NewsKeheliya Rabukwella යළිත බන්ධනාගාරයට

Keheliya Rabukwella යළිත බන්ධනාගාරයට

-

spot_img

Keheliya Rabukwella – අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව  අත්අඩංගුවට ගත්  හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් සැකකාර හිටපු අමාත්‍යවරයා පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා. එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කළේ ඔහු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

 මෙම 2021 වසරේ සිට 2023 වසර දක්වා කාලසීමාව තුළ සැකකාර හිටපු අමාත්‍යවරයා ජන මාධ්‍ය,  සෞඛ්‍ය හා පාරිසරික අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇති බව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු කරුණු දැක්වුවා. එම අවස්ථාවේදී තම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කළ මෝදිත රත්නායක සහ සුමිත් යසරත්න යන පුද්ගලයින් දෙදෙනාට පිළිමතලාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක ගිණුමක් විවෘත කරන ලෙස කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි ද එම නිලධාරීන් එහිදී පැවසුවා.

 

පසුව පුද්ගලයින් පස් දෙනෙකුගේ නම් නාමිකව සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට ඇතුළත් කර  ඔවුන්ට ලැබෙන වැටුප්, දීමනා හා අති කාල දීමනා හිටපු අමාත්‍යවරයාගේ උපදෙස් මත  පිළිමතලාව ප්‍රදේශයේ අදාළ පෞද්ගලික බැංකුවක විවෘත කරන ලද ගිණුමට යොමු කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙනවා.පසුව  මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 15 දෙනෙකුගේ ගිණුම්වලට  මුදල් පේ්්‍රෂණය කරන ලෙස කෙහෙළිය රඹුක්වැල්ලගේ උපදෙස් මත පිළිමතලාව බැංකු ශාඛාවට ස්ථාවර නියෝග ලබාදී ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් පැවසුවා.  එලෙස මුදල් ලබාගත් මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් සැකකරුගේ ආධාරකරුවන් මෙන්ම හිතවතුන් බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙනවා.

අදාළ ගිණුමේ මුදල් ලබාගෙන හිටපු අමාත්‍යවරයා සිය ජල බිල්පත් හා විදුලි බිල්පත් ගෙවා ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි ද එම නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දැක්වුවා. එලෙස හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට නාමිකව ඇතුළත් කරන ලද පුද්ගලයින් 15 දෙනා කැඳවා ප්‍රශ්න කළ බවත් තමන් සැකකරු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එවැනි රැකියාවක් කර නොමැති බව ප්‍රකාශ කළ බවත් එවැන්නක් තමන් දැන ගත්තේ අල්ලස් කොමිසම විසින් කැඳවා ප්‍රශ්න කළ අවස්ථාවේදී බවත් එම පුද්ගලයින් විසින් ප්‍රකාශ ලබා දී තිබෙනවා.

එම ක්‍රියාව තුළින් සැකකාර හිටපු අමාත්‍යවරයා රුපියල් අසූ ලක්ෂ 58,814කට අධික මුදලක් රජයට පාඩු සිදු කරමින් දූෂණය නැමැති වරද සිදුකර ඇතැයි අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වුවා. එම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලීමක් කළා. සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා සේවකයින් බඳවා ගැනීමට අමාත්‍යවරයෙකුට බලය තිබෙන බවත් එසේ බඳවා ගන්නා සේවකයින් අමාත්‍යංශයට වාර්තා කළ යුතු බවට නීතියක් නොමැති බවත් කියා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.  මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මහර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

අධිකරණය මඟහැරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු  නිකුත් කර තිබුණා. ඒ, කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලිපිලේඛන සකසා අලෙවි කිරීමේ සිද්ධියකට අදාළවයි. ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අද පෙරවරුවේ අධිකරණයට භාර වී තිබෙනවා. එහිදී හිටපු අමාත්‍යවරයා ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගත කරන ලෙසට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

තනිවෙන්න හිතෙන එක ලෙඩක්ද?

තනිවෙන්න හිතෙන එක ලෙඩක්ද? ''මට ටිකක් තනියම ඉන්න දෙන්න'' මේ ඔබට හුරු පුරුදු වාක්‍ය කණ්ඩයක් වනවාට සැක නැත. ඒ් තනියම...

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you