NewsAirport කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට

Airport කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට

-

spot_img

Airport – කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්. ඔහු බ්‍රසීලයෙන් කටාර් රාජ්‍යය වෙත පැමිණ, දෝහා සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එම පුද්ගලයා ගෙන ආ කුඩා බෑග් 07ක් තුළ අසුරා තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04යි ග්‍රෑම් 855ක් සොයාගෙන තිබෙනවා. එම කොකේන් මත්ද්‍රව්‍ය තොගය බ්‍රසීලයෙන් රැගෙන, ඒවා කාඩ්බෝඩ් මත අලවා ඒ මත කළු පැහැති කඩදාසිද අලවා, කාඩ්පත් 02 බැගින් කුඩා බෑග් 07ක එලෙස අසුරා ගමන් මල්ලේ සඟවා තිබීයදී සොයාගත් බවයි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය පැවසුවේ. එලෙස සොයාගත් කොකේන් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් පමණ වන බවටද අනාවරණ වී තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ 59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙක්.

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you