Jack Betts – ජනප්‍රිය හොලිවුඩ් නළුවෙකු වූ Jack Betts පසුගිය බ්‍රහස්පතින්දා (ජුනි 19) අභාවප්‍රාප්ත වී තිබෙනවා. කැලිෆෝර්නියාවේ Los Osos හි පිහිටි ඔහුගේ නිවසේදී Jack Betts මියගිය බව ඔහුගේ ඥාතියෙකු විසින් නිවේදනය කළා. මියයන විට ඔහුට වයස අවුරුදු 96 ක්. Jack Betts ගේ රංගන ජීවිතය දශක ගණනාවක් පුරාවට විහිදී යන අතර Spider Man (2002) චිත්‍රපටයේ Henry Balkan ගේ චරිතය, Friends කතාමාලාවේ Tom ගේ චරිතය ඒ අතරින් සුවිශේෂියි. Batman Forever (1995), Gods and Monsters (1998), Critical Mass (2001) ඔහු රඟපෑ චිත්‍රපට අතරින් කිහිපයක්. ඔපෙරා රංගනයද සිදු කළ Jack Betts,13 වැනි අමෙරිකානු ජනපති Millare Filmore ගේ ඥාතියෙක් බව පැවසෙනවා.
– variety ඇසුරිනි –