NewsVisit Vietnam ජනපති වියට්නාම් සංචාරයකට

Visit Vietnam ජනපති වියට්නාම් සංචාරයකට

-

spot_img

Visit Vietnam –  ජනාධිපති අනුර කුමාර දිසානායක මැයි 04 වැනිදා සිට 06 වැනිදා දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව වියට්නාමයේ ජනාධිපති Luong Cuong ගේ ආරාධනයක් අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම සංචාරයට එක්වන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම සංචාරයේදී ජනාධිපති දිසානායක වියට්නාමයේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, එරට කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් හමුවිමට නියමිතව තිබෙනවා. එමෙන්ම හෝ චි මිං නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත අතර, එහිදී ජනාධිපතිවරයා විසින් ප්‍රධාන දේශනයක්ද පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

වියට්නාම සමාජවාදී ජනරජය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 55 ක් සපිරෙන බැවින්, මෙම සංචාරයේදී දෙරට අතර ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමට අපේක්ෂා කරන බවයි එහි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you