Kajal රංගනයෙන් දායක වෙන Maa චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පසුගියදා නිකුත් කෙරුණා. ත්‍රාසජනක කතා පුවතක් රැගත් මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයට බොහෝ ප්‍රතිචාර ලැබී තිබුණා. ආර්. මාධවන් සමග සිදුකළ සාකච්ඡාවකදී කාජල් චිත්‍රපටය සම්බන්ධව තම අදහස් ප්‍රකාශ කර සිටියා. එහිදී ඇය සඳහන් කලේ කාලි මෑණියන් කෙරෙහි ඈ තුළ වන ගෞරවාදරය චිත්‍රපටය සඳහා ඇගේ කැමැත්ත වැඩි කිරීමට එක් හේතුවක් වූ බවයි. පිටපත විශිෂ්ට එකක් බවත්, එය කියැවූ වහාම තමා මේ කතාවට කැමති වූ වගත් ඈ පවසා සිටියා.
Maa යක්ෂ ශාපයක් ඉවත් කිරීම වෙනුවෙන් කාලි මෑණියගේ ස්වරූපය ගත් මවක් පිළිබඳ කතාවක්. කාජල් සමගින් ඉන්ද්‍රනීල් සෙන්ගුප්තා, ජිටින් ගුරාටි, කෙරින් ෂර්මා රංගනයෙන් දායක වෙනවා. විශාල් ෆුරියාගේ අධ්‍යක්ෂණයක් වන මෙය නිෂ්පාදනය අජේ දේව්ගන් සහ ජෝති සුබරායන් විසින්. චිත්‍රපටය එළඹෙන ජුනි 25 වැනිදා හින්දි, දෙමළ, තෙලිඟු සහ බෙංගාලි භාෂාවලින් තිරගත වීමට නියමිතයි.
– mid day ඇසුරිනි –