More
    NewsKeheliya Rabukwella යළිත බන්ධනාගාරයට

    Keheliya Rabukwella යළිත බන්ධනාගාරයට

    -

    spot_img

    Keheliya Rabukwella – අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව  අත්අඩංගුවට ගත්  හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් සැකකාර හිටපු අමාත්‍යවරයා පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා. එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කළේ ඔහු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

     මෙම 2021 වසරේ සිට 2023 වසර දක්වා කාලසීමාව තුළ සැකකාර හිටපු අමාත්‍යවරයා ජන මාධ්‍ය,  සෞඛ්‍ය හා පාරිසරික අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇති බව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු කරුණු දැක්වුවා. එම අවස්ථාවේදී තම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කළ මෝදිත රත්නායක සහ සුමිත් යසරත්න යන පුද්ගලයින් දෙදෙනාට පිළිමතලාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක ගිණුමක් විවෘත කරන ලෙස කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි ද එම නිලධාරීන් එහිදී පැවසුවා.

     

    පසුව පුද්ගලයින් පස් දෙනෙකුගේ නම් නාමිකව සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට ඇතුළත් කර  ඔවුන්ට ලැබෙන වැටුප්, දීමනා හා අති කාල දීමනා හිටපු අමාත්‍යවරයාගේ උපදෙස් මත  පිළිමතලාව ප්‍රදේශයේ අදාළ පෞද්ගලික බැංකුවක විවෘත කරන ලද ගිණුමට යොමු කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙනවා.පසුව  මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 15 දෙනෙකුගේ ගිණුම්වලට  මුදල් පේ්්‍රෂණය කරන ලෙස කෙහෙළිය රඹුක්වැල්ලගේ උපදෙස් මත පිළිමතලාව බැංකු ශාඛාවට ස්ථාවර නියෝග ලබාදී ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් පැවසුවා.  එලෙස මුදල් ලබාගත් මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් සැකකරුගේ ආධාරකරුවන් මෙන්ම හිතවතුන් බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙනවා.

    අදාළ ගිණුමේ මුදල් ලබාගෙන හිටපු අමාත්‍යවරයා සිය ජල බිල්පත් හා විදුලි බිල්පත් ගෙවා ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි ද එම නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දැක්වුවා. එලෙස හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට නාමිකව ඇතුළත් කරන ලද පුද්ගලයින් 15 දෙනා කැඳවා ප්‍රශ්න කළ බවත් තමන් සැකකරු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එවැනි රැකියාවක් කර නොමැති බව ප්‍රකාශ කළ බවත් එවැන්නක් තමන් දැන ගත්තේ අල්ලස් කොමිසම විසින් කැඳවා ප්‍රශ්න කළ අවස්ථාවේදී බවත් එම පුද්ගලයින් විසින් ප්‍රකාශ ලබා දී තිබෙනවා.

    එම ක්‍රියාව තුළින් සැකකාර හිටපු අමාත්‍යවරයා රුපියල් අසූ ලක්ෂ 58,814කට අධික මුදලක් රජයට පාඩු සිදු කරමින් දූෂණය නැමැති වරද සිදුකර ඇතැයි අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වුවා. එම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලීමක් කළා. සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා සේවකයින් බඳවා ගැනීමට අමාත්‍යවරයෙකුට බලය තිබෙන බවත් එසේ බඳවා ගන්නා සේවකයින් අමාත්‍යංශයට වාර්තා කළ යුතු බවට නීතියක් නොමැති බවත් කියා සිටියා.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.  මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මහර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

    අධිකරණය මඟහැරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු  නිකුත් කර තිබුණා. ඒ, කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලිපිලේඛන සකසා අලෙවි කිරීමේ සිද්ධියකට අදාළවයි. ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අද පෙරවරුවේ අධිකරණයට භාර වී තිබෙනවා. එහිදී හිටපු අමාත්‍යවරයා ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගත කරන ලෙසට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page