More
    spot_img
    FeaturesAir India Plane Crash තප්පර කිහිපයකින් ජිවිත දෙසිය ගණනක...

    Air India Plane Crash තප්පර කිහිපයකින් ජිවිත දෙසිය ගණනක ඉරණම වෙනස් කළ ගුවන් ගමන

    -

    spot_img
    Air India Plane Crash – ඉන්දියාවේ අහමදාබාද් හිදී අනතුරට පත් වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ මගීන් 242 අතුරින් 241 දෙනෙක්ම මිය ගොස් තිබෙන අතර දිවි ගලවා ගැනීමට සමත්ව තිබෙන්නේ එක් අයෙක් පමණයි. ඔහු ඉන්දියානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වන Ramesh Kumar. අනතුර සිදුවූ අවස්ථාවේ වීඩියෝ දර්ශනවල ඔහු ඇවිදගෙන යනු දක්නට ලැබුණා. ඔහුගේ තත්වය අසාධ්‍ය නොවන බැව් වෛද්‍යවරුන් පවසා සිටිනවා. රෝහල් සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දැක්වූ රමේෂ් පවසා සිටියේ යානය ගුවන් ගතවී තත්පර කිහිපයකට පසු විශාල ශබ්දයක් ඇතිවූ බව සහ යානය කඩා වැටුන බවත් සියල්ල විනාශ වීමට ඉතාම සුළු කාලයක් ගත වූ බවත් ය.

    Air India Plane Crash

    • Pratik Joshi පවුල
    රාජස්ථානයේ Pratik Joshi මෘදුකාංග වෘත්තිකයෙකු ලෙස වසර හයක් ලන්ඩනයේ සේවය කළේ තම බිරිය සහ දරුවන් සමග එහි පදිංචි වීමේ බලාපොරොත්තු සහිතවයි. සියල්ල සම්පූර්ණ කරගත් පසු ඔහු සහ ඔහුගේ බිරිඳ Komi Vyas දරුවන් තිදෙනා සමගින් සිය අළුත් ජීවිතය බලා ලන්ඩනය වෙත පියාසර කිරීමට සූදානම් වුවත් සිදුවූ අනතුර ඔවුන් සියළු දෙනාගේම ජීවිත අහිමි කළා.

    Air India Plane Crash

    • Nanabawa පවුල
    Akhil Nanabawa සහ Hann Voraj ඉන්දීය සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතිකයන්. ඔවුන් දෙදෙනා සහ ඔවුන්ගේ සිව් හැවිරිදි දියණියද අනතුරෙන් මිය ගියා. මේ යුවළ ගාසාතීරයේ අසරණ ජනතාව වෙනුවෙන් ආධාර ලබා දුන් බව පැවසෙනවා.

    Air India Plane Crash

    • Ngan Thoi Sharma
    අනතුරෙන් මිය ගිය විසි හැවිරිදි Nganthoi Sharma එයාර් ඉන්දියා කාර්යමණ්ඩලයේ අයෙක්. (ගුවන් සේවිකාවක්)

    Air India Plane Crash

    මොවුන් ද ඇතුලත් ව දිවි අහිමි වූවන් අතරට ඉන්දීය ජාතිකයින් 169 ක්, බ්‍රිතාන්‍ය ජාතිකයින් 53 ක්, පෘතුගීසි ජාතිකයින් 07 ක් සහ කැනේඩියානු ජාතිකයෙක් අයත්.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    weather red notice තද සුළං සහ රළු මුහුද ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

    weather red notice - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත්...

    A warning පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ල කරන බවට දුරකථන ඇමතුමක්

    A warning - උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී ඇති...

    Iran launches counterattacks ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක්

    Iran launches counterattacks - ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට ප්‍රතිචාර දක්වමින් ඉරානය අද අලුයම ඊශ්‍රායලයේ...

    Norochchole විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අද මැදියම් රැයේ සිට අක්‍රිය කෙරේ

    Norochchole - නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කරන බව ලංකා...
    - Advertisement -spot_img

    Norochchole විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අද මැදියම් රැයේ සිට අක්‍රිය කෙරේ

    Norochchole - නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කරන බව ලංකා...

    Remanded again තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්

    Remanded again - ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page