ArtYoung And Beautiful විවිධාකාරයේ පිරිමි ඇසුරෙන් ඇයට අපේක්ෂා කළ...

Young And Beautiful විවිධාකාරයේ පිරිමි ඇසුරෙන් ඇයට අපේක්ෂා කළ කිනම් හෝ දෙයක් ලැබුණාද?

-

spot_img

Young And Beautiful – ජීවිතේ එක් අවධියක් නිම කරලා, තවත් අවධියක් වෙත පියමනිනකොට විවිධාකාර පරිවර්තන අපි තුළ සිද්ධ වෙන එක ස්වභාවික දෙයක්. ජීවත්වීමේදි අපි තුළ ඇතිවෙන මේ පරිවර්තනවලට අපේ පවුල, අපේ සමීපතමයන්, අපි ඇසුරු කරන අය වගේ ගොඩක් කාරණා බලපානව. ඉතින් අපි මේ සිද්ධ කරන හැම දේටම අපි ගන්න තීරණවලට හේතු තියෙනවද…?

” ඉසබෙල්..මොන තරම් ලස්සන නමක්ද…? ඔයාට වයස දහ හතක්. මීට කලින් කවදහරි ඔයා මෙහෙම කරලා තියෙනවද …?”

Young & Beautiful

දහ හත් හැවිරිදි ප්‍රංශ යුවතියක් වුන ඉසබෙල් තීරණය කරනව ගණිකාවක් වෙන්න. පාවුලෝ කොයියෝ කියල තිබ්බ වගේම ඉසබෙලුත් ඉපදුණේ හැම ගෑනු ළමයෙක් වගේම කන්‍යාවියක් විදිහට. බොහොම අහිංසකව. යුවතියක් ලොව පැරණිම වෘත්තිය තෝරා ගන්නෙ බොහොම ඛේදජනක සිදුවීම් ගොන්නකට මුහුණ දුන්නට පසුව වීම අපි දන්න සමාජයේ සාමාන්‍ය ස්වභාවය වුවත් මධ්‍යම ප්‍රාන්තික ප්‍රංශ පවුලක දියණියක් වුන ඉසබෙල්ට මේ රැකියාව තෝරා ගැනීමට එහෙම ලොකුවට බලපෑව හේතුවක් තිබුනෙ නෑ. ඇය ජීවිතයේ නවමු අවධියකට සූදානම් වෙමින් සිටියා. ඇගේ සිතිවිලි – සිරුර.යොවුන් වයසේ අයෙකුට පොදුවූ ප්‍රේමය, ලිංගිකත්වය වැනි කාරණා පිළිබඳව කුතුහලය ඇය තුළ වැඩෙමින් තිබුණා.

තමන්ගෙ පවුලෙ අයත් එක්ක මුහුදුබඩ ප්‍රදේශයක නිවාඩුවක් ගත කරන්න ගිය ගමනෙදි, රාත්‍රියක මුහුදු වැල්ල මත ඇය තම ප්‍රථම ලිංගික අත්දැකීම ලබනව. ඒක ඇය සිතූ තරම් සුන්දර වූ, මිහිරි වූ අත්දැකීමක් නොවේ. කාලයක් තිස්සෙ ඇගේ යෞවනය අපේක්ෂා කළ ඒ දෙය පොත්වල, චිත්‍රපටවල තිබෙන තරම් සොඳුරුවූයේ හෝ රොමෑන්ටික් වූයේ නැහැ. එය සිදුවූයේ බොහොම හදිසියෙන්. කිසිම විශේෂත්වයක් නැතිවම. තමන්ගෙ දෙපා රත් පැහැ ගන්වමින් තමා සතුවූ කිසියම් දෙයක් තමාට අහිමි ව ගිය බැව් ඈට දැනෙන්නට ඇති. ජීවිතේ යථාර්ථයන් අපේ සිහින තරම් වර්ණවත් නොවන්නේ ඇයි…?

Young & Beautiful

ජීවිතේ සමහර සිදුවීම් අපිට අපි ගැනම කියාදෙනව. ඒ සිදුවීම් විසින් අපේ ප්‍රතිබිම්බය ගෙනවිත් අපේ ඇස් ඉස්සරහ තියනව. කල්පනාකාරී නිහඬ බවක් දැරුව, විටෙක ආවේගශීලී වුන මේ යුවතිය ඇයවත් නොදන්නා හේතුවක් මත පුරුදුකාරියක් මෙන් සිය ගණුදෙනුකරුවන් වෙත යනව. සාමාන්‍ය ඇඳුමකින් නිවසින් පිටවන යුවතිය මහමගදි සරාගිනියක් බවට වෙස් මාරු කරගන්නව. ඉතින් අනේකවිධ පිරිමි ඇසුරෙන් ඇයට ඈ අපේක්ෂා කළ කිනම් හෝ දෙයක් ලැබුනාද..? තරුණකම සහ සුන්දරත්වය විටෙක අවදානම් සහගතයි. ඉසබෙල්ගෙ ක්‍රියාවන් අපැහැදිළියි. ඒවාට නිශ්චිත හේතු පහදන්න පුළුවන්කමක් නැහැ. ඇගේ ක්‍රියාවන්ට හේතු ඇතැම්විට ඇයවත් නොදන්නවා ඇති. ඇගේ ක්‍රියාවන් ඇයටම අනන්‍ය වූ අයුරකින් තාරුණ්‍යය, ලිංගිකත්වය, සබඳතා ඇතිකරගැනීම වැනි අත්දැකීම් ලැබීමේ, ඉගෙනීමේ උත්සාහයක් ලෙසින් අර්ථ ගන්වන්නත් හැකියි.

ජීවිතේ එලෙසින් අවිනිශ්චිත වුණාම එක්තරා තැනකදි අපිට පුදුමාකාර හිස්කමක් දැනෙනව. අවිනිශ්චිත බව, හුදකලාව, පැටළුම් අතරින් ජීවිතේ ගලායද්දි බොහොම කලාතුරකින් අපේ ඇස් මානයට අපේ හිත හීනියට සනසන්න පුළුවන් බැඳීමක් ඇවිත් අපි ළඟ නතර වෙනව නොවේ, අපෙන් ඈතට යනව.

ඉසබෙල්ගෙ කතාව මොකක්දෝ හුදකලාවකින් අපේ හිත පුරවනව. යෞවනය මොන තරම් සුන්දරද…? අවදානම් සහගතද..? හිතුවක්කාරද..? රහස්වලට පෙම් බඳින්නේද…? ඉතින්, මොන තරම් වියපත් වූවත්, විටෙක අප සැවොම වැඩිහිටියන් වීමේ ආශාවෙන් උමතු වූ දහ හත් වැනි වියේ පසුවන්නන්ම නොවේද…?

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you