More
    spot_img
    ArtOlga Tokarczuk පෝලන්තයේ කුඩා හුදකලා ගම්මානයකින් ඇසෙන කතාවක්

    Olga Tokarczuk පෝලන්තයේ කුඩා හුදකලා ගම්මානයකින් ඇසෙන කතාවක්

    -

    spot_img

    Olga Tokarczuk – පෝලන්තයේ කුඩා හුදකලා ගම්මානයකින් ඇසෙන මේ කතාව ආරම්භයේ සිට අවසානය දක්වා කුතුහලය එක සේ රඳවා ගන්නා පාඨකයාව තිගැස්මට ලක් කළ හැකි ආකාරයේ අපූරු අවසානයක් රැගත් කෘතියක්. මනුෂ්‍යයන් වන අපි පෘථිවිය අප සතු දේපළක් බව විශ්වාස කරගෙන අපි වැනිම වූ අනිත් සත්ත්වයන්ගේ ජීවත්වීමේ අයිතිය උදුරාගෙන කටයුතු කරන්නේ සිත්පිත් නොමැති අය ලෙසින්. අපි සොබාදහම විසින් නිමැවූ තවත් එක් ජීව විශේෂයක් පමණක් බවත් පෘථිවිය අපේ තාවකාලික නවාතැනක් පමණක් බවත් මේ කතාව සිහි කැඳවනවා.

    “මෙය කුමනාකාරයේ ලෝකයක්ද? කෙනෙකුගේ ශරීරය, සපත්තු, මස් බෝල, සොසේජස්, ඇඳ ඇතිරිලි බවට පත් වේ. කෙනෙකුගේ ඇටකටු තම්බා සුපු හැදීම, කෙනෙකුගේ උදරයෙන් සපත්තු, සෝෆා, ඇතිරිලි හා උරමළු හැදීම, කෙනෙකුගේ ලොම්වලින් ඇඟ උණුසුම් කර ගැනීම, යමෙකුගේ ශරීරය ආහාරයට ගැනීම, පෙති වලට කපා බැඳ කෑමට ගැනීම, ඒක ඇත්තටම ඇත්තද…? මේ බියකරු සිහිනය සැබවින්ම සිදු වෙමින් තිබේද…? මේ සමූහ ඝාතනය, කුරිරු ආවේගශිලී, ස්වයංක්‍රීයව කිසිඳු හෘද සාක්ෂියක් නොමැතිව, චින්තනයට කෙටි විරාමයක් රහිතව, බුද්ධිමත් දර්ශනයන් හා දේවධර්මවාදයන් සඳහා ඕනා තරම් සිතිවිලි යොදති. ඝාතනය හා වේදනාව සාමන්‍ය වන මෙය කුමනාකාරයේ ලෝකයක්ද..? අපට මොකද වෙලා තියෙන්නෙ…?” (පි.124)

    Drive_Your_Plow_Over_The_Bones_of_the_Dead

    කතා නායිකාව මහළු ගැහැණියක්. පෝලන්තයේ ඈත කෙළවරක පිහිටි එම කුඩා ගම්මානයේ හුදකලා නිශ්ශබ්ද දිවිපෙවෙතක් ගත කළ ඇයගේ ජීවිතය උඩු යටිකුරු වන්නේ ඇගේ අසල්වැසියාගේ ඝාතනයත් සමගින්. එය මිනිමැරුම් මාලවක එක ඝාතනයක් පමණයි. බිග්ෆුට් නමැති මේ අසල්වැසියා නිරතුරුවම කැලයට වැදී සතුන් දඩයමේ යෙදුනු තැනැත්තෙක්.

    ගම්වැසියන් සියල්ලන්ම සේම මහළු කාන්තාවත් හිටියේ මිනීමරුවා කවුරුන්ද යන කුතුහලයෙන්. භීතිය කුතුහලය සැම සිතකම ලැගුම් ගෙන තිබුණා. සත්ත්ව හිංසනයට තදබල විරුද්ධතාවක් දැක්වූ ඇයගේ අදහස වූණේ මෙම මරණවලට හේතුව සොබාදහම බවයි. සතුන්ට හිංසා කරන අය සඳහා සොබාදහම හෝ නැතිනම් සතුන් එකට එක් රැස් වී මරණ දඬුවම ලබා දෙන බව ඇය පැවසුවා. ඒ කතාව කවුරුවත් විශ්වාස කළේ නැතිවාක් පමණක් නොවේ පොලිසිය විසින් ඇයව බාගෙට පිස්සු හැදුන මහළු ගැහැණියක් ලෙසින් හැඳින්වුවා.

    “රටක සත්තු ඒ රට ගැන ඇත්ත පෙන්නනව. සත්තු ගැන තියෙන ආකල්පය වගේම මින්ස්සු සත්තුන්ට අමානුෂික විදියට සලකනවනම් කොයියම්ම ප්‍රජාතන්ත්‍රවාදයක්වත් ඔවුන්ට උදව් කරන්නෙ නැහැ. ඇත්තටම මොකුත් වෙන්නෙ නැහැ” – (පි.117)

    Drive_Your_Plow_Over_The_Bones_of_the_Dead

    රැහැන් දමා බැඳ – නිදහස අහිමි කර – විසිතුරු ලෙස සරසා රටේ අභිමානය පෙන්වීමට මහමග රැගෙන යන “ධජයධාරී විශේෂයක්” ලෙසින් නම් කරනු ලැබූ අප රටේ ඇතුන් ඇතුළු අසරණ සතුන් සිහිගන්වන මේ ප්‍රකාශය මොන තරම් සත්‍යයද..? මේ කතාව මිනිසුන් සහ සොබාදහම අතර සම්බන්ධය, සත්ත්ව හිංසනය සහ අයිතිවාසිකම් පිළිබඳ හෙළිදරව් කරනවා. අතීතයේ ජීවත්වුන මිනිසුන් වර්තමානයේ අයට වඩා සොබාදහමට ආදරෙයි. තමන්ගේම විශ්වාස, ඇදහීම් තිබුණ ඔවුන් මිනිසා සොබාදහමේ කොටසක් පමණක් යන දේ මනාව දැන සිටියා. සොබාදහමේ නීතීන්ට පටහැනිවන අයට නිසැකවම දඬුවම් ලැබෙනු ඇති.

    Drive Your Plow Over the Bones of the Dead නොබෙල් ත්‍යාගය, මෑන් බුකර් සම්මානය යනාදී සම්මාන රැසකින් පිදුම් ලැබූ පෝලන්ත ජාතික ලේඛිකා Olga Tokarczuk ගේ විශිෂ්ටතම කෘතියක් ලෙසින් සැලකේ. මෙය රසවත් අයුරින් සිංහලට පරිවර්තනය කර තිබෙන්නේ රශ්මික මණ්ඩාවල විසින්.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Chief Secretary බස්නාහිර පළාතට නව ප්‍රධාන ලේකම්වරයෙක්

    Chief Secretary - බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කර තිබෙනවා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

    An objection පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානයකට විරෝධයක්

    An objection - නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ ඉඩමක පාස්ටර් ජෙරම් නැමැති පුද්ගලයෙකුගේ මූලිකත්වයෙන් ඉදිකිරීමට පියවර ගැනුණු යාඥා මධ්‍යස්ථානයේ ඉඩමට ආරක්ෂිත...

    Sri Lanka Airline ගුවන් යානයක් හදිසියේ කාර්මික දෝෂයකට

    Sri Lanka Airline - කටුනායක සිට සිංගප්පූරුව බලා ඊයේ (05) සවස පිටත්වූ UL-306 දරන ශ්‍රී ලංකන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම...

    Former Minister මර්වින් සිල්වාට අධි චෝදනා

    Former Minister - සිය නිත්‍යනුකූල ආදායම අබිබවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින්...
    - Advertisement -spot_img

    Former Minister මර්වින් සිල්වාට අධි චෝදනා

    Former Minister - සිය නිත්‍යනුකූල ආදායම අබිබවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින්...

    The weather ප්‍රදේශ රැසකට අදත් වැසි

    The weather - බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page