ArtOlga Tokarczuk පෝලන්තයේ කුඩා හුදකලා ගම්මානයකින් ඇසෙන කතාවක්

Olga Tokarczuk පෝලන්තයේ කුඩා හුදකලා ගම්මානයකින් ඇසෙන කතාවක්

-

spot_img

Olga Tokarczuk – පෝලන්තයේ කුඩා හුදකලා ගම්මානයකින් ඇසෙන මේ කතාව ආරම්භයේ සිට අවසානය දක්වා කුතුහලය එක සේ රඳවා ගන්නා පාඨකයාව තිගැස්මට ලක් කළ හැකි ආකාරයේ අපූරු අවසානයක් රැගත් කෘතියක්. මනුෂ්‍යයන් වන අපි පෘථිවිය අප සතු දේපළක් බව විශ්වාස කරගෙන අපි වැනිම වූ අනිත් සත්ත්වයන්ගේ ජීවත්වීමේ අයිතිය උදුරාගෙන කටයුතු කරන්නේ සිත්පිත් නොමැති අය ලෙසින්. අපි සොබාදහම විසින් නිමැවූ තවත් එක් ජීව විශේෂයක් පමණක් බවත් පෘථිවිය අපේ තාවකාලික නවාතැනක් පමණක් බවත් මේ කතාව සිහි කැඳවනවා.

“මෙය කුමනාකාරයේ ලෝකයක්ද? කෙනෙකුගේ ශරීරය, සපත්තු, මස් බෝල, සොසේජස්, ඇඳ ඇතිරිලි බවට පත් වේ. කෙනෙකුගේ ඇටකටු තම්බා සුපු හැදීම, කෙනෙකුගේ උදරයෙන් සපත්තු, සෝෆා, ඇතිරිලි හා උරමළු හැදීම, කෙනෙකුගේ ලොම්වලින් ඇඟ උණුසුම් කර ගැනීම, යමෙකුගේ ශරීරය ආහාරයට ගැනීම, පෙති වලට කපා බැඳ කෑමට ගැනීම, ඒක ඇත්තටම ඇත්තද…? මේ බියකරු සිහිනය සැබවින්ම සිදු වෙමින් තිබේද…? මේ සමූහ ඝාතනය, කුරිරු ආවේගශිලී, ස්වයංක්‍රීයව කිසිඳු හෘද සාක්ෂියක් නොමැතිව, චින්තනයට කෙටි විරාමයක් රහිතව, බුද්ධිමත් දර්ශනයන් හා දේවධර්මවාදයන් සඳහා ඕනා තරම් සිතිවිලි යොදති. ඝාතනය හා වේදනාව සාමන්‍ය වන මෙය කුමනාකාරයේ ලෝකයක්ද..? අපට මොකද වෙලා තියෙන්නෙ…?” (පි.124)

Drive_Your_Plow_Over_The_Bones_of_the_Dead

කතා නායිකාව මහළු ගැහැණියක්. පෝලන්තයේ ඈත කෙළවරක පිහිටි එම කුඩා ගම්මානයේ හුදකලා නිශ්ශබ්ද දිවිපෙවෙතක් ගත කළ ඇයගේ ජීවිතය උඩු යටිකුරු වන්නේ ඇගේ අසල්වැසියාගේ ඝාතනයත් සමගින්. එය මිනිමැරුම් මාලවක එක ඝාතනයක් පමණයි. බිග්ෆුට් නමැති මේ අසල්වැසියා නිරතුරුවම කැලයට වැදී සතුන් දඩයමේ යෙදුනු තැනැත්තෙක්.

ගම්වැසියන් සියල්ලන්ම සේම මහළු කාන්තාවත් හිටියේ මිනීමරුවා කවුරුන්ද යන කුතුහලයෙන්. භීතිය කුතුහලය සැම සිතකම ලැගුම් ගෙන තිබුණා. සත්ත්ව හිංසනයට තදබල විරුද්ධතාවක් දැක්වූ ඇයගේ අදහස වූණේ මෙම මරණවලට හේතුව සොබාදහම බවයි. සතුන්ට හිංසා කරන අය සඳහා සොබාදහම හෝ නැතිනම් සතුන් එකට එක් රැස් වී මරණ දඬුවම ලබා දෙන බව ඇය පැවසුවා. ඒ කතාව කවුරුවත් විශ්වාස කළේ නැතිවාක් පමණක් නොවේ පොලිසිය විසින් ඇයව බාගෙට පිස්සු හැදුන මහළු ගැහැණියක් ලෙසින් හැඳින්වුවා.

“රටක සත්තු ඒ රට ගැන ඇත්ත පෙන්නනව. සත්තු ගැන තියෙන ආකල්පය වගේම මින්ස්සු සත්තුන්ට අමානුෂික විදියට සලකනවනම් කොයියම්ම ප්‍රජාතන්ත්‍රවාදයක්වත් ඔවුන්ට උදව් කරන්නෙ නැහැ. ඇත්තටම මොකුත් වෙන්නෙ නැහැ” – (පි.117)

Drive_Your_Plow_Over_The_Bones_of_the_Dead

රැහැන් දමා බැඳ – නිදහස අහිමි කර – විසිතුරු ලෙස සරසා රටේ අභිමානය පෙන්වීමට මහමග රැගෙන යන “ධජයධාරී විශේෂයක්” ලෙසින් නම් කරනු ලැබූ අප රටේ ඇතුන් ඇතුළු අසරණ සතුන් සිහිගන්වන මේ ප්‍රකාශය මොන තරම් සත්‍යයද..? මේ කතාව මිනිසුන් සහ සොබාදහම අතර සම්බන්ධය, සත්ත්ව හිංසනය සහ අයිතිවාසිකම් පිළිබඳ හෙළිදරව් කරනවා. අතීතයේ ජීවත්වුන මිනිසුන් වර්තමානයේ අයට වඩා සොබාදහමට ආදරෙයි. තමන්ගේම විශ්වාස, ඇදහීම් තිබුණ ඔවුන් මිනිසා සොබාදහමේ කොටසක් පමණක් යන දේ මනාව දැන සිටියා. සොබාදහමේ නීතීන්ට පටහැනිවන අයට නිසැකවම දඬුවම් ලැබෙනු ඇති.

Drive Your Plow Over the Bones of the Dead නොබෙල් ත්‍යාගය, මෑන් බුකර් සම්මානය යනාදී සම්මාන රැසකින් පිදුම් ලැබූ පෝලන්ත ජාතික ලේඛිකා Olga Tokarczuk ගේ විශිෂ්ටතම කෘතියක් ලෙසින් සැලකේ. මෙය රසවත් අයුරින් සිංහලට පරිවර්තනය කර තිබෙන්නේ රශ්මික මණ්ඩාවල විසින්.

Latest news

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...
- Advertisement -spot_img

නීති තර්ක විශ්‍රාම යවා නීතිය නැවීම

නීති තර්ක විශ්‍රාම යවා නීතිය නැවීම ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධව කිරීමට නියමිත ව්‍යවස්ථාවේ සංශෝධනයක් ගැන...

තෙල්ගමු ඔය හරහා පාගමනින් පිටවලපතනට

තෙල්ගමු ඔය හරහා පාගමනින් පිටවලපතනට - Thulana Travel අපේ රට සොබා දහමේ අපූර්වත්වයෙන් පිරුණු රටකි. ලොව නන් දෙසින් මෙරටට ඇදෙන්නේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you