.

Latest news

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...
- Advertisement -spot_img

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

අපි හැමෝම ඇතුලෙ තාම පොඩි ළමයෙක් ජීවත් වෙනව

අපි හැමෝම ඇතුලෙ පොඩි ළමයෙක් ජීවත් වෙනව - Chinna Chinna Aasai පුංචි කාලෙ අපි හිතනව ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you